2011/08/25

එන්ඩලා සිත්තර තරගෙ පටන්ගත්තා | ඡන්දය දමන ස්ථානයට >>>

හොව් මුලින්ම ඔය මාමලා නැන්දලා කරුණාකරලා තම තමන්ගේ කම්පියුටර් වල තියෙන මවුස් එකේ මැද රෝදේ අතඅරින්ඩ.

දැං ‍රෝදේ කරකව කරකව සිත්තර හොයන්නැතුව කරුණාකරලා මේ ටික කියවලා ඉන්ඩ.

එදා මගේ ඇත්ත කීමේ පලවිපාක ගැන කියවෙන ලියමන කියෝලා සිත්තර ඇඳලා එවපු ඔක්කෝමට ස්තුතියි. මේ වගේ සිත්තර තරගයක් සංවිධානය කරන්න මම කාලෙක ඉදලයි බලාගෙන හිටියෙ. අද ඒකත් හරි ගියා.

දැං මෙහෙමයි!

එදා මං කිව්ව වෙලාවේ ඉදලා තනිකර එක දෙසීයක් විතර සිත්තර ආවා කිව්වොත් ඕගොල්ලං ඒක පිළිගන්නවද?

ඉතිං එහෙම ආපු සිත්තර වලින් අන්තිම හොඳ සිත්තරයි කියන්ඩ පුලුවන් ඒවා 9 ක් අවසාන වටයට තෝරගත්තා. ඒවා තමා පහල තියෙන්නෙ.

ඕගොල්ලන්ට තියෙන්නෙ කතාවේ ඒ ඒ තැන්වලට අදාල සිද්ධිය මතක් කරලා සිත්තරේ විචාරය කරන එකයි. ඒ එක්කම “මම නං වැඩිය කැමති මේකටයි“ කියලා ඡන්දයක් දෙන්නත් අමතක කරන්න එපා.

තෑගිබෝග

සිත්තර එවපු අයට-

ඕගොල්ලන්ගෙන් වැඩිම මනාප අරගෙන ජනප්‍රියම සිත්තරේ ඇඳලා එවපු කෙනාට කෙහෙල්කොටුවේ චුටිමහත්තයා අභියෝගතා කුසලානෙත් එක්කලා වටිනා තෑග්ගක් හම්බවෙනවා.

ඡන්දෙ දාන අයට-

ඒ විතරක් නෙමේ, අහවල් සිත්තරේ අහවල් විදිහට ඇඳලා තියෙන හින්දා අහවල් විදිහට පේනවාය, අහවල් විදිහට ආවානම් අහවල් සිත්තරෙත් නරක නෑය, අහවල් එක නං මට නියමය, අහවල් එකේ අහවල් එක නැති හින්දා අහවල් තැනට එන්ඩ බැරි වෙන්ඩ ඉඩ තියෙනවාය, අහවල්, අහවල්, අහවල් හේතු හින්දා මෙයාගෙ සිත්තරේනම් එක වෙන්ඩම ඕනැය වගේ ලස්සන විදිහට, විද්වත් විදිහට විචාරය කරන කට්ටියගෙනුත් හොඳම එක්කෙනෙක් තොරලා එයාටත් කෙහෙල්කොටුවේ චුටිමහත්තයා අභියෝගතා කුසලානෙත් එක්කලා වටිනා තෑග්ගක් දෙන්නයි මම කල්පනා කරගෙන ඉන්නෙ.

දැන් සිත්තර ප්‍රදර්ශණයට අපි යන්ඩ යන්නෙ. මං දැන් සිත්තර ඉදිරිපත් කරන්නෙ මට එවපු හැටියටයි. සිත්තරේ ඔරිමජිනල් සයිස් එකෙන් බලන්ඩ ඒක උඩ ක්ලික් කරලා ලොකු කරගන්ඩ පුලුවන්.

01. පළවෙනි සිත්තරේ අපිට යොමු කරලා තියෙන්නෙ කාලෙක ඉදං බ්ලොග් එකක් කරගෙන යන තට්ට මාමා කෙනෙක්. අපි එයාට කියන්නෙ කතන්දරකාරයා කියල. මේ තියෙන්නෙ එයාගේ සිත්තරේ. වෙලාව කියන්නෙ එයා සිත්තරේ අදින්න ඔහොම මෙහෙම තියෙද්දිලු අපායෙ කරන්ට් එක ගිහිං තියෙන්නෙ. මේක බලන්ඩ ඕනැම නං කරුණාකරලා ඕගොල්ලං ගානේ ටොච් එලියක් පත්තුකර ගන්ඩ වෙනවා.


02. මේ තියෙන්නෙ ඊලග සිත්තරේ. මේ සිත්තරේ අපිට යොමු කරලා තියෙන්නෙ හෙන ඈතක ජීවත්වෙන එක්කෙනෙක්. පිළිගන්න එයා තමා අපේ මකර රජදහනේ මකර අධිරාජ්‍යයා. ඇත්තටම අධිරාජ්‍යයක් මේවගේ සිත්තරයක් අඳින්න වෙලාවක් හොයා ගත්ත එක ගැනම අපි සතුටු වෙන්ඩ ඕනැ නේද? වැඩේ කියන්නෙ පලවෙනි පාර ඇන්ද සිත්තරේ රැගුම් පාලක මණ්ඩලෙන් කපලා දැම්මාලු. ඒත් එයා නෙමේයිලු සැලුනෙ. මේ තියෙන්නෙ දෙවෙනි පාර ඇන්ද සිත්තරේලු.


03. දැන් අපි යන්නෙ තුන් වැනි සිත්තරේ දිහාවට. ආ....මේ සිත්තරෙ අපිට යොමු කරලා තියෙන්නෙ වලව්වකින් වගේ පේන්නෙ. කෝ බලන්ඩ....ආ ඔව්නෙ..... මේ සිත්තරෙ අපිට එවලා තියෙන්නෙ....... පිළිගන්න....... පොඩි කුමාරිහාමි හෙවත් පොඩ්ඩි නැන්දා හුරේ..........


04. දැන් හතරවෙනි සිත්තරේ.....මේ සිත්තරෙ නම් මං අයින්කරන්ඩමයි ගියේ. මොකද මං කවදාවත් මේ වගේ පෙරේතකමට නෙක්ටො බොයි කියලා ඕගොල්ල හිතනවද? ඒත් අර පොඩ්ඩි නැන්දගේ වලව්වෙ යාලුවෙක් කිව්ව හින්දා කෝකටත් කියලා මං දැම්මා තරගෙට. ඔව් මේ සිත්තරේ අපිට එවලා තියෙන්නෙ පොඩ්ඩි නැන්දගෙ යාලු නැන්දා නීතා නැන්දා...........හුහුහුරේ......

05. දැන් පස්වෙනි සිත්තරේ.... කෝ බලමු. ආ....මේ තියෙන්නෙ පාට පාට සිත්තරයක්. ආනේ මේ සිත්තරේ එවලා තියෙන්නෙ කව්රු කියලද ඕගොල්ල හිතන්නෙ..... ඕගොල්ලන්ට නං කවදාවත් හිතාගන්ඩ බැරි වෙයි...ඒ හින්දා මං ම කියන්නම්.. ඔව් පිළිගන්න අපේ පුසා මාමා............................. පුරු පුරු පුරු.....ආහ් වැරදුනා....හුහ්හුහ් හුරෙ..........


06. දැං හයවෙනි සිත්තරේටයි වගකියන්න යන්නෙ......කෝ..... බලමු, ඔව් ඒකත් පාට පාට සිත්තරයක් මට පේන්නෙ මේ මාමනං කොම්පියුටර් ජිල්මාට් දන්න මාම කෙනෙක් වගේ...... ආනේ ඔව්මනේ........ මෙන්න පිලිගන්න වගමාමා................ සමාවෙන්ඩ! සමාවෙන්ඩ!! ගීතික දිල්රුක් මාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමා.......

07. හත්වෙනි සිත්තරේ ඇඳලා තියෙන්නෙ කව්රු වෙන්ඩැති කියලද ඕගොල්ල හිතන්නෙ.......ඒක දැනගත්තම ඕගොල්ල පුදුමවෙයි....... මොනා උනත් චුටිමහත්තයා වැදගත් විදිහට ඉඳගෙන ඉන්න විදිහ ඇඳලා තියෙනවා...... ඔව් පිලිගන්න හත්වෙනි සිත්තරේ හා පැටික්කීකීකී...........................නැන්දා........


08. ඔන්න දැං අට වෙනි එක...... අනේ මේක දැක්කම නං මගේ ඇහැට කඳුලු ආවා. මේකෙ තිබ්බ රොඩ්ඩක් ඇහැට ගිහිං. මොනා නැතත් හඹරාදූවේ නැන්දගේ හැට්ටෙ නං බලාහිටිය වගේ ඇඳලා තියෙනවා........කෝ.... මෙන්න පිලිගන්න සිත්තරෙට උපන් හපං....... උන්නැහේ මාමා පිලේ පැඳුරෙන්......

09. ඔව් දැන් තියෙන්නෙ වාසනාවන්ත අන්තිම සිත්තරේ..... මේ සිත්තරේ අපිට ගෙනැල්ලා දුන්නෙ අපි සිත්තර බාර ගන්න එක නවත්තන්ඩ ඔහොම මෙහෙම තියෙද්දියි.....ඒත් අයින් කරන්නෙ කොහොමද අප්පා මාව මෙච්චර හුරුබුහුටියට ඇඳලා තියෙද්දි..... ඒ හින්දා පිළිගන්න...... ඔව්....... අපේ අන්තිම සිත්තරේ පැතුම් හර්ෂන මාමා......හුරේ...........

ඔන්න එහෙනම් සිත්තර ටික හඳුන්වලා දීලා ඉවරයි. කුදු රම්බෝ! මගේ උගුරත් මොනාදෝ වෙලා මේවා හඳුන්වලා දීලම. එහෙනම් ඔන්න මගේ රාජකාරිය ඉවරයි. දැං තියෙන්නෙ ඕගොල්ලගෙ හරිය. ඒ මං මුලින් කිව්ව විදිහට සිත්තර ටික තෝරලා දෙන එක.

දැන් ඕගොල්ලන් පොරකන්නැතුව පෝලිමේ ඇවිදින් ඡන්දෙ දාලා යන්ඩ. අහවල් විදිහට විචාරයකුත් තිබුනොත් ඒගොල්ලන්ටත් තෑගි දිනා ගන්න පුලුවන් වෙයි. ඡන්දෙ දාන්න පුලුවන් අන්තිම වෙලාව ඉරිදා හවසින් ඉවර වෙනවා.

හරි! දැනට මම නවතිනවා. බලමු කව්ද දිනන්නෙ කියලා. ස්තුතියි!

.........................

-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා

175 ක් කියන්නේ !:

  1. මං නං කැමති පොඩ්ඩි අක්කගෙ එකට ඕං...

    ReplyDelete
  2. පොඩ්ඩි නැන්දාගේ සිත්තරේ මරුය. චූටි මහත්තයා පවුය. ඒත් සෝක් එකට කටු ඇනගෙන ඇති බව පේනවාය. ඒ නිසා මගේ මනාපය පොඩ්ඩි නැන්දාටය....
    හොව් හෝව්..
    පොඩ්ඩි නැන්දාගේ සිත්තරේටය...:D D D

    ReplyDelete
  3. කතන්දරගෙ චිත්‍රය තමයි සම්භාව්‍ය.

    ReplyDelete
  4. මගේ ඡන්දය "කතන්දරකාරයා" මාමා ට

    ReplyDelete
  5. මම කැමති කතන්දර ගේ චිත්ත්රේට මොකද කළුවරේ උනත් හොඳට ඇඳල තියෙනවා

    ReplyDelete
  6. මං නං ඡන්දෙ දෙන්නෙ උන්නැහේ මා‍මගෙ සිත්තරේට තමයි. හබරාදූවෙ නැන්දගෙ මූන ඇඹුල් වෙලා තියෙන හැටියි, අනික් කට්ටිය හබරාදූවෙ නැන්දට කොචොක් එක දාන හැටියි නියමෙට ඇදල තියෙනව ඒකෙ.
    (හොර ඡන්ද දාන්න බැරිද?)

    අර කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා අභියෝගතා කුසලානය මොනවයින්ද හදල තියෙන්නෙ.

    ReplyDelete
  7. [ ඇත්තටම හොඳයි! අර අහවල් චිත්‍රෙ අහවල් එක නැති හින්ද අහවල් විදිහට පේන්නෙ නෑ :D ]

    අනේ චිත්‍ර ගැන අහවල් එව්ව කියන්න මම දන්නෙ නෑනෙ බුද්ධි අයිය...ඒත් මීකට කෙමෙන්ට් එකක් දාන්න ඌනිනෙ [මුකද මම හැමදාම මීක කියෝනවනෙ]. මුනා උනත් අර හර්ෂන මාමගෙ චිත්‍රෙ උයා හරි හොර බොහොටි නිසා මම ඊකට කැමතී

    ReplyDelete
  8. මම නං වැඩිය කැමති

    1 . පොඩ්ඩි නැන්දා
    2. පොඩ්ඩි නැන්දගෙ යාලු නැන්දා නීතා නැන්දා
    3. හා පැටික්කීකීකී නැන්දා.

    ====
    කතන්දරකාරයා ගේ චිත්තරේ වර්ණ සංකලනය හොඳ මදි. ඒකවර්ණ චිත්‍රයක් විදිහට ඇන්දනම් මීට වඩා සාර්ථක වෙන්න තිබ්බා
    =====
    මම මුලින් ඇන්ද චිත්තරේ කොට කලිසම නෑ. ඒක මීට වඩා නරඹන්නන්ට ආකර්ශනීයයි. කොහෙඩ මේ රැඟුම් පාලක මණ්ඩලේ එක්ක බෑනෙ. චූටි මහත්තයාට අන්දපු කොට කලිසම හින්දා චිත්තරේ ගෘංගාරාත්මක වටිනාකම එහෙමපිටින්ම නැතුව ගිහින්
    =====
    පොඩි කුමාරිහාමි ඇන්ද චිත්තරේ ගහේ කටු මීට වඩා උල් කළානම් තව ලස්සනයි
    =====
    නීතා නැන්දගෙ චිත්තරේ චූටි මහත්තයට දල දෙකකුත් ඇන්දනම් නියම යකා
    =====
    පූසාගෙ චිත්තරේ අතාත්විකයි. මේසෙ උඩ කැවුම් කෙසෙල් කිරිබත් එහෙම ඉතුරු වෙලා තියෙනවා. එහෙම වෙන්න බෑනෙ. මෙකෙත් දල 2ක් දැම්මනම් නියම යකා
    =====
    ගීතික දිල්රුක් මාමගෙ චිත්තරෙත් අතාත්විකයි. මේසෙ උඩ මොකුත් ඉතුරු වෙලා තියෙන්න බෑ
    =====
    හා පැටිස්ගෙ චිත්තරේ වර්ණවත් මදි. චූට් මහත්තයව පුටුවට තියල ෆ්‍රේම් කරල නොතිබ්බනම් හොඳයි වගේ
    =====
    උන්නැහැ මාමගෙ චිත්තරෙත් වර්ණවත් මදි. නැන්දල මාමල කටේ කැවුම් පුරවගෙන ඉන්න විදිහ ඇඳල තියෙන එක හරි මදි
    ======
    පැතුම් හර්ෂන මාමාගෙ චූටි මහත්තයාට සරමක් අන්දල. චූටි මහත්තයගෙ කතාව කියවල නෑ. කතාවෙ තියෙන්නෙ කොට කලිසමක්. අනික චූටි මහත්තයව මීට වඩා ඇට්ටර පෙනුමට අඳින්න එපැයි

    ReplyDelete
  9. හැම චිත්‍රයක්ම ඉතා උසස් මට්ටමක පවතින හන්දා විනිශ්චයක් දීම ඉතාමත් අසීරුයි. ඒත් මේ චිත්‍ර දිහා බලනකොට ඒ අතරේ නොම්මර එකට, නැත්නම් මුල් තැනට වැටෙන්නේ වලව්වේ පොඩි කුමාරිහාමිගේ චිත්‍රයයි. කට්ටිය බලන්ට එක සරල රේඛා චිත්‍රයකින් පොඩ්ඩි 'බොරු කියපු චූටි මහත්තයා' කටු ඉඹුලේ නග්ගලා තියන හැටි. ඒක අපූරුවට ගැලපෙනවා චූටි මහත්තයා බයවෙලා 'කටු ඉඹුල' ගැන කල්පනා කරන ස්තානයට. චූටි ලමයෙකුට ඊට වඩා හිතාගන්ට අමාරුයි. එයාට කටු පේන්නේ ගහටත් වඩා ලොකුවට. කෑ ගහනවා මට බෑ කියලා. ඒ වගේම කටින් ලේ එනබවකුයි ඔහුට දැනෙන්නේ. ඒ නෙක්ටෝ ගැන කල්පනා කරමින් ඉන්න හන්දා...ඒකත් පවක්ද දන්නේ නෑ කියලා ඒ පුංචි ඔලුවට හිතෙනවා ඇති.

    දෙවන ස්තානයට මා තෝරනවා නීතාගේ නෙක්ටෝ බොන චූටි මහත්තයාගේ පින්තූරයට. ඔහුගේ කෑදරකම (සමාවෙන්ට, බලවත් ආසාව ) මේ චිත්‍රයෙන් මොනවට විදහා දැක්වෙනවා. නැන්දලාගේ ප්‍රශ්නවලට උත්තර දෙන ගමන් ඔහු නෙක්ටෝ ගැන හිතමින් ඉන්න විදියට මේ චිත්‍රය දක්වන්ට පුලුවනි.

    තුන්වෙනි ස්තානය කතන්දරට. ඒක කතාවේ අන්තිමට දාන්ට පුලුවනි. නෙක්ටෝ කොච්චර බීවාද ඇඟේ සීනි ප්‍රමානය කොච්චර වැඩි උනාද කීවොත් චූටි මහත්තයට ලෝකයම අඳුරුවෙලා පේන හැටියකුයි මින් දැක්වෙන්නේ.

    අනෙක් චිත්‍ර අතරින් වඩාත් හිත් දිනාගත්තේ මකරාගේ චිත්‍රය, හා පැටික්කිගේ චිත්‍රය හා පූසාගේ චිත්‍රයයි.
    මකරා චූටි මහත්තයාගේ කලිසම ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියනවා. එය සැලකිල්ලට ගත යුත්තක්. පූසාගේ චිත්‍රය ඉතා ලස්සන උනත්, පොඩ්ඩි පොඩි කාලේ ඕනෑ නැති ඩ්‍රින්ක් එකක් බීවොත් අප්පච්චි ඔය විදියට ඔලුව අතගානවා මතක නැති හන්දා එහි සත්‍යතාවය ගැන මට මෙහිදී පොඩි ප්‍රශ්නයක් එනවා. හා පැටික්කිගේ චිත්‍රයත් ඉතාම සුන්දරබවත්, උසස් ගනයේ බවත් අමතක නොකරම සඳහන් කල යුතුයි.

    මෙතරම් උසස් නිර්මාන රැසක් එක තැනක දකින්ට ලැබීම ගැන පොඩ්ඩිට ඉතාමත් ප්‍රීතියි.

    I haven't had this much fun in such a long, long time…...

    Thanks චූටි මහත්තයෝ...:D:D:D

    ReplyDelete
  10. සික් මට එවන්ඩ බරි උනානේ සිත්තරයක්. අපසාදෙ. උන්නැහේ මාමාගෙ සිත්තරේ හොඳයි පළවෙනි තැනට. පාට පොඩ්ඩක් දැම්ම නං මරේ මරු. කතන්දර මාමාගේ සිත්තරේ සම්භාව්‍ය වැඩී. අන්තිම සිත්තරෙත් හුරුබුහුටි ගතියෙක් තියේ.

    ReplyDelete
  11. මම කැමති
    1.හා පැටික්කිගේ චිත්‍රය
    2. මකරාගේ චිත්‍රය
    3. පොඩ්ඩි නැන්දාගේ චිත්‍රය

    ReplyDelete
  12. හප්පට සිරි චන්දයක් දෙන්න බැරුවා...
    මටනම් ඔක්කොම ලස්සනයි...
    පැතුම් හර්ෂණ මාමගේ එකට ඕන් කොහොම හරි හිත හදාගත්තා... ඒකට මගේ චන්දය දාන්න..

    කසූගේ ඒක පේන්නේ නෑනේ හරියට.. රෙසලූෂන් වැඩි කරලත් බැලුවා..ම්ම්හු..

    ReplyDelete
  13. මට මතක් වුනා ඉස්සර ජාතික රුපවාහිනියේ ඉරිදා උදේ ආයුබොවන් වැඩ සටහනෙ ලමා ච්ත්‍ර පෙන්වන කොටස..ඒකත් මේ වගේ අප්පා කොච්චර අපුරු වැඩ සටහන් ද නේද ? චූටි මාත්තියාට මතකයි ද ? කොටුවෙ පැන්න නැති ඉරිදා දවසක් තිබ්බ නම් මතක ඇති..

    ReplyDelete
  14. මගේ මනාපය පොඩ්ඩි නැන්දාටය....
    දෙවනුව නීතා නැන්දාටය.....
    උන්නැහේ මමාගෙ චිත්‍ර කවදත් මරුය....... දැන් නිතර දකින්න නොලැබීම ගැන කනගාටුය.

    මනාප දීමට හේතු ගැන මතන කතාකොරන්න ගියොත් මනාපය අමනාපයක් දක්වා වර්ධනය විය හැක. එහෙයින් විචාර නැත.
    :D:D:D:D:D

    ReplyDelete
  15. 1.පිලෙ පැදුරයි
    2. හාපැටික්කි
    3. පුසා

    නැහැ නැහැ හාපැටික්කි 3 වැනි ස්තානට දාන්න පුසව දෙකට දාන්න. කෙල්ලන්ට උඩට එන්න දෙන්න හොදනැහැ..

    ReplyDelete
  16. අප්පා..එකක් කියලා ‍තෝරන්නෙ කොහොමද අනේ...ඔක්කොම ලස්සනයි නේ..ඒත් අපේ කතන්දර මාමාගේ චිත්තරේ තමයි ලස්සනම...කියලා වැඩක් නෑ ඒකනම්..:D

    ReplyDelete
  17. මම නම් වැඩිපුරම කැමති කතන්දර මාමගෙ චිත්‍තරේට... ඒ හින්ද ඒක ගැන විතරයි කියන්නෙ...

    කතන්දර මාම යොදගෙන තියෙන වර්ණය ගැන මුලින්ම කියනව නම් ඇසට කිසිම අමාරුවක් නැති වර්ණයක්.. ලයිට් එක වගේ දිලිසෙන මොනි‍ටරේ ඇතුලෙන් මේක පේද්දි ඇහැට මාරම සිසිලක් දැනෙනව...

    අනිත් කාරනේ ‍කතන්දර මාමගෙ චිත්තරයෙන් අපාය කියන්නෙ හිතන් හිටියටත් වඩා භය‍ හිතෙන තැනක් කියන එක උලුප්පා පෙන්වීමක් කරල තියෙනව.. මෙහෙදි වුනත් කළුවරට බය මිනිස්සු ඉන්න එකේ අපායෙ කටුඉඹුලෙ නගිද්දි කරන්ට් ගියොත් කොහොමද කියල හිතාගන්නකො... හිතන කොටත් භයානකයි..

    ඒ වගේම මෙකෙන් අපායෙ වගේම මේ ලෝකෙදිත් විදින්න වෙන දුක් ගැන මතක් කරල දීල තියෙනව..

    අනෙක් අතට වර්තමාන නීති වලට යටත්ව කරපු නිර්මාණයක් මේක... කටුඉඹුලෙ නගින නිර්වස්තර මිනිස්සුන්ව පෙන්නල ඇන්දනම් නිතී කැඩෙනව වගේම පොඩි උනුත් නරක් වෙනවනෙ...

    මම මේ චිත්තරේ දකින හොඳම කාරණාව තමයි අනෙක් චිත්තර වලින් නරඹන්නන්ගෙ දැක්මට යම් සීමාවන් පනවල තියෙද්දි මේ කතන්දර මාමගෙ චිත්තරේ සියලුම සීමා මායිම් බිඳල දාල ප්‍රේක්ෂකයට කැමති ආකාරයෙන් තමන්ගෙ හිතේ චිත්තරේ මවාගන්න ඉඩදීල තිබීම.. මේක චිත්‍රකලාව අලුත් මානයකට ගෙනයෑමක් කියලත් කියන්න පුළුවන්...

    කතන්දර මාමට ජය...

    ReplyDelete
  18. 1. මමත් කැමති හර්ශණ මාමගෙ චිත්තරේට... චරිත
    දෙකකින් ලොකු දෙයක් කියල තියෙනව..(දහම් පාසල් යන ළමයෙක් සරම අදින එක සාමාන්‍ය දෙයක් )

    2. පූසා මාමගේ චිත්තරේ... පැස්ටල් වලින් ඇන්දා වගේ ලස්සනට පේනවා...

    3. උන්නැහේ මාමගේ චිත්තරේ.. (මට දෙන්න බැරිද පාට කරල දෙන්න ?)

    ඔන්න මගේ මනාප තුන...

    මගේ චිත්තරේ ජීවිතේ පලවෙනි වතාවට පොටෝ සොප් වලින් ඇදපු එකක්. වෙලාව මදි කමට පොඩි ජිල් මාට් එකක් දාල තියෙනවා.. (පොටෝ සොප් වල ඒව ඔට්ටුයි හරිද).ලංකාවෙ ජිල්මාට් කොහොමත් ඔට්ටුයිනෙ...

    අවුරුදු කෑම මේසෙක කෑම ඉවරවෙලා තියෙනවයි කියන එක හරිම අතාත්විකයි නේද මකරා මාමේ ?

    මට නම් තෑග්ග දැනටම ලැබුනා..(ඒක පස්සෙ කියන්නම්) පොටෝ සොප් වලින් අදින එක මේ තරම් අමාරුයි කියල දැනගත්ත එකම මදැයි.....

    අනිත් අය ගේ චිත්‍ර අතිශය සම්භාව්‍යයි.. ඒවා නිර්වචනය
    කරන්න මගේ දැනුම හොදටෝම මදි...

    ReplyDelete
  19. අනේ...... මං අමාරුවෙන් ලියපු කමෙන්ට් එක මොබිටෙල් මාමලා නිසා නැති උනා....... :( :(

    ReplyDelete
  20. මෙන්න මගෙනුත් විචාරයක්.

    01. කතන්දර මාමා මොනවා නැතත් සම්භාව්‍ය 5 වන මණ්ඩලයේ සිතුවමක් ඇඳලා තියෙනවා.. ඒ නිසාම කාටවත් තේරුම් ගියේ නැති උනාට හැමෝම හොඳ කියනවා.. මමත් හොඳයි කියනවා..

    02. මකරාගේ චිත්‍රය හොඳය.. නමුත් චූටි මහත්තයාගේ ජංගිය ට්‍රාන්ස්පේරන්ට් වෙන්න ඇඳ ඇත... මේක එක අතකින් හිතාමතාම චූටි මහත්තයාට කල අපහාසයක් විදියටයි මට නම් පේන්නේ... මොකද කලිසම ට්‍රාන්ස්පේරන්ට් උනාට චූටි මහත්තයාගේ අහවල් එක උවමනාවෙන්ම ඇඳ නැත.

    03. මෙතන චූටි මහත්තයා හෙන වැඩ්ඩෙක් කර ඇත. චූටි මහත්තයා කටු ඉඹුල් ගහේ නගිනවා වෙනුවට කටු ඉඹුල් අත්තක් උඩ වාඩිවී කොමඩු ගෙඩියක් කනවා මනාවට නිරූපණය කර ඇත... අගනා චිත්‍රයක් උනාට කතාවේ එහෙම එකක් නැති නිසා වැඩක් නැත.

    04. නීතා නැන්දා නෙක්ටෝ එක ෆලූඩා එකක් කර ඇති නිසා චිත්‍රයේ රස එහෙම්මම නැතිවී ගොස්ය.. චූටි මහත්තයා ඒකට නම් කැමති වෙන්නේ නැතුව ඇති,.

    05. ඉටිකිරිස් වෙන්න නෙක්ටෝ එක ඇඳ ඇති නිසා රසයෙන් වැඩිය.

    06. චූටි මහත්තයා අහවල් එක ගැන හිත හිතා කෙල හලන හැටි මනාවට නිරූපණය කර ඇත.. වෙල්ඩන්.

    07.හා පැටික්කි නැන්දාගේ චිත්‍රය කදිමය. කට්ටිය ඔක්කෝම වගේ ඇඳලා ඇත. කෑම මේසයේ ගුරුත්ව කේන්ධ්‍රය ගැන පොඩිම පොඩි මෙව්වා එකක් ඇත... මටත් ඕන්නැති දෙයක් නැත.

    08.උන්නැහේ ගොය්යා වැඩේට කදිම හපනෙකි. කිසිම කතාවක් නැතුව අංක එක මේකයි.

    09.මේකේ අහවල් එක අඩුයි කියා කියන්න දෙයක් ඇත්තේම නැත. තව ටිකක් කොලේ පිරෙන්න ඇඳ තිබුනා නම් අගේය.

    අප්පා..නිකන් රියැලිටි ෂෝ එකක් ජජ්කරාවගේ මටනම් හිතෙන්නේ.. බලමු ජනතාව මොකද කියන්නේ කියලා...

    ReplyDelete
  21. තලාම තලායි මං.... මම චිත්තරයක් අඳිනකම් ඉන්නෙ නැතිව තරඟෙ අවසන් කළාට...

    ඉහි ඉහි...

    එහෙනම් චිත්තර 10ක් තෝරනවනේ... 9 නපුරුයි.. කෙහෙල්කොටුවේ චූටි මහත්තයා - ඒකත් නපුරුම නපුරුයි...

    දාන්නෙම නෑ ඡන්දෙ...

    (ගීතික පුතේ ගමේ කොමට උඹට තමා මම මනාපෙ දෙන්නෙ... චූටි මහත්තයාට කිව්වෙ නෑ ඕන් )

    ReplyDelete
  22. ආයෙමත් ලියන්න බැ........ ඒ උනාට ලියනවා......

    මට සැජ්ජයි වගේ.... කට්ටියකට පේන්න චිත්තයක් ඇඳපු පළවෙනි පාල. ඒ මදිවට කොම්පීතලෙන්. ඉතින් සැජ්ජයිනේ......

    මං ආසම චිත්තේ උන්නැහේ මාමගේ චිත්තේ..... ඒක විදෙස් සිත්තලාට කියලා පාට පාට ගාලා ගත්තනම් මලු.

    ඊළඟට හර්ෂණ මාමාගේ චිත්තේ.... ඒකේ චූටි මහත්තයා හුලූබූ..........ටියි. ඒ කියන්නේ හර්සන මාමා බොලුවක් ඇඳලා එවලා........

    ඊට පත්තේ හා පැටික්කි නැන්දගේ ආ ඒ මමනේ.... චිත්තෙයි ගීතික මාමගේ චිත්තෙයි. ඒකෙත් ගීතික මාමගේ චිත්තේ හලිම වල්නවත්. ඒ වගේම චූටි මහත්තයගේ ආසාව හොඳට පෙන්නලා. මම නැන්දා නිකම් අතපය තියන් ඉන්න බැලිවටනේ ඉලි කෑලි ටිකක් ගහලා එව්වේ....

    පූසා මාමගේ චිත්තේ ඊළඟට. ඇබැයි එයත් බොලු ඇඳලා චූටි මහත්තයට නෙට්ටෝ බොන්න බොන්න කියන මාමා කෙනෙකුයි නැන්දෙකුයි ඇඳලා.

    නීතා නැන්දගේ චිත්තෙත් ඔඳයි. අල ආසාව ඔඳට පේනවා. ඒත් නීතා නැන්දා චූටි මහත්තයගේ කොණ්ඩේ අවුල් අවුල් කලලා. ඒ මදිවට චූටි මහත්තයව හිටෝලා තියලා........ ඒ කියල්ලේ එයත් බොලු ඇඳලා.....

    කතන්දර ආතාගේ චිත්තේ බලන්න මට ටෝච් එකක් ගේන්න බැලි උනා. ඉතින් මම ඒක ගැන දන්නැ. සමහල විට කතන්දර ආතාගේ චිත්තේ කටු ඉඹුල නිචා කොටු කොටු දාන්න වෙනවට ලයිට් කැපුවද දන්නැ. පොඩි ළමයි යන එන තැනකටනේ චිත්තේ ඇන්දේ.....

    මකරා මාමගෙයි පොකු නැන්දගෙයි චිත්ත දෙක තමා ඔතනින් ආතාම. ඒකේ ඔඳට ළමා ගතිය තියලවා. ඒක අලියට චූටි මහත්තයා තූටි කාලේ ඇන්ද චිත්ත වගේ...... ඇබැයි ඉතින් මකරා මාමා චූටි මහත්තයව තට්ටේ ගාලා....... පොකු නැන්දා කටු ගහේ අතු රිකිළිත් ඇඳලා හරියට දැකලා තියේ වගේ....... ඒ දෙන්නත් බොලු ඇඳලා......

    හිකි හිකි හිකි......

    ඔන්න දෙවෙනි පාරටත් මතක් කල කල ලීවා. ආයේ නම් බැ.

    ReplyDelete
  23. අප්පේ මෙහෙමත් තීරනයක් ගන්න අමාරු තරඟයක්.
    මෙන්න මගේ මනාපය.
    1. පොඩ්ඩි නැන්දා
    2. නීතා නැන්දා
    3. මකරා මාමා

    ReplyDelete
  24. කතන්දරගේ චිත්‍රයේ හිතන්න දේවල් ගොඩක් තියන නිසා මම ඒකට ලයික් ..අනික ඒකේ හොයන්න දේවල් ගොඩක් තියනවා

    කුමාරි හාමිගේ ජිච්ටය පුරාවටම වේදනාව පිරිලා ..

    මකරාගේ චිත්‍රය ..සෞම්‍යයි !!

    ReplyDelete
  25. මං කැමති උන්නැහේ අයියගේ එකට....

    ReplyDelete
  26. 1 පලවෙනි තැන ලැබෙන්නේ නම් නීතා නැන්දිගෙ චිත්‍රෙට තමා ඒ මොකද බුද්ධි ආසම නෙක්ටො එක කෙල හල හලා බොනව හොඳි නිරූපනය කරල තියෙන නිසා. නෙක්ටො එකට කොච්චර ආසද කියනව නම් කොන්ඩෙත් කෙලින් වෙලානෙ හැබෑටම.

    2 අපේ පොඩ්ඩි නැන්දගෙ චිත්‍රේ තමා 2. කටු ඉඹුල් ගහේ තියෙන කටු බුද්ධිටත් වඩාලොකුයිනේ.


    3. මකර මාමි ඔයාගේ චිත්‍රේ 3ට හොඳේ. ජංගිය මහලා තියෙන්නෙ කුඩ රෙද්දකින්ද හැබෑටම.

    4. අපේ හා පැටික්කි නැන්දිගෙ චිත්‍රෙ 4ට. කෑම මේසෙ දැක්කම මගෙ කටටත් කෙලඉනුවා.

    අනිත් චිත්‍රත් කැත නැහැ ඒවත් ලස්සනයි හොඳේ

    ReplyDelete
  27. 1 මකර මාමි

    2 නීතා නැන්දි

    3 පොඩ්ඩි නැන්දි

    ReplyDelete
  28. ඕං මම නම් ප්‍රථම ස්ථානයට තෝරන්නේ
    පූසා මාමාගේ බලිකුරුට්ට
    දෙවන ස්ථානයට තෝරන්නේ
    පූසා මාමාගේ බලිකුරුට්ට
    තෙවන ස්ථානයට තෝරන්නේ
    පූසා මාමාගේ බලිකුරුට්ට :DDDDD

    ReplyDelete
  29. හිකි හිකි.. හාපැටික්කි කාට පේන්නද මංදා චීත්ත ඇදලා..

    මගේ මනාපේ කතන්දර ආතාට.අවුරුදු ගාණක් තිස්සේ අපායේ ලයිට් යනකල් බලන් ඉදල ඇන්දට

    ReplyDelete
  30. ඕනයාගේ චිත්‍රය අවසාන වටයට තෝරා නොගැනීම පිළිබඳව බලවත් විරෝධය ප්රාකාශ කරමින් චන්දය දීමෙන් සහ චිත්‍ර තරඟය පිළිබඳව ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කලෙමි.

    ReplyDelete
  31. ඔබා මාමා,
    ඇයි ඕනයා කිව්වද සිත්තරයක් එව්වා කියලා. මම මිනිහගෙන් පුද්ගලිකව ඇහැව්වා සිත්තර එවන්නැද්ද කියලා. මිනිහා කිව්වා මේ ලෝකේ ඕනැම වැඩක් පුලුවන් ඕක විතරයි බැරි කියලා. හැබැයි ඒක කාටවත් කියන්ඩ එපා කිව්වා. ඔබා මාමා මේක කාටවත් කියන්ඩ එපා. හරිනෑනේ......

    ReplyDelete
  32. මේක නම් ටිකක් කල්පනා කරලා බලල පාවිචිචි කරන්න ඕන ඡන්දයක්....චුටි මහත්තයා කොම්පියුටර් ජිල්මාට් එහෙම දානවා නෙවෙයි...
    ඔන්න මගේ මනාපෙත් පෙට්ටියට දැම්මා...අපි එහෙමයි ..කාටවත් පෙන්න මනාපෙ ලකුණු කරලා කොහොමද.....මම මනාපය දෙන්නෙ තරඟෙන් දිනන එකට....ඔය උඩ තියෙන්නෙ...අන්න හරි ඒක තමයි...

    ReplyDelete
  33. සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ මේ එක් එක් චිත්‍රය සඳහා වෙන වෙනම විචාර ඉදිරිපත් කිරීමටයි.

    ඔව් අපි ගමු පළමුවන චිත්‍රය. ඒකේ සඳහන් වෙන විදිහට ඒක ඇඳලා තියෙන්නේ කතන්දර මාමා. ඒත් අපිට ඒක පිළිගන්න බෑ. මොකද ඔය චිත්‍රේ මුළුන්ම ඇන්දේ ඇම්ඩා. මගේ හොඳම යාළුවා 3 වසරෙදි ඒක ඇස් දෙකෙන්ම දැකලා මට ඇවිත් කියලා තියෙනවා. ඒ හින්දා ඕක ඇම්ඩගේ චිත්‍රේ හොර කොපියක් විතරයි. ඒක ලිස්ට් එකෙන් කපාහරින්න් සිද්ධ වෙනවා.

    හරි දෙවෙනි චිත්‍රේ ඇඳලා තියෙන්නේ මකර මාමා. ඒකේ ජ්‍යාමිතික හැඩතල බොහොමයක් තිබ්බට වස්තූන්ගේ ප්‍රමාණ පිළිබඳව පොඩ්ඩක්වත් සැලකිලිමත් වෙලා නෑ. චූටි මහත්තයාට වඩා ලොකු කටු තියන කටු ගහටක නඟින්න අමාරුවක් නෑනේ. තමන්ට වඩා ලොකු කටු තියන කටු ගහක නැග්ගට කටු ඇනේයැ? එහෙම එකක්නම් අපායේ තියෙන්නේ, අපායේ යන්න මමත් බය වෙන්නේ නෑ.

    තුන්වෙනි චිත්තරේ එවලා තියෙන්නේ පොකු නැන්දා. ඇත්තටම ඒක චිත්තරයක්ද නැත්තම් නැන්දගේ වෙන්න මාමාත් එක්ක තරහා ගිය වෙලාවක තරහා නිවෙන්න කොලේක ඇඳපු ඉරි ටිකක්ද කියලා මට හිතාගන්න බෑ. මට ඒ චිත්තරේ වැටහුනු එකම දේ "මට බෑ" කියන එක විතරයි. ඒ සමහර විට "මේ කොල්ලත් එක්ක මට බෑ" කියන වාක්‍යයෙන් කැඩිලා ආව වචන කීපයක් වෙන්න පුළුවන්.

    ඊළඟට නීතා නැන්දගේ චිත්තරේ...... ඒක එහෙම් පිටින්ම අසාර්ථක නිර්මාණයක්. මොකද ඕන කෙනෙක් දන්නවා නෙක්ටෝ රතු පාටයි කියලා. ආ... බොරුනම් චූටි මහත්තයගෙන් අහන්න..

    ඊළඟට පූසා මාමාගේ චිත්තරේ... මේක තමයි මෙතන තියන චිත්තර අතරිම උසස්ම නිර්මාණය. චූටි මහත්තයාගේ විස්තරය අනූව කෑම මේසේ හරියටම තියනවා. හැමෝටම අමතක වෙච්චි නොක්ටෝ බෝතලෙත් රතුපාටට බැබලි බැබලි තියනවා. අනික චූටි මහත්තයාගේ මූණේ තරහා ගිය ගතිය අපූරුවට පෙන්නුම් කරලා තියනවා. චූටි මහත්තයාගේ කතාවේ එයා කියලා තිබ්බා නැන්දලා මාමලා එක එක එව්වා කියනකොට එයාට තරහා ගියා කියලා. ඒ හැම් දෙයක්ම මේ චිත්තරේ හරියටම පෙන්නලා තියනවා. එව්වා අනිත් එක චිත්තරේකවත් නෑ. ආ බොරුනම් චූටි මහත්තයාගෙන්ම අහන්නකෝ එයා කෑම මේසෙට වාඩි ව්එච්ච වෙලේ ඉඳන් එක එක අය ඇවිත් ඔළුව අත ගගා අනං මනං කිව්වේ නැද්ද කියලා........

    හයවෙනි එක දිලරුක් මාමා එවලා තියෙන්නේ. ඒකනම් චූටි මහත්තයට කරපු තද බල අවනම්බුවක් විදිහටයි මම නම් දකින්නේ. චූටි මහත්තයාව අනිත් අයට වඩා උස පුටුවක වාඩි කරවලා. බලන්න කොච්චර කැත වැඩක්ද ඒක. චූටි මහත්තයාව අත දරුවෙක් ගානට දාලයි ඒක ඇඳලා තියෙන්නේ. සමහර විට මේකට විරුද්ධව චූටි මහත්තයා අපහාස නඩුවක් උනත් දාන්න බැරි නෑ.

    හා නැන්දාගේ චිත්තරේ ගැන කියනවනම් ඒක සෑහෙන්න අතාත්විකයි. පොඩි මහත්තයා කෑමට ගියේ නැන්දලාගේ ගෙදර මිසක් අභ්‍යාවකාශෙට නෙමෙයි. හා නැන්දගේ චිත්තරේ මිනිස්සු පාවෙනවා. ඇරත් කෝ නෙක්ටෝ බෝතලේ.. නෙක්ටෝ බෝතලේ නැති හන්දා මේ වෙන ගෙදරක කෑම මේසයක්දෝයි මට නිකමට සිතේ.

    උන්නැහේ මාමාගේ චිත්තරෙත් නෙක්ටෝ බෝතලේ නෑ. ඉතිං කොහොමද කියන්නේ මේ ඇඳලා තියෙන්නේ චූටි මහත්තයා ගිය ගමන ගැනමයි කියලා? ඇරත් චූටි මහත්තයා දිහාට හැමෝම අර වගේ ඇඟිල්ල දික්කරලා හිනා වෙච්චි බවක් කතාවේ කොතනකවත් ලියලා නෑ. එහෙම දෙයක් චූටි මහත්තයාට කළානම් ආයේ එයා එතන එක මොහොතක්වත් ඉඳීයැ. බොරුනම් අහන්න චූටි මහත්තයාගෙන්ම.

    අවසාන වශයෙන් හර්ෂන මාමාගේ චිත්තරේ. ඒකත් සෑහෙන්න අතාත්විකයි. මේ මොකක්ද මේ කවුදෝ පොල් ගහක නඟින එකක් ඇඳලා තියන්නේ? එහෙම එකක් කතාවේ තිබ්බේ නැනේ. ඇරත් අර සාදු ඇයි පොල් ගහේ නඟින අසරණ මිනිහට හිනාවෙන්නේ?

    අවසාන වශයෙන් මේ විචාරයට අමතරම චිත්තර වලට ඡන්දය ප්‍රකාශ කිරීම ගැනත් මට යමක් කියන්න තියනවා. බලන්න මේ චන්දේ දීලා තියන විදිහ දිහා බැලූවාම මෙතන තම තමන්ගේ පෞද්ගලික හිතවත් කම් මත හොඳ චිත්තර වලට අසාධාරණයක් වෙන විදිහට සමහරි ඡන්ද දීලා තියනවා. මේ වරද නිවැරදි කරගන්න බුද්ධි අයියා නීතිමය ක්‍රියාමාර්ග වලට යොමුවෙයි කියලා මම හිතනවා. :D ;)

    මගේ විචාරය මින් අවසානයි. කියවූ නොකියවූ ඔබ සැමට ස්තූතියි.....

    ReplyDelete
  34. ඔන්න මං නං ගං කියැව්වේ නැහැ........... කොමෙන්ට් කියැව්වෙත් නැහැ........... ඔයා හරි වැරදියි ‍මේ නං ගං එක්ක චිත්‍ර දාපු එක........... සේරම ලස්සනයි. මං කැමතියි අර අන්තිම චිත්‍රයට.......... මගේ ඡන්දය ඒකට දෙන්න..........

    ReplyDelete
  35. මමත් විරුද්ධයි මේ නම් ගම් එක්ක මේවා දාපු එකට,,,හරි නම් ආයෙ මේක තියන්න ඕන...අනික මෙතන කිසිම රහස්‍ය බවක් නැහැනෙ....( මට සිත්තරයක් එවා ගන්න බැරි වුන දුකට )

    හරි..හරී...මෙන්න මේකත් අර මෙගා ස්ටාර් අලකලංචිය වගේ වෙන්න යන්නෙ..

    ReplyDelete
  36. රන්දිල්, ලකී,

    නම් ගම් නොදා කොහොමද? කොහොමත් ඒගොල්ලං සිත්තරේ එවලා තිබුනෙම තමන්ගේ අත්සන සිත්තරෙ පැත්තකින් ගහලානේ.

    ඕ ගොල්ල මෙහෙම කරන්ඩ. නමක් පේන්ඩ ගද්දිම ඇස් වහගෙන ඊලග පේලිය කියවන්ඩ ගන්ඩ

    ReplyDelete
  37. ඒක හරි නැහැ....අපි සිස්සත්තෙ ලීව දවසෙත් අපේ චීට කීවා උත්තර පත්තරෙ නම ලීව්වොත් විබාගෙ ෆේල් වෙනවා කියලා.....

    ReplyDelete
  38. උන්නැහේගේ චිත්‍රය ඇක්ටිව් ගතියක් තියේ . පාට ටිකක් ඉලුවා නම් වඩා හොඳය .ගිතිකගේ චිත්‍රයත් වර්ණවත්ය . හර්ෂණ චුටි මහත්තයා ගේ මුණ ඒ විදියටම ඇඳ ඇත .කතන්දරගේ චිත්‍රය රජතුමාගේ ඇඳුම වගේය. බුද්ධිමතෙක් නොවෙන නිසා මට නොතේරේ . පුසා ට වර්ණ එලිය අඳුර පෙන්වීමේ මනා හැකියාවක් ඇත . හා පැටික්කි පොඩි කමට ඇඳ ඇති චිත්‍රය ද අපුරුය . නිතා වලව්වේ සේවය නවතා චිත්‍ර පන්තියක් දැම්මත් හොඳය . චානක ගේ චිත්‍රය සරල නිසා තේරුම් ගැනීම පහසුය . අච්චර නෙක්ටෝ බිලත් මෙච්චර කෙට්ටු එක තේරුම් ගන්න බැරිය . පොඩ්ඩි ..කටු ඉම්බුල නගින ගමන් රෙස්ට් කරන්න හැකි බව දන්නේ අදය . සියලු චිත්‍ර එක සමාන ප්‍රතිභාවක් පෙන්වන බැවින් චන්දය දීමෙන් වලකිමි. ලොකු කතිරයක් ගසා මගේ චන්දය අවලංගු කරමි [ මේ අපිව තරහ කරවන්න චුටි මහත්තයාගේ ගැටයක්ද නොදන්නා නිසාය ]

    ReplyDelete
  39. මට හිතෙන හැටි :)

    1. ගීතික දිල්රුක් මාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමා
    2. පැතුම් හර්ෂන මාමා......හුරේ
    3. පුසා මාමා........පුරු පුරු පුරු....

    ReplyDelete
  40. ශ්‍රී ලංකාවේ පැවැත්තෙන මුල්ම රියැලිටි චිත්‍ර තරගෙට සහභාගී වෙන්න හම්බුන එක ගැන මට හරි සතුටුයි.

    උන්නැහේ මාමාගෙ චිත්‍රෙ පාට කරල තිබ්බනං කියල වැඩක් නෑ. උන්‍නැහේට අර කිව්ව කුසලානෙත් එක්ක පාට පෙට්ටියකුත් දුන්නොත් මොකෝ?

    විදෙස් සිත්තරාගෙ සිත්තරවලට ලඟින්ම යන විදියට චිත්‍රෙ ඇඳල තියෙන්නෙ ගීතික මාමා. විදෙස් සිත්තරා නිවාඩු ගිය වෙලාවලට ගීතික මාමාට කියල උනත් චිත්‍ර අන්දගන්න පුළුවන් දැන්.

    කතන්දර මාමාගේ සම්භාව්‍ය චිත්‍රෙ බුද්ධි අයියා වගේ ලොකු අයට තේරුම් ගන්න පුළුවන් උනාට අපි, ටිකිරිල, චුටී මහත්තයල වගේ පොඩි ළමයින්ට එච්චර තේරෙන්නෙ නෑ. මේක වයසක අයට විතරක් තිබ්බ තරගයක් නං කතන්දර මාමා උඩින්ම දිනනව සිකුරුයි.

    පූසා මාමගෙ චිත්‍රෙත් හොඳයි. ඒකෙ චූටි මහත්තය නිකං පූසෙක් වගේ.

    මං මුලිං හිතාගෙන හිටියේ SMS වලින් තෝරයි කියලා. මං අපේ අහල පහල හැමෝටම සිම් අරන් දුන්නත් එක්ක. අපරාදෙ.

    ReplyDelete
  41. මුලින්ම පූසා වහාම කලින් පෝස්ටුව කියැවීමට යැවිය යුතුය. එහි චූටි මහත්තයා ලියා ඇත්තේ මෙසේය..... "තේ වතුර විතරක් නෙමේ අපිවගේ පොඩි අයට බොන්ඩ රතුම රතු නෙක්ටො කෝප්පෙ ගානෙත්......"ඒ නිසා පූසා ඇඳ ඇත්තේ වෙනත් ගෙදරක් බැවින් නිතරඟයෙන්ම එය කැපී යයි..... හික්ස්......

    ReplyDelete
  42. පැතුම් හර්ෂන මාමා.

    ReplyDelete
  43. මෙතන තියෙන චිත්තර එකකට එකක් පරාද නෑ. ඒත් මොන එකක්ද මන්දා පොඩ්ඩිගෙ චිත්තරේ මට පේන්නෙ පතොක් ගහක වහපු බස්සෙක් වගේ. ආං බලන්ට හොටකුත් තියනවා. ඒ නිසා ඒකට එක දෙන්නම වෙනවා.

    නීතා නෝනෙගෙ චිත්තරේ ඉන්න කොලුවගෙ කොණ්ඩෙ කෙලින් හිටියෙ කොහොමද? ටක්කෙටම කොලූට කරන්ට් වැදිලා තියනවා. ඒත් බලාන්ට, එහෙම වෙලත් එයා ෆලූඩා බොනවා. ඒ නිර්බීත කමට , ඒකට දෙක දෙන්ට වෙනවා.

    මකරගෙ පිංතූරෙ කෝ‍ටු කිතයියා, අර රුවිතෙට ඉන්නෙ ඇයි? මට හිතෙන්නෙ, උන්දෑ කෙලින් හිටියා නං ටක්කෙටම අර තඩි කලිසම තියෙන්ට ඕනෙ බිම. ඒ නිර්මාණශීලී කමට, ඒකට තුන් වැනි තැන.

    ReplyDelete
  44. කතන්දරගෙ සිත්තරේ තමයි මම හිතන විදියට මෙතන තියන උසස්ම, නිර්මානාත්මකම, තාත්විකම, භයංකාරම, එලම එල චිත්‍රය. මේ චිත්‍රයෙන් කතන්දර තම ත්‍රිමානව සිතීමේ හැකියාව මොනවට ප්‍රකටකර තිබෙනව, උදාහරනයක් ලෙස ගත්තොත් මේ චිත්‍රය කතාවේ ඕනෑම තැනකට යොදාගැනීමේ හැකියාව විතරක් නෙමේ . . . වෙනත් ඕනෑම කතාවකටත් යොදාගත හැකිවන ලෙස නිර්මානය කර තිබෙනව.
    නමුත් කතන්දර ශූරීන්ගේ නිර්මානයක් විදියට මේ චිත්‍රයේ එක අඩුවක් පැහැදිලිවම තියනව. මේ චිත්‍රයේ කිසිම තැනක ලිංක් එකක් නැතිවීම.

    ප.ලි.
    @ඔබ්සර්වර්:
    චිත්‍ර විෂයට මම "උපංගෙයි මැට්ටෙක්මි" ඒ නිසා ඇඳ චිත්‍රය එවුවේ නැතිය.

    ප.ප.ලි.
    @බුද්ධි:
    යකෝ ඔය කතාව කාටවත් කියන්න එපා කියල නේද කිවුවෙ. මම උඹ කියපු විදියට චිත්‍රයක් ඇන්ද කරුමෙ කියන්නෙ මම රස්සාවෙන් අයිං වෙලා ඉන්න නිසා ස්කෑනරයක් නෑ ස්කෑන් කරන්න.

    ReplyDelete
  45. අද බිව්වේ නැති නිසා කොල්ලාගේ වර්ණ පෙනීමේ හැකියාව අඩු වී ඇත. ඒ නිසා ඔක්කොම පටන් ගත්තු තැන ඉඳන්ම එක වාගේය (ලයිට් ගියා වාගේය) සියලුම චිත්‍ර වලට චන්දය දෙමි...

    ReplyDelete
  46. මම නම් කැමතිම 7 වෙනි එකට.... මගේ හාවිට ජය වේවා...!!!

    1 හාවිගේ චිත්තරය
    2 උන්නැහේ මාමාගේ චිත්තරය
    3 ගීතික දිල්රුක්ගේ චිත්තරය

    නැතිනම් ඉතිං මට කන්න බොන්න නැතිව මැරෙන්න තමා වෙන්නේ.... හික් හික්....

    ReplyDelete
  47. අනෙක් චිත්‍ර ගැන මොනවා හරි කියන්න තිබුනත්, පොඩ්ඩි නැන්දා ගේ චිත්‍රය දුටුවිට මට කටඋත්තර නැති විය! බිබී හිටි වතුර ටිකද ඉස්මොල්ලේ ගියේය! එතරම් ප්‍රභල ප්‍රතිචාර ජනිත කරවන චිත්‍රයකට චන්දය නොදී බැරිය. මගේ මනාපය පොඩ්ඩි නැන්දාටය.

    ReplyDelete
  48. මගේ තේරීම
    01. නම වැනි චිත්‍රය - පැතුම් හර්ෂණ
    02. අට වැනි චිත්‍රය - උන්නැහැ මාමා
    03. හය වැනි චිත්‍රය - ගීතිකා දිල්රුක්

    පොඩි කුමාරිහාමි නැන්දා චූටි මහත්තයට නැට්ටක් ඇඳලා තිබ්බේ නැත්තන් තෝරන්ඩ තිබ්බ. චූටි මහත්තය නැට්ටක් තියෙන බවක් කොහෙවත් කියල නෑ. හැබැයි නැට්ටට රතු පාට බෝ එකක් එහෙම දාල ලස්සනට ඇඳලත් තියෙනව.

    පූසා මාම, චූටි මහත්තයාගේ නෑයන්ට ගලගණ්ඩය තියෙන බව කොහොමද දැනගත්තෙ? මට පේන්නෙ පරම්පරාවෙන් එන එකක් වගේ. චූටි මහත්තයටත් ඒ ලෙඩේ තියෙනවද දන්නෑ. නෙක්ටෝ වීදුරුව නිසා හරියට පේන්නෙ නෑ.

    ReplyDelete
  49. මෙතෙක් කල විචාර වලින් මං පළවෙනි තැන දෙන්නේ sameerausa ට. ඒක කියවල මං බඩ අල්ලන් හිනා උනා.

    ReplyDelete
  50. පොඩි කුමාරිහාමි ඇත්ති චිත්තරයක් ඇඳල හිට තරඟෙකට ඉදිරිපත් කොලාය කියල ආරංචියක් ආව, ඒකට මනාපයක් දෙන්ට කියල ඊට කලින් චිත්තරේ බලන්ටයි කෙහෙල් කොටුව පැත්තෙ මේ ආවෙ......

    අර වලව්වට නිතර දෙවේලෙ යන එන නීත නෝනත් චිත්තරයත් ඉදිරිපත් කොලාය කියන්නෙ......ඒකත් මේ ගමම්ම බලාල යන්ට ඕන.

    මුලිම්ම බලල ඉඳිමු පොඩ්ඩිගෙ චිත්තරේ....ආ...මේ තියෙන්නෙ.....

    හප්පච්චියේ.......මයෙ දෑහිං කඳුළු කඩා වැටුන.....මොකටද? දුකටද කියල ඇහුව?...මොන විකාරද?........සංතෝසෙ විඳ දරා ගන්ට බැරුව......සංතෝසෙ....සංතෝසෙ......

    මගෙ මේ වයසට චිත්තර කියන එව්ව දැකල ඇති දාස් ගානක්.....සෝලියස් මැන්දිස්, මංජු ශ්‍රී, ජෝර්ජ් කීට්,රිචඩ් ගේබ්‍රියල්,ඔය වගෙ ලංකාවෙ සිත්තරු...එතනිං ගිහාම ලෝකප්පරසිද්ද කස්ටිය.....පිකාසෝ, වෑන් ගෝ......රෆායල්,ගොගෑන්, ඔය ඔක්කොමලගෙ චිත්තර මම දැකල එව්ව ගැන කියවල තියෙන්නං.....ඒත් අප්පා මේ පොඩ්ඩිගෙ චිත්තරේ වගෙ එකක් මම අම්ම මුතුං කාලෙක දැක්කෙ නෑ කිව්වම,

    මේවගෙ සම්භාව්‍ය චිත්‍රයක් ගැන විචාරයක් කරනව තියා ඒ වගෙ එකක් දකින්ඩ ලැබෙන එකත් සුළුපටු පිනක් එහෙම නෙවෙයි කියලයි මට හිතෙන්නෙ.

    මෙතන හුඟ දෙනෙකුට මම හිතන්නෙ මේ චිත්‍රෙ තේරුම් ගන්ට බැරිවෙනවට කිසිම සැකයක් නෑ....ඒක පුදුමයක් නෙවෙයි...මේ වගෙ සම්භාව්‍ය චිත්‍රයක් තේරුම් ගන්ට ඒ වගෙ සම්භාව්‍ය විචාර ශක්තියක් තියෙන කෙනෙක්ම වෙන්ට ඕනෙ...

    ඒ කිව්වෙ ඔය තියනවනෙ Cubism, Expressionism,Barrelism කියල නොයෙක් චිත්‍ර අඳින ක්‍රම.....ඒ වගෙ මේ චිත්‍රෙ ඇඳල තියෙන්නෙ පොඩ්ඩිම හොයා ගත්තු අළුත්ම ක්‍රමේකට ඒක තමයි Katu Imbulism.

    හරි, එහෙනම් මම තෝරනව එකහෙලාම පොඩි කුමාරිහාමිගෙ චිත්‍රෙ අංක එකට. චුටි මහත්තය බැරිද මේ චිත්‍රෙට ( -10) වගෙ ස්ථානයක් දෙන්ට...අම්මප ඒ තරමට වටින චිත්‍රෙ....

    දැන් කොහොමද දෙක තුන.....පොඩ්ඩිගෙ යාළුව නිසා ඔන්න ඔහෙ බලන්ට ඕනත් නෑ නීතට දෙක,

    අංක තුන..ම්ම් චිත්‍ර බලන්ට නම් ඕන නෑ....බලමු නම් ලිස්ට් එක.....අඳුනන නමක් තියද කියල.....ආ...මේ ඉන්නෙ හා පැටික්කි....හරි හා පැටික්කි තුන,

    ඔන්න ඔහොමයි මගෙ තේරීම........

    ReplyDelete
  51. සමා වෙන්ට ඕන මේ පැත්තට එන්ට පරමාද උනාට...

    හප්පා චිත්තර නේද..?
    හරියන්නේ නැහැ ගොයියෝ..මක් කොරලවත් හරියන්නේ නැහැ..මට ඔය චිත්තර කරුමාන්තේ ගැන අදහස් දක්වන්න තරං දැනුමක් නැහැ නෙව..ඔන්න බොලා පොටෝ කෑලි තරඟයක්වත් තිබ්බනං මට දෙන්ට තිබ්බා දුං විසි වෙන්ට..ඒ හින්දා මං නිකංම මාරු වෙලා යන්නං...ඒත් ආව එකේ කියලා යන්නංකෝ මංනං මේකේ අති විශිෂ්ඨම නිර්මාණය කියලා හිතන්නේ කතන්දරගේ චිත්තරේ තමා...ඒක අතෑරලා තෑගි දෙනවනං මෙහෙම දාන්නංකෝ අංක ටික..

    1-පිලේ පැදුරේ උන්නැහේ...
    මං බොහෝම ආසා පාට නැති කාටුන් වලට නෑකං කියන අන්දමේ චිත්තරයට..

    2-හා පැටික්කි...
    මං බොහොම කැමති හාවි ඒකේ ත්‍රිමාන ගතිය අරගෙන තියෙන විදියට..බලන්ටකෝ ගේ ඇතුලෙද එළියෙද කියලා හිතන්ට බැරි විදියට දෙපැත්තටම හිතන්ට පුළුවන් විදියට ඇඳලා තියෙන සියුම් ඉරි කිහිපය...

    3-ගීතික දිල්රුක්...
    බුද්ධිගේ චිත්තර තරගෙට දාන්ට ඕන බුද්ධියගේම වාගේ කොම්පීටර් ජිල්මාට් ඒවාම තමා..ඔය දීලා තියෙන්නේ ඇද කුද නැති වෙන්ටම...

    පූසටත් කුසලතා සම්මානයක්වත් නොදී නං හරි නැහැ...

    ReplyDelete
  52. 1. පොඩ්ඩි නැන්දා
    2. නීතා නැන්දා

    ReplyDelete
  53. කොම්පියුටර් ජිල්ටෝන් එකක් ඇදල තියෙන ගීතිකයා නොහතේ වගමාමාට මගේ ඡන්දය.හේතු දෙකක් තියෙනවා එකක් සිත්තරේ එලට තියෙනවා. අනික මූ මට උදේම කෝල් කරලා තර්ජනය කලා ඌට ඡන්දේ දැම්මේ නැත්තම් මඩ ගහලා සිත්තරයක් අදිනවා කියලා.අම්මෝ මට මඩ ඕනේ නැති හින්දා ඡන්දේ ගීතිකයට දැම්මා. අනික අසල්වැසියනේ.
    1.ගීතික
    2. කත්න්දර කාරයා(බුද්ධි අය්යා කටු ඉඹුලේ යන හින්දා) :D


    සියල්ලන්ටම ජය වේවා!!!!!

    ReplyDelete
  54. ඉන්දික දිසානායක වගේ දක්ෂ , ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් මගේ චිත්‍රේ දෙවනි තැනට තෝරල තියෙනවා දැක්කම හරිම සතුටු හිතුනා. බොහොමත්ම ස්තූතියි ඉන්දික මහත්තයා. බලාගෙන යනකොට ඇත්තටම මාත් දක්ෂයිනේ

    ReplyDelete
  55. මෙතරම් සම්භාව්‍ය චිත්‍ර රැසක් අතුරින් මගේ චිත්‍රය මුල් තැනට තේරූ ඉන්දික දිසානායක මහතාට පින්. ඔහුගේ චිත්‍ර දුටු අයට වැටහෙනවා ඇති ඔහු කොයි තරම් දක්ෂ, විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකුද කියලා. එවැන්නේකුට මාවැනි ආධුනිකයෙකුගේ චිත්‍රයක් මුල් තැනට තේරීමට සිතෙන්නට විශේෂවු යම් හේතුවකුත් ඇති.:) ඉතින් මා කරුනාකර ඔබ හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ඔබේ කතිරය ගැසීමට පෙර, ඔබේ වටිනා මනාපය දීමට පෙර දෙවරක් කල්පනා කරන්නට කියා.:D

    ඇත්තෙන්ම ඔව් ඔබේ මනාපය පොඩ්ඩීට දෙන්ට කියා ඔබ සැමගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා.:D:D

    (චූටි මහත්තයෝ මේක ඉවරවෙන්නේ කවදද හැබෑටම. අපට ජන්ද වැඩ කරලා මහන්සී. රෑට නින්දක් නෑ පෝස්ටර් ගහලා. නිදි මරලා සඳරූ ලමයා ආන්න හොල්මනකුත් දැකලා....):D:D:D

    (මෙය ජන්ද ප්‍රකාශනයක් නොවනබව කරුනාවෙන් සලකන්ට.)

    ReplyDelete
  56. මම කිව්වෙ මේක නම් මෙගා ස්ටාර් අලකලංචියෙ දෙවෙනි කොටස වෙන්න යන්න යන්නෙ...
    දැන් කට්ටිය එලිපිටම බලපැම් කරනවා...

    ඔන්න ....ඔන්න..වතුර බෝතල් ප්‍රහාරයක්... /

    ReplyDelete
  57. මෙන්න දැනට ඡන්ද ප්‍රතිඵල
    ------------------------------------
    ඊයේ දවසේ ඡන්දය දමන ස්ථානයට පැමිණි සංඛ්‍යාව = 1377
    ප්‍රතිචාර සංඛ්‍යාව - (දැනට) = 54

    ලකුණු ලබා ගැනීමේ අනුපිළිවෙල හැදෙන්නෙ මෙහෙමයි
    1 වෙනි ස්ථානයට 5 යි.
    2 වෙනි ස්ථානයට 3 යි.
    3 වෙනි ස්ථානයට1 යි.

    එහෙම බලද්දි,
    1. පොඩ්ඩි නැන්දා - ලකුණු 55
    (එකේ ඒවා10 /දෙකේ ඒවා0/තුනේ ඒවා-1)

    2. කතන්දර මාමා - ලකුණු 46
    (එකේ ඒවා9 /දෙකේ ඒවා1/තුනේ ඒවා-0)

    3. හර්ෂන මාමා - ලකුණු 36
    (එකේ ඒවා6 /දෙකේ ඒවා2/තුනේ ඒවා-2)

    4. උන්නැහේ මාමා - ලකුණු 32
    (එකේ ඒවා5 /දෙකේ ඒවා2/තුනේ ඒවා-1)

    5. නීතා නැන්දා - ලකුණු 29
    (එකේ ඒවා1 /දෙකේ ඒවා0/තුනේ ඒවා-8)

    6. ගීතික මාමා - ලකුණු 24
    (එකේ ඒවා4 /දෙකේ ඒවා0/තුනේ ඒවා-4)

    7. පැටික්කි නැන්දා - ලකුණු 19
    (එකේ ඒවා2 /දෙකේ ඒවා2/තුනේ ඒවා-4)

    8. මකරා මාමා - ලකුණු 11
    (එකේ ඒවා1 /දෙකේ ඒවා1/තුනේ ඒවා-3)

    9. පූසා මාමා - ලකුණු 05
    (එකේ ඒවා 0 /දෙකේ ඒවා1/තුනේ ඒවා-3)

    දැනට ලකුණු ඔහොමයි. ඡන්දේ ඉරිදා හවස 6 වෙනකන් දාන්න පුලුවන්. තමන්ට ඉස්සරහට එන්ඩ ඕන්නං පොඩි ප්‍රචාරක වැඩසටහනක් උනත් කරන්ඩ කාලවෙලාව තියලයි අපි නවත්තන වෙලාව දාලා තියෙන්නෙ.
    ............

    හොඳම ප්‍රතිචාරය තෝරන එක තමා වැඩේ වෙලා තියෙන්නෙ. වැදගත් කමට ඉඳගෙන තෝරන්ඩ ගියාට මොකද හැම ප්‍රතිචාරෙම කියද්දි මට හිනායන්ඩ වගේ එනවා. බලමුකෝ ඒකෙත් හැටි!

    ReplyDelete
  58. ඔන්න මගෙත් අපක්ෂපාතී, සාධාරණ චන්දය..

    ජනප්‍රියතම චිත්‍රය-

    පප්පර පප් පප් , පප් පප් පාආආආආආආඅ.....

    අපේ පොඩ්ඩී... (අතේ ස්නායු වල ක්‍රියාකාරීත්වය ටිකක් මදි වගේ, මොකද කටු ඉඹුල ටිකක් වෙවුලලා වගේ..)

    හොඳම අද්භූත රසය ඇති චිත්‍රය - කතන්දරකාරයා -(අශෝක හඳගමගෙ ෆිල්ම් එකක් වගෙ මෙලෝ දානයක් තේරෙන්නෙ නැහැ )

    හොඳම ත්‍රාසජනක චිත්‍රය - අපේ මකරා....(රතු පාටින් ත්‍රාසජනක බව උද්දීපනය කරලා තියනවා

    හොඳම වර්ණ ස0කලන චිත්‍රය - ගීතික දිල්රුක් මාමා....

    හොඳම කලු සුදු චිත්‍රය - ජයග්‍රහකයින් දෙදෙනාය්..උන්නැහේ මාමා සහ හා පැටික්කී.

    හොඳම තාක්ෂණික චිත්‍රය - පැතුම් හර්ෂන මාමා Photo shop බුදු වේවා..

    හොඳම Commercial චිත්‍රය - අපේ නීතා නගා......ඇත්ත වශයෙන්ම කියනව නම් මෙම චිත්‍රය සතු පේටන්ට් බලපත්‍රය මිලදී ගැනීමට, Hair Gel සමාගම් කීපයක්ම ඉල්ලුම් කරා..
    මොකද මෙහි චූටි මහත්තයගෙ හිස් කෙස් විලාසිතාව 2012 වසරේ විලාසිතාව ලෙස නම් කොට තිබෙනවා..

    අවසාන වශයෙන් හොඳම චිත්‍රය ..........
    පප්පර පප් පප් , පප් පප් පාආආආආආආඅ.....

    ඒ අපේ පූසා මාමා ගේ චිත්‍රයය්........
    නිදහස් අතින්, පැස්ටල් මාධ්යයෙන් ඇඳි එම චිත්‍රය ඉතාමත් අනර්ගයි.

    ReplyDelete
  59. මේ ගැන ඕගොල්ලන්ගෙ අදහස් දක්වන්න පුලුවන්.

    සමහර විට තමන්ගේ සිත්තරෙ නොදුටුව පැත්තක් බලන අයට පෙන්නලා දුන්නොත් අපි කව්රුත් නොහිතන විදිහට ඒක ඉස්සරහට එන්නත් බැරි නැහැ!

    ReplyDelete
  60. චූටි මහත්තය......හෝව්, හෝව්,හෝව්,

    මෙන්න පළමුවැනි මැතිවරණ්......ආ...සමාවෙන්න මැතිවරණ නෙවෙයිනෙ......සිත්තරවරණ......හරි සිත්තරවරණ අක්‍රමිකතා පිළිබඳ පැමිණිල්ල,

    මම අපෙ නීත නෝනෙව දෙවෙනි ඉස්තානෙට තේරුව,

    / 5. නීතා නැන්දා - ලකුණු 29
    (එකේ ඒවා1 /දෙකේ ඒවා0/තුනේ ඒවා-8) /

    එතකොට මෙහෙම උනේ කොහොමදෑ?.......කියමු බලන්ට චූටි මහත්තයො?

    තවත් බරපතල අක්‍රමිකතාවයන් කීපයක් තියෙනව උනත් එව්ව් අපිට වාසිදයක නිසාවෙන් පෙන්වා දීමෙන් වළකිමි......හෙහ්, හ්‍රහ්,

    ReplyDelete
  61. රවි මුත්තෙ,
    එතන පොඩි අතපසු වීමක් වෙලාය කියලා මම පිළිගන්නවා. හැබැයි ඒක සමස්ථ ප්‍රතිඵලයට කොහෙත්ම බලපෑමක් කරන්නැ.

    දැං ප්‍රතිඵල ලේඛණයේ තියෙන්නෙ මෙහෙමනේ
    (එකේ ඒවා1 /දෙකේ ඒවා0/තුනේ ඒවා-8)

    ඕක වෙලා තියෙන්නෙ ඉලක්කම් දෙකක් මාරු වෙච්ච එක විතරයි. නීතා නැන්දට තියෙන්නෙ එකේ ඒවා 1 යි, දෙකේ ඒවා 8 යි.

    දැන් තේරෙනවානෙ නිතා නැන්දට එක තුනක් වත් නැහැ.

    ReplyDelete
  62. කවිකාර ඔය අක්‍රමිකතා පෙන්නන්න ගිහින්. මට පේන්නෙ වලවුව තහනම් කලාපයක් කර ගන්න වගේ යන්නෙ.

    මටත් පේනවා පොඩි පොඩි අක්‍රමිකතා වෙලා වගේ කියලා...... :-)

    ReplyDelete
  63. Guys My first vote to Podi Kumarihami Nenda , 2nd Vote to again POdi Kumarihami Nenda , 3rd Vote also to Podi Kumarihami Nenda

    I gave all my 3 preferential votes :) under democracy of SL :)

    ReplyDelete
  64. "9. පූසා මාමා - ලකුණු 05"
    "(එකේ ඒවා 0 /දෙකේ ඒවා1/තුනේ ඒවා-3)"

    එකතු කරලා බලන්ට ආයේ පාරක් හරිද කියලා :D
    අන්තිමයා උනත් හරි විදිහට අන්තිමයා වෙන්ට එපායැ :D

    ReplyDelete
  65. පොඩ්ඩි අක්කි ගේ චිත්‍රය ලස්සනයි. අක්කි පොඩි ළමයෙක් අඳිනවා වගේම ඇඳල තියනවා. කටු ඉඹුල චූටි මහත්තයා දකින විධිය එයින් හොඳින් නිරූපනය වෙනවා. චූටි මහත්තයාගේ බයත් හොඳට ඒයින් පේනවා. එයට මගේ මනාපය.
    කතන්දර අංකල්ගේ චිත්‍රයත් හොඳයි.

    ReplyDelete
  66. හරි,හරි, චූටි මහත්තයො,දැන් හරි,

    පැහැදිලි කිරීම ගැන ස්තූතියි......පොඩි මුද්‍රණ දෝෂයක් නෙව වෙල ඇත්තෙ,

    ඔය පොඩි පොඩි දෝස ගනන් ගන්ට එපල්ල....කොල්ලනේ......චූටි මහත්තය එව්වට මොනවහරි ජිල්මාට් එකක් දායි.......හෙහ්, හෙහ්,

    ReplyDelete
  67. මේ ප්‍රතිපල හදලා තියෙන්නෙ මැනුවල්.

    කොම්පියුටරෙන් හරිම ප්‍රතිඵල දෙන්නෙ ඉරිදා හවස 6න් පස්සෙ.

    ඒකට ඕන දත්ත තාම කවනවා. වැඩේ කියන්නෙ කවන එක තමා හරිම අමාරු අප්පා. තනිකර basic HTML වලින්මයි කවන්න වෙලා තියෙන්නෙ.

    දැං ඔය කට්ටියගෙන් කව්රුහරි කමන්නැ.....දුවලා ගිහිල්ලා බුද්ධි මාමගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකට රීලොඩ් එක්ක දාලා එන්ඩ. හැබැයි පොරකන්ඩ බෑ...!

    (මේ දෙවෙනි පාර ටයිප් කලේ! දත්ත කන්නැති උනාට, මේ කනෙක්සන් එක ටයිප් කරන ‍කමෙන්ට් නං කනවා ඕසෙට)

    ReplyDelete
  68. ආහ්....හරි හරි, දැන් නෙව තේරුනේ,

    මේ පොරතිපල හදල තියෙන්නෙ චූටි මහත්තය නෙවෙයි මැනුවෙල් අයිය නෙව. හෙහ්, හෙහ්,......ඔය මැනුවෙල් අයිය ඉන්නොව නේද.......දෙකේ පංතියටවත් ගියේ නෑ මයෙ හිතේ......ඉතිං පොරතිපලේ ඔහොම වෙන එක අහන්ටත් දෙයක්ද?......

    ළමයි......කළබොල වෙන්ට එපල්ල, ඉරිද හවස කොම්පියුටරෙං හරිම ප්‍රතිපල දෙනව කියනවනෙ අපෙ චූටි මහත්තෙය....එතකල් ඉවසං ඉඳිල්ල....හෙහ්, හෙහ්,

    ReplyDelete
  69. [බුද්ධියො, කලිං කමෙන්ට් එකේ පොඩි අඩුවක් තියෙනවා.. ඒක නැතුව මේක දාන්ට..]

    මෙතන හොර ගුහාවක්නෙ බොල.. බුද්ධියා කම්පියුටර් ජිල්මාට් දානව වගේ..

    // 1. පොඩ්ඩි නැන්දා - ලකුණු 55 (එකේ ඒවා10 /දෙකේ ඒවා0/තුනේ ඒවා-1) //

    ඈ බොල ඒ කොහොමද?? (5x10)+(1x1)=51

    // 2. කතන්දර මාමා - ලකුණු 46 (එකේ ඒවා9 /දෙකේ ඒවා1/තුනේ ඒවා-0) //

    හපොයි.. (5x9)+(3x1)=48

    // 3. හර්ෂන මාමා - ලකුණු 36 (එකේ ඒවා6 /දෙකේ ඒවා2/තුනේ ඒවා-2) //

    (5x6)+(3x2)+(1x2)=38

    හපොයි.. මං වැඩේ අතාරැලා දැම්මා... මේ ඡන්දය වෙනුවෙන් නිර්පාක්ෂික මැතිවරණ නිරීක්ෂකයින් අවස්ය බවයි මගේ හැගීම..

    ReplyDelete
  70. මං හිතුවා ඉතිං නිකං තියෙන මගෙ ඡන්දෙත් දීලා දාන්ට.. ඕක වෙන කවුරුහරි දැම්මොත් හෙම..

    1. නීතා
    2. නීතා
    3. නීතා

    (ඔන්න මං ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරනවා, මේ ඡන්දය දැමීම වෙනුවෙන් මට කිසිම ආකාරයේ බලපෑමක් -ඊමේල් මාර්ගයෙන් හෝ වෙනයම් මාර්ගයකින් හෝ- සිදුනොවූ බවට) :D

    ReplyDelete
  71. හපොයි බුරුතමාමේ,

    වෙච්ච වැඩේ බලමුකො ඉතිං!

    අයින් කොරන්ඩ කියලා තියෙන එක දැක්කෙ පස්සෙ කියමුකො. මට දැං ඔක්කොම ටැපලිලා.

    ඇරත් දාන්ට කියලා තියෙන එකේ උඩින්ම තියෙන්නෙ

    [බුද්ධියො, කලිං කමෙන්ට් එකේ පොඩි අඩුවක් තියෙනවා.. ඒක නැතුව මේක දාන්ට..]

    මෙතන විනිවිද භාවයගැන ගැටලුවකුත් එනවනේ. අනිත් අය මගේන් අහයි "කලින් එක මොකද්ද? කලින් එක මොකද්ද?" කියලා.

    හා කමන්නැ කියමුකො! දැං කොකද මාමේ අයින් කොරන්ට ඕනැ ?:D

    .............
    ඔය නීතා නැන්දා, සිත්තරෙ එවලා තිබුනෙ පොඩ්ඩි නැන්දා අතේ. ඒතරමට ලැජ්ජාවෙ හිටියෙ. ඒ හින්දා මටත් හිතෙන්නෙ කිසිම විදිහක බලපැමක් වෙන්ඩ නැතුව ඇති.

    ReplyDelete
  72. .@ Buratheno,

    අඩේ මලේ...මොකදෑ මේ කොලේ?......දෙයියෝ සාලෙ උඹ වැඩේ කෑව නෙව.....අම්මප උඹ වලව්වෙ සේවකයෙක්ද.....නැත්නං හතුරෙක්වත්ද?

    චී...චී...චී....බොහොම කැතයි......අප්‍රසන්නයි......මනෝරම්‍යයයි.......වර්ණනාවිෂයාත්‍රිකාන්තයි.....හෙහ්, හෙහ්,

    ReplyDelete
  73. This comment has been removed by the author.

    ReplyDelete
  74. ලාංකීය මැතිවරණ පොරපිටියෙ තියන වලව්වෙ බලපෑම මෙතන හොඳින්ම ප්‍රතිනිර්මාණය වෙනවා..මොනවා උනත් වලව්වෙන් එළියට ඇවිත් ජනතාවගෙ සිතුම් පැතුම් තේරුම් ගත්, පොළවෙ පය ගහල ඉන්න ප්‍රගතිශීලි කාන්තාවක් විදියට මගේ සහයෝගයත් මම පොඩි කුමාරිහාමිට දෙනවා...

    හරියටම 1994 වගේ...රැජින මමයි අපේ රාජ්ජේ.....

    ඔන්න පොකුට තව පහක්.....

    ReplyDelete
  75. රවී මුත්තෙ,

    නාඩ ඉන්ඩ නාඩා ඉන්ඩ!

    අනේ අපිට බැරිඋනානේ රවී මුත්තගෙන් අනාවැකියක් අහගන්ට. ඒත් ඉතිං අපි ඇහැව්වනං ඇගිලිදෙක උස්සනවා ඇරෙන්ට මොනවා කියලා කියන්ටද නේද මුත්තෙ.

    කෝකටත් රවී මුත්තෙ කට පරිස්සොමට.

    කෙහෙල්කොටුවේ කරක්ගහන්ට එන එව්වො, මුත්තා කියන කතා අහලා පොඩ්ඩි නැන්දගේ වයස කාරිය එක්කහුකරලා හදාගත්තොත් හේම මුත්තට දත්ඇන්ද ඉනේ හංගං තමා බත් කන්ටවෙන්නෙ.....ඕං මංකිව්වා

    ReplyDelete
  76. ඔන්න මගේ ඡංදය හා පැටික්කී නැන්දාගේ චිත්තරයට

    ReplyDelete
  77. ලකී,
    චෞර රැජින කියෝලා තියෙනවද?

    ReplyDelete
  78. හපොයි..පොකුට අපහාසයක් වෙයි කියලා තමයි මම 1994 ගැන කීවෙ...පොකු නොමග ගියොත් 1999 ට එමු...

    රැජින මමයි අපේ රාජ්ජේ....

    ReplyDelete
  79. මේ කවිකාර නොහොත් රවියා,

    අනුන්ගේ ගෙවල් ගානේ ගිහින් මගේ වයස ගැන බින්න අතාරින ලස්සන. මගේ චිත්‍රේ දිනවන්ටද මේ මනුස්සයා හදන්නේ නැත්නම් මාව පරද්දලා දාන්ටද? ඔය ඉතින් කොල්ලන්ගෙන් පොඩ්ඩිව බේරගන්ට අත්තම්මා ගහලා එවන ගැට තමා. කවුරුත් ඕවට රැවටෙන්ට එහෙම එපා.

    අන්න අත්තම්මා කවියව හොයනවා....

    අත්තම්මේ මේ කවියා මට එක, එක ඒවා කියනෝ...:D:D:D

    ReplyDelete
  80. සමා වෙන්න ටැපලුනා...1999 නෙවෙයි... ඒක මම හිතන්නෙ 2003 න් පස්සෙ...

    ReplyDelete
  81. @ බුද්ධි,

    / කෙහෙල්කොටුවේ කරක්ගහන්ට එන එව්වො, මුත්තා කියන කතා අහලා පොඩ්ඩි නැන්දගේ වයස කාරිය එක්කහුකරලා හදාගත්තොත් හේම මුත්තට දත්ඇන්ද ඉනේ හංගං තමා බත් කන්ටවෙන්නෙ.....ඕං මංකිව්වා /

    දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ.....අනෙ මයෙ සත්තරනේ......ඔන්න මට වෙන්නෙම ඔහොම අලකලංචිම නෙව......හෙහ්, හෙහ්, අර රජ්ජුරුවංගෙ මැස්ස එලවන්ට කඩුවෙං පත බාපු වඳුර තමයි මම හිතන්නෙ මම ඉහතාත්මෙ......හපොච්චියේ....මට වෙච්චි දෙයක්......ඒ කොමෙන්ට් එක මකන්ටත් බෑ නෙව දැං........

    හරි ඒක මෙහෙම සංසෝදනය කොටමු....වෙන මක්ක කොරන්ටද.....

    පොඩ්ඩිගෙ අනිවාරිය ජයග්ගිරහනිය ගැන කතාකොරනකොට මට ඔන්න මතක් වෙන්නෙ අවුරුදු පාලහකට එහා අතීතෙ......හෙහ්, හෙහ් ඒ කාලෙ ඔන්න අපෙ පොඩ්ඩිට ඇති....ඔන්නම්......ම්..ම්...ඒ හැටි වයසක් නෑ....අවුරුදු.... වැඩිම උනොත් තුනක් හතරක් විතර......

    ReplyDelete
  82. හොදම සිත්තරය ලෙස මගේ තේරීම හා පැටික්කීගේ සිත්තරේ....

    සැලකිය යුතුයි: සියලු ප්‍රසිද්ධ ජාල කටයුතු වලින් තාවකාලිකව ඈත්ව සිටින මා හට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ හා නංගීගෙන් කිසිදු ආකාරයක අනියම් බලපෑමක් දුරකථන මාර්ගයෙන් sms මාර්ගයෙන් ඊ මාර්ගයෙන් චැට් මාර්ගයෙන් හෝ වෙනත් කිසියම් මාධ්‍යයක් ඔස්සේ කිසිදු බලපෑමක් නොවූ බව තරයේ අවධාරණය කරමි.

    පලි:- කෝ හාවිගේ සිත්තරේ කීවෙනියටද තියෙන්නේ මට ඒක හොයාගන්න බෑනේ.

    ReplyDelete
  83. මෙන්න මෙතනදී... මගෙ මොන්දිසෝලියෙ ඉදල මොට වෙලා තිබ්බ සම්භාව්‍ය චිත්‍රකලා ඥාණයෙන් උපයෝගී කරගෙන ලෝකයේ නවකතා සම්භන්ධ ප්‍රවීණයන් විසින් අදින ලදි චිත්‍ර වල අනුසාරයෙන් මේ සෑම චිත්‍රයක්ම භාජනයකට දාල කරපු පරීක්ශණයට අනුව ගත්කල්හී හා පැටික්කීගේ නිර්මාණය මෙතෙක් ලොව පහලවූ අග්‍ර ගණයේ සම්භාවී චිත්‍ර ගණයට අයත් දුර්ලභ වර්ගයේ උසස් ගණයේ කුලයකට අයිති රේඛණ ශිල්ප භාවිත කර අදින ලද විශිශ්ධ ගණයේ පැන්සල් රේඛා වර්ගයේ ඩිජිටල් චිත්‍රයක් බව තහවුරුකරගත්තා ඒ අනුව චිත්‍රයේ සුදු පැහැති පසුබිම තුලින් චිත්‍රයට නරබන්නාට කැමති විදියට චිත්යේ බැග්‍රවුන්ඩ් එක සිත තුළ චිත්‍රණය කරගැනීමේ හැකියාවක් ලබාදීමට තරම් මේ උසස් කළාකාරිය සමත්වෙලා තියෙනව.. ඊට අමතරව චිත්‍රය වටේ ඇද ඇති රේඛා කීපයකින් පමණක් චිත්‍රයට 3D effect එකක් ලබා දීමට තරම් ඇගේ පරිකල්පන හැකියාව ඉතා ඉහල මට්ටමක පැවතිලා තියෙනව (මේ චිත්‍රය අදින අවස්ථාවේ දී) මීට අමතරව පිකාසෝ වැනි අග්‍රගණයේ චිත්‍ර ශිල්පීන් අනුගමනය කල නොම-සරල රේඛ්‍යා භාවිතයෙන් නිර්මිත මිනිස් චරිත වල කලාත්මක බව රැකීමට මෙන්ම තාත්විකත්වය සුරැකීමට ඇයගේ නිර්මාණය තුළ යොදාගෙන ඇත්තේ පිරිමි රූප කාන්තා රූප වලට වඩා උස වැඩිකර ඇදීමේ අග්‍ර ගණ්‍ය චිත්‍රණ විදික්ක්‍රමයයි. කෑම මේසයේ රෙද්ද පමණක් නොව.. පුටු කකුල් වැනි කුඩා දේවල් ගැනද මනා සැලකිල්ලක් දක්වමින් චිත්‍රය නිර්මාණය කිරීම තුළින් ඇගේ චිත්‍රකලාවේ ප්‍රවීණත්වය මොනවට පැහැදිලි කරන සාධක බව ඔබ සැමට දැන් මොනවට පැහැදිලි වෙන බව පැහැදිලියි. මෙ. මේ අනුව හා පැටිකිගේ මේ මා හැගි නිර්මාණය අද්විතීය මෙන්ම සම්භාවී නිර්මාණයක් බව හා මෙහෙදී ප්‍රථමස්ථානය ලැබීමට සියල් සුදුසුකම් සපුරා ඇති චිත්‍ර නිර්මාණයක් බැවු ප්‍රත්‍යක්ශය.

    ReplyDelete
  84. මනාපය හා පැ‍ටික්කි‍ට :D

    ReplyDelete
  85. මගේ මනාපය හා පැටික්කිට :D :D

    ReplyDelete
  86. මෙහෙම උඩ බලන් හිටියොත් මට අන්තිම ඉස්ථානයත් නැතිවන නිසා මං පටන් ගත්තා චන්ද ව්‍යාපාරයක්. අනික මැතිවරණ කටයුතු ඇහැකි කියලා චූටි මහත්තයත් කීවනේ...... අනික් අය කොරනවනම් මං කොරාම මොකෝ......... හික්ස්........

    මගේ මල්ලි ඒක ප්‍රොමෝට් කරන් යන එක ගැන බෝම සතුටුයි....... මටත් වඩා උනන්දුවෙන් කරගෙන යයි. නොදන්නා අයද චන්ද පොලට බලෙන් එවයි. මෙවන් මලයෙක් ලැබූ මා මොකෙක්ද මංදා.......

    ලබන වසර උ/පෙ දී වැඩි වැඩියෙන් ඉසෙඩ් අගය ඉහල යැවේවායි පතමි......!!!!

    හික්ස්.........

    ප.ලි හරි මල්ලි චොකලට් එක මං අයියට කියන්නම් අරන් දෙන්න කියලා. ඒවා මතකයි. :DDDDD

    ReplyDelete
  87. මම කැමතියි හා පැටික්කිගෙ එකට !! lol

    ReplyDelete
  88. මමත් කැමති ගැඹුරු අදහසක් කැටි වෙච්ච කතන්දරගෙ චිත්‍රෙට

    ReplyDelete
  89. :O.. අහවල් අහවල් හේතු නිසා අර අහවල් තැන අහවල් විදියට ඇඳල තියෙන නිසා ම්ම්ම් තව අහ් අහවල් එක අහවල් එක විදියටම ඇදල තියෙන නිසා මයේ චන්දෙ අහවල් කෙනාගේ අහවල් එකට.... xD xD

    ReplyDelete
  90. මට නම් ලස්සන පූචගේ ච්ත්තරය

    ReplyDelete
  91. මට නම් ඉතින් විචාර දෙන්න තේරෙන්නේ නෑ ඔන්න :D

    මට නම් නිකන් පූසාගේ එක හොදයි වගේ

    ReplyDelete
  92. මෙන්න ඉතාමත් වටිනා ඡන්ද ප්‍රකාශ කිරීමක්..
    මගේ මනාප දෙකක් දෙනවා පූසාට.. ඒක පට්ටයි..! අනික් මනාපේ දෙනවා ගීතික දිල්රුක් මාමාට.. එතකොට... ඡන්ද ගනිද්දී බාරගන්නේ එකයි නම්.. ඒක පූසාට එකතු කරන්න.. :D

    ReplyDelete
  93. හෆ්ෆා මං මේක දැංනෙව දැක්කෙ.. වැඩේ නං සෝයි.. චිත්‍රත් සෝයි නොවැ.. මගේ මනාපය පූස් මලයගෙ චිත්තරේට.. :)
    සංවිධානය කරද්දි ඔක්කොම චිත්‍ර අදින්න එකම මාධ්‍යයක් තෝරගත්තානං තවත් සෝයි කියල හිතෙනව.. :)

    ReplyDelete
  94. පූෂට වෝට් එකක් දානවා

    ReplyDelete
  95. හා පැටික්කිට මනාප +1.

    හිතාගන්න බෑ ඒත් මම කැමතිම ඒකට

    ReplyDelete
  96. බුද්ධියො, ඕං අර කමෙන්ට් එක මංම මැකුවා..

    මේ@ මට ආයෙමත් පාරක් ඡන්දෙ දාන්ට බැරිද බං..?? මේ පාරනං ඇත්තම ඇත්ත එක තමා දාන්නෙ.. හොර ඡන්ද දාලා ඉවරයි.. :)

    ReplyDelete
  97. බුරුත මාමේ,
    මං හිතන්නැ හරි විදිහට තමන් කැමති කෙනාට ඡන්දයක් දාලා බුරුත මාමට විසුමක් වෙයි කියලා......

    ReplyDelete
  98. මට පේන්නෙ වලව්වෙ උන්දලා ටික ඡන්ද පොරේට බැහැලා වගේ. මුලින්ම සිත්තරෙ මුණ බලාගෙන දෙන්ඩ බෑ කියලා පොඩ්ඩි නැන්දගේ අතේ එව්ව නීතා නැන්දා තමා වැඩියම!

    උන්දැ රෑ සිස්සෙ ඡන්ද පෝස්ටර් ගහලා නිදිමතේ අන්න ඡන්ද පොරොන්දු වගයක් දීලා ගිහිල්ලා‍ මං දාපු එහා ලියමනට.

    මං ඒක කොපි කරලා දානවා හැබැයි මෙදා පාර විතරයි. නීතා නැන්දා නිදිමතේ බුක්මාක් කොරං ඉන්නෙ එහා පැත්තෙ ලියමන දැං කී වංගියක් ඒකට කමෙන්ට් ආවා කියලද?

    ඒක නෙමේ කෝ මේ අපේ දේශීය බලවේග කාර කාරියො ටික......!

    ReplyDelete
  99. හොඳම චිත්‍රේ විදිහට මම තෝරන්නේ පූසගේ චිත්‍රේ.

    ReplyDelete
  100. Neetha has left a new comment on your post

    කරුණාවෙන් සවන් දෙන්න,
    මේ අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ආරම්භ කරන ලද මෙගා චිත්‍ර තරඟයයි.

    පළමුවෙන්ම මම මා වෙනුවෙන් මනාපය දුන් සැමටම ස්තූතිය පුද කරමු.( එක්කෙනෙක්ට නම් " මි " එක්කෙනාට වැඩි නිසා " මු" වෙන්න එපැයි )

    ඊලඟට මා කියන්න කැමතියි මේ වේදිකාවේදී ( දේශපාලන වේදිකාවක් එහෙම නෙවෙයි )මා මෙම චිත්‍ර තරඟයෙන් ප්‍රථම ස්ථානය ලැබුවොත් මට මනාප දුන් සියලු දෙනාටම ප්‍රණීත දිවා ආහාරක් පිරිනමනවා. ( ඡන්ද පොරොන්දුවක් ) ඒ වගේම දිවා ආහාරය කිව්වට යාලුවො ඉන්න රට රටවල් වල හැටියට මේ කෑම වේල උදේ , රෑ විදිහට වෙනස් කරන්න වේවිද දන්නෙ නැහැ?

    මේ අවස්ථාවේදි විශාල ප්‍රීති ඝෝෂාවක් ඇහෙනවා , ඔව් මට මනාප දුන් අයගේ පෙලපාලියක් . නීතා, නීතා, නීතා, නීතා, නීතා ( අප්පෝ මල කන්දොස්කිරියාවක්නෙ, මනාප එපාවෙනවා.) සතුටුයි , සතුටුයි හිතවතුනි , දැන් ගෙවල්වලට යන්න හොඳේ. හෙට බලමු මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
  101. බුද්ධියෝ ..උඹ වලව්වට ගිහින් හොඳට සප්පායම් වෙලා නේද ආවෙ...අර හිත හොඳ පොඩි කුමාරිහාමි දිහා බලාගන මොනවත් කියන්න බැරි නිසාම ඉවසනවා...

    මේක නිකම් අහවලා අහවලා ගෙ ගෙදර ගිහින් හැලප කාලා බ්ලැක් කොෆී බීලා අහවල් දේට අහවල් දේ කලා වගේනෙ.....

    ReplyDelete
  102. අනේ ඉතින් ඔන්න මට නම් දිනුවොත් දෙන්ට කිසිම දෙයක් නෑ (මොකටද නිකං බොරු පොරොන්දු දෙන්නේ )මගේ හොඳ හිතයි, ඉහින්, කනින් බේරෙන ආදරෙයි, පැනි හැන්දකුයි ඇර. මට ඉතින් නීතාට වගේ උයන්ට , පිහින්ට බැරිබව කවුරුත් දන්නවා. බූරා එයාට මනාප තුනම දුන්නේ ආදරේ නිසා. මෙච්චර ආදරේ බෙදන පොඩ්ඩිට මනාප තුනම එකවර දෙන්ට කෙනෙක් නොහිටීම ගැන (දෑසේ කඳුලු සඟවා ගනිමින් සහ අමාරුවෙන් ඉකිය මැඩ ගනිමින් ) පොඩ්ඩිගේ හිතට හරිම අමාරුයි.

    ඉහි...ඉහි...ඉහි...හී හී හී හී ඊඊඊඊඊඊ...:D:D:D

    මට ආයම ජන්දේ දෙන්ට බැරිද? පූස් මල්ලිටයි, හා පැටික්කි නංගිටයි මනාපේ දෙන්ට මමත් කැමතී...ඒ දෙන්නට මම හරිම ආදරේ...:)

    ReplyDelete
  103. හොඳම චිත්‍රේ විදිහට මම තෝරන්නේ පූසගේ චිත්‍රේ

    ReplyDelete
  104. චූටි මහත්තෙයො,

    මේ...... බැරිද මම දුන්නු මනාපෙ කටු ගාල ආයෙත් පාරක් චන්දෙ දාන්ට?

    උඹැහෙට කියන්ට චන්දෙ දාන්ට එද්දි මම උන්නෙ උතුර දකුණ මාරුවෙන තරමට අනුමත වෙලා නෙව......හෙහ්, හෙහ්,

    චන්ද පොළට ඇවිල්ල මොනවා කියැව්වද කාට චන්දෙ දුන්නද කියල අඳෝ සංසාරයක් මතක නැහැ නෙව.....

    ReplyDelete
  105. ලකී,
    අන්න උත්තරේ මං පොඩිකුමාරිහාමේගේ මූණටම කියලා ආවා. ගිහිං බලන එකයි ඇත්තෙ..... :D

    .........

    සිත්තර වලට මනාප දිවිල්ල නං තාම අඩු නෑ. දෙයියංගෙ පිහිටෙන් එක දිගට තුන්වෙනි දවසටත් සයිබර් යායට ටැෆික් තියෙනවා කාලෙකට පස්සෙ....

    කාටවත් හිතෙන්නැද්ද සයිබර් යාය ෆලෝ කරන්න. 250 යි 300 යි අතරෙ ඉන්න වාසනාවන්ත ෆලෝ කරන්නෙකුටත් වටිනා තෑග්ගක් දෙන්න ගත්තු තීරනේ ඔන්න දැං සම්මත උනා.

    ReplyDelete
  106. රවී මුත්තෙ,

    උඹහැ ගං කරිඥ්ඤං ගහලා ගහලා ඇවිල්ලා මෙතන මාඥ්ඤමික වෙලාද අර හිටියෙ....

    හපොයි අර පොඩ්ඩි ගැන කිව්ව තකා ඔක්කොම ප්‍රලාප එහෙනං......

    කමන්නැ ඕන්නං ඡන්දෙ දාලා යන්ඩ.

    හැබැයි මේ තොරතුරු කොම්පියුටරේට කවද්දි ඕක අහුඋනොත්, ඔක්කාරෙට එයිද දන්නැ මැසිමට ඕං.....

    ReplyDelete
  107. ගිය පාර චන්දෙ දමන්ට ඇවිත් මම මේ අවසිහියෙං රටේ නැති විකාර කියෙව්වය කියල කියනව ගමේ කස්ටිය........ෂෙහ්, හතර විලිලැජ්ජාවයි නෙව,අර පොඩ්ඩි ගැනත් මොන මොනවද කියෙව්වයි කියන්නෙ.....අපොයි දෙයියනේ.....ඒ දැරිවිට ගැන මොනවා නම් කියැව්වද මංද?.....මොනව උනත් අනේ එව්ව ගනන් ගන්ට එපා......හරිය.....කාපු බීපු වෙලාවට කියන එව්ව නෙව.........හෙහ්, හෙහ්,

    හරි, දැන් බලමු හොඳ සිහියෙං ඉන්න වෙලාවෙ දෙන්ට මයෙ මනාපෙ.........හෙහ්, හෙහ්, වෙන කාටද ඉතිං මයෙ මනාපෙ..............ඔන්න චූටි මහත්තයො, මයෙ මනාප තුනම දානට ......අපෙ පොඩි කුමාරිහාමි මැතිණියට,

    ReplyDelete
  108. We give all our 3 preferential votes to Poddi Akki....:D:D:D

    Chutti 1.
    Cuutti 2.

    ReplyDelete
  109. මගේ මනාපේ

    3.හා පැටික්කී
    2.නීතා නැන්දා
    1.උන්නැහේ මාමා

    උඩ කස්ටිය නොසෑහෙන්න හේතුපාඨ දාල තියෙනවනෙ...
    ඒ හින්ද හේතුපාඨ ඕනෙ නෑ

    ReplyDelete
  110. මම හිතලා බැලුවා හොඳම චිත්‍රය පූසා ! ඇන්ද චිත්‍රය තමයි මම කැමතිම එක .. මගේ ජන්දය පූසාට !!

    ReplyDelete
  111. අනේ මේ මනාප කරමේ හින්දා කට්ටිය අමනාප වෙවිද කියලා.චන්ද පොරොන්දුවක් දීලත් තවම නැහැනෙ හොඳ පොරතිචාරයක්.හැබැයි එක්කෙනෙක්ගෙ මනාප 3ම ලැබුණේ පළවෙනියටම මටනේ කාටද ඉතින් ආඩම්බර?

    ඔන්න එහෙනම් මට මනාප දුන් සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි.

    ReplyDelete
  112. පූසා අයියා 1 චිත්‍රයක් විදිහට ගත්තොත්...
    අපේ මහත්තයා කියන හැටියට කතන්දර ගෙ ලයිට් ගිය චිත්‍රයටත් ගොඩක්ම කැමතියි... ඒක ගති....concept එක

    ReplyDelete
  113. මට නම් හිතෙන්නෙ හොඳම චිත්‍රෙ පූසගෙ. වර්ණ සංයෝජනයට මම කැමතියි.

    ReplyDelete
  114. 1.උන්නැහේ මාමා
    2.හර්ෂණ මාමා
    3.පූසා මාම
    හැබැයි අනිත් අයටත් කුසලතා සහතික වශයෙන් නෙක්ටෝ බීම බෝතලයක් බැගින් දුන්නොත්වත් හොදයි නේද?

    ReplyDelete
  115. අද හවස 4 න් ඡන්දෙ දාන වෙලාව ඉවරයි

    ReplyDelete
  116. හොව් හොව් මෙන්න මගේ චන්දය ...

    1. පූසා
    2. ගීතික
    3. උන්නෑහේ

    ReplyDelete
  117. අනේ චූටි මහත්තයා කොලුවෝ මගේ මනාප ටික ඔක්කොම දාපන් පුතේ පොඩ්ඩී කෙලීට. ඒකී හොඳ එකී. චිත්තරෙත් ඉතින් පංකාදුයි නොවැ.

    ReplyDelete
  118. ඉතාම දැඩි බලපෑමක් කර එවපු ඊ මේලය ලැබීමෙන් පසුව මම පොඩ්ඩිගේ චිත්‍රයට චන්දය දෙන්න තීරනය කලා.... ලංකාවේ අපි චන්දේ දෙන්න පුරුදු වෙලා තියෙන්නේ කැම්පේන් කරන කෙනාට මිසක් වැඩක් කරන කෙනාට නෙවෙයිනේ.... :D

    ReplyDelete
  119. //"ඕනය කිව්ව මේ ලෝකේ ඕනැම වැඩක් පුලුවන් ඕක විතරයි බැරි"//
    අනේ ඕකගේ කය්, පොඩි එකෝ....පොඩි පොඩි හස්ත කර්මාන්ත ඇරෙන්න වෙන මගුලක් වත් බැහැ ඕකට

    ReplyDelete
  120. Hi Everyone,
    I'm going to vote only for this competition.
    1st Place - http://sudupoosa.blogspot.com/

    2nd Place - http://podikumarihami.blogspot.com/

    3rd Place - http://status-chanaka.blogspot.com/

    ReplyDelete
  121. මං පූසව දැකල තියෙන නිසයි කියන්නේ උගේ චිත්‍රේ නම් උගේ පවුලේ ෆොටෝ එකක් ගැහුව වගේ. හොදම චිත්‍රයට හිමි තෑග්ග ලැබෙන්න ඕන ඒකට. අයි ලයික් ඉට්!

    ReplyDelete
  122. 1. උන්නැහේ මාමා
    2. සුදු පූසා
    3. ගීතික දිල්රුක්

    ඔන්න මංචිගෙ චන්දෙ.... :D

    ReplyDelete
  123. මම පළවෙනි තැනට තෝරන්නේ පූසගේ චිත්‍රේ

    ReplyDelete
  124. "මම පළවෙනි තැනට තෝරන්නේ පූසගේ චිත්‍රේ"

    ReplyDelete
  125. දැනට වැටිල තියෙන චන්ද පොරමාණෙ ගණං හදපුවාම ...හෙහ්, හෙහ්.....කියන්ඩත් සතුටුයි.....අපේ පොඩ්ඩි තුමී තමයි අංක එක........කිසිම තරඟයක් ඇත්තෙම නෑ............ඒ නිසා ඔය අන්තිම මොහොතෙ චංද පොළට දුවගෙන එන කස්ටිය නිකං රේස් එකේ නෝ වෙයාර් ඉන්න අස්සයින්ට ඔට්ටු අල්ලල විකාර කරන්නෙ නැතුව........දෙන්න ඔබේ වටිනා චන්දය......දැනට අංක එක.....................ඔව්.......කව්ද?.........වෙනින් කවුරුවත් නෙවෙයි, නිර්භය සිංහල කාන්තා පරපුරේ ප්‍රතිමූර්තිය......අග්නිදිග ආසියාවේ මල් වෙඩිල්ල...............අධීන දෘෂ්ඨි කෝණයේ හතර වන මානය,....ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ නව නැම්ම.............ඔව් අති ගෞරවාර්හ ධුරන්ධර .....පොඩි කුමාරිහාමි මැතිණිය......

    ඇගෙ දස්කම් දන්න අයයි,
    පොඩ්ඩිට මේ චන්දෙ දෙන්නෙ,
    නොදන්න අය අද හවසට,
    කොහොමත් ඒ දැන ගන්නේ,

    පොඩ්ඩි අපිට.....අපි පොඩ්ඩිට,
    පොඩ්ඩි වටේ සෙනඟ පිරේ,

    එන්න ළමයි රොද බැඳගෙන,
    කෙහෙල් කොටුවෙ චන්ද පොලට,
    ඔබෙ වටිනා චන්දෙ දෙන්න,
    පොඩ්ඩිට කප් එක ගහන්ට,

    කප් එක කොහොමත් පොඩ්ඩිගෙ,
    නෝ හෙල්ලුං පොල් මැල්ලුං,

    ඔන්න ඉතිං මේ වෙලාවෙ,
    දිවියඥාණෙට පෙනෙනව,
    අද හතරට අර කප් එක,
    පොඩ්ඩි අතේ දිලිසෙනවා,

    හිප් හිප් හිප් හුරේ හුරේ,
    පොඩ්ඩි මහපු කොට්ට උරේ,

    අපක්සපාතව චන්දය,
    ගනන් කරපු බුද්ධි ලමය,
    මේ තුතිමල් ඔබට පුදමි,
    යුක්තිය ඉටු උන හන්දා,

    අඩෝ බුද්දි, උඹ දැනගං,
    දිනුවෙ නැතොත් එහෙම පොඩ්ඩි,
    පෙති ගහනව කෙහෙල් කොටුව,
    අනෙ අම්මප මේ ඇත්තයි,

    ඔන්න විරුදු පෙල ඉවරයි,
    හැමටම සම්බුදු සරණයි!!!

    ReplyDelete
  126. දැං කොයි රටේ වෙලාවෙන්ද ඔය හතර?

    ReplyDelete
  127. ලෝකල් ටයිම් තමා!

    ReplyDelete
  128. රවී අයියේ පොඩ්ඩක් සද්ද නොකර ඉන්නවද? මගේ චන්ද ව්‍යාපාරේ විනාස නොකර :D ඔයාගේ සද්දෙට මට අමතක වෙනවා තව මගේ ඡන්ද ඉතුරු ඡන්ද දායකයන්ගේ නම් ලයිස්තුව :D

    ReplyDelete
  129. @පූසා...

    යකෝ මොන දේ නැතත් වැපාගේ චන්දේ ගත්ත කියන්නේ උඹ දිනලා ඉවරයි බං..:D:D:D පුළුවන්නං මරණයාගේ එකත් ගනින් ආයේ ඉතිං එයිට වඩා සුපිරි සම්මානයක් හම්බ වෙන්නේ නැහැ.

    ReplyDelete
  130. 1. puusaa 3. giithika 2. pathum darshana

    ReplyDelete
  131. 01.
    05.
    09 චිත්‍ර තමයි මගේ මනාපේ ඕං

    ReplyDelete
  132. @ maaraya,
    වැපය්, මරණයය්, දෙන්නම මගෙ බොගේ කොමෙන්ට් දාල තිබ්බ බොලේ...හෙහ්...හෙහ්..... මාත් එහෙනං පොරක් ඈ.........

    ReplyDelete
  133. පූසා මල්ලිට ජයවේවා....:D:D:D

    ReplyDelete
  134. කතන්දරගේ චිත්‍රය ඉතා උසස් විය හැකිව තුබූ මුත් මාතෘකාවට යටි ලියා ඇති විකාරයක් නිසා ප්‍රේක්ෂකයාට ස්වකීය පරිකල්පනයෙන් විඳගැනීමට තිබූ රසයට දැඩි බාධාවක් එල්ල වී ඇතිබව හැඟෙයි, ඒ නිසා එයට චන්දය දිය නොහැක.

    මකරාගේ චිත්‍රය ඇඳ ඇත්තේ තමා ගැනම සිතා බව පැහැදිලිය. නැත්තම් කටු ලඟින් ඇති මුල හරියෙන් ගසට නොනැඟ අමාරුවෙන් එල්ලී අගින් නගින්නේ ඇඟ තරමට මොළය නැති මකරෙකු මිස මොකෙක්ද? මේ නිසා ඒකටත් චන්දයක් නැත!

    කුමාරිහාමිගේ කටු ඉඹුලේ හටගත් ඵලයක "මට බෑ" යනුවෙන් කෙටූ එකා මොකාදැයි පැහැදිලි නැත! අතුවලට වඩා කටු ලොකු මේ ගස් නිරයේ මිස මෙහිනම් වැවෙන්නට ඉඩක් නැත!අච්චර අමාරුවෙන් ගහේ ඉන්න එකාට ලිප්ස්ටික් පාර හිටින්න තොල් සාත්තුවක් දුන්නෙ කුමාරිහාමිදැයි සැකය. ඒ නිසා එයටද මනාපයක් නොදෙමි.

    කරන්ට් වැදුන පොඩි එකෙකුගේ අතට ෆලූඩ දෙන්නට හොඳ නැති බව නොදන්නා නීතාට මොන චන්ද්ද?

    අර චූටිමහත්තයාගෙ අහිංසක මාමාට ගලගන්ඩය ඇතැයි වැරදි වැටහීමක් ඇතිකරවන බැවින් සහ පත වීදුරුවක් වක්කරගත් නමුත් තවමත් බෝතලය පිරී ඇති බැවින් ප්‍රේක්ෂකයා රවටන පූස් චිත්‍රයටද ලකුණු දිය නොහැක.

    කඳේ සහ ඔලුවේ තරමට කකුල් ලබ්බට ගැසූ ඉරටු මෙන් පෙන්වා අර අහින්සක මන්ද බුද්ධික දරුවාට කර ඇති අපහාසය නිසා සහ මෙවර ඇගේ නැන්දනියකට ගලගන්ඩය සාදවා ඇති නිසාද වග මාමාගේ චිත්‍රය වගේ වගක් නැත.

    හබරාදුවට සුනාමි ආ දා මෙන් පාවෙන මේස සහ මිනිසු ඇඳ ඇති "හා නෝනාට" මොන ලකුණුද? අනික ඔසරි ඇඳ අවුරුදු මේසෙට එන දකුණෙ නැන්ද කවුද?

    සියල්ලන්ටම නෙක්ටො කෝප්පය බැගින් දී තිබූ බව අමතක වෙනු පිලේ උන්දගේ මේසය ඔයි තරම් හීනි කකුල් වලින් සිටවා තබන්නේ කෙසේදැයි මට නොවැටහේ. නැවත වරක් සමබරතාව ගැන අවධානය බිඳුණු චිත්‍රයකි. අනික මේ තරම් පාළු අවුරුදු මේසයක කෑම්ට අච්චර දුරක් මේ කොළුවා ගෙනගිය උන්ට මඩුවල්ගෙන් තැලිය යුතුය.

    ඉහත හේතු නිසා එකෙකුටවත් චන්දයක් නොදෙමියි සිතුනද "ඔයා මනාපෙ දැම්මද " කියල අහපු විදියට මගේ සියළු ප්‍රථිපත්ති, විවෙචන අමතකවී පැණි දෙකණින් බේරෙන්නට වීම නිසා ( නොවේ ) කුමාරිහාමිට මනාප දෙකක් හා තව එකක් දෙමි.

    ReplyDelete
  135. 1.පූසා
    2.ගීතික
    3.මකරා
    මෙන්න මගේ කැමැත්ත,,අපි පූසට පූසා අපිට

    ReplyDelete
  136. මරුනේ අද අවසන් දවස නේ,,ච්ත්‍ර නම් පංකාදුයි,,,ඒත් පැහැදිලී ච්ත්‍ර දෙක 3ක් විතර නේ තියෙන්නේ,,කුරුටු ගාපු ඒවා නේ වැඩි

    ReplyDelete
  137. මට නම් ලස්සන පූසා ඇදලා තියන ච්ත්‍රය..එහෙනම් මගේ මනාපය
    1.පූසට දෙනවා ,,අනිත් අයගේ ච්ත්‍රත් ලස්සනයි ඒත් පූසගේ එක හිතට අල්ලලා ගියා,,,ඊට පස්සේ හිත ගියේ හර්ශන මාමගේ ච්ත්‍රයට

    ReplyDelete
  138. මාගේ චිත්තර දැනුමේ හැටියට නම් හා පැටික්කිගේ චිත්තරේ ඉතාම ඉහල තැනක තිබෙන බව කියන්න සතුටුයි.. :p ඔන්න මාගේ මේ වටිනා චන්දය අපේ ආදරණීය හා පැටිස් නැ නැ හා පැටික්කිගේ චිත්තරයට හිමිවනබව මෙයින් දන්වා සිටිමි; :D :D :D

    ReplyDelete
  139. චිත්‍රත් දැක්කා මේ වගේ චිත්‍ර නොදැක්කා.


    කතා දෙකක් නැ.එක කතාවයි.මගේ චන්දේ හා පැටික්ස්සි නගාට.

    ReplyDelete
  140. අප්පා මේක මාර තරගයක් නේ,,පූසාගේ ප්‍රචාරනයත් හොදයි අපි බස් රේඩියෝ එකත් එක්ක නිතරම ඉන්න අය,,අද දවසෙම පුසගේ ඇඩ් එකක් ඇහුනා,,,
    කොහොමත් කෙහෙල්කොටුවට කමෙන්ට් නොකලට නිතරම කියවන්න එනවා,,
    ඔන්න එහෙනම් මගේ චන්දයත් පූසට දුන්නා පලමු ස්තානයට
    දෙවෙනියට දෙන්නම් පොඩ්ඩි නැන්දට ,තෙවෙනියට ගීතික මාමට

    ReplyDelete
  141. කලින් චන්දය ලකුණු කොරාට, මනාප ලකුණු කොරාන්ට අමතක වී ඇත. මගේ මනාප 3 ම පොඩ්ඩි නැන්දාටය.

    සැ.යු : මේ චන්ද, මනාප, කිසිම බලපෑමකට, තර්ජනයකට, බියගැන්වීමකට, ඩප්පියකට යටත් නොවී ලකුණු කල ඒවා බව කියන්ට ඕනෑය. මොකද අපිත් ජීවත් වෙන්ඩ ආසය!

    ReplyDelete
  142. BRAKING NEWS....

    තවත් විනාඩි 28 කින් ඡන්දය දැමීම නවතා දමනු ලැබේ!

    ReplyDelete
  143. අපොයි, අපොයි ඔන්න මේ මනාප ටික ඔක්කොමෙ පොඩ්ඩි අක්කට.

    ReplyDelete
  144. මගේ කලින් චන්දය ඔන්න කැන්සල් කරනවා. මගේ මනාප තුනම පොඩ්ඩිට දෙනවා.

    ReplyDelete
  145. ඡන්දය පාවිච්චි කිරීමට ලබා දී තිබූ කාලය අවසානයි.

    ReplyDelete
  146. රවි මුත්තා,සදරු, මුහුදු, නිතා යන කට්ටියගෙ දෙවෙනි වතාවට දාපු ඡන්ද ගනන් ගන්නෙ නෑ.
    ............

    “අන්තිමයා“ගේ ඡන්ද කමෙන්ටුව ඇවිල්ලා නෑ. මොඩරේෂන් පිටුවෙත් මේල් එකෙත් බැලුවා තිබුනේ නෑ. ඡන්ද කමෙන්ටුව ආවේ නැද්ද කියලා අහලා දාපු කමෙන්ට් 3 ක් විතරයි තිබුනේ!

    අවශ්‍ය නම් cyberlipi@gmail.com එකෙන් විමසන්න.

    හෙට උදේ අපි ප්‍රථිපල සමග නැවත හමුවෙමු!

    සියලු දෙනාට පුබ පැතුම්!

    ReplyDelete
  147. දැන් ඡන්ද ගනින වෙලාව.මුරට දහ දොලොස් දෙනෙක්වත් දාන්ට වෙයි මයේ හිතේ.ඔය ඡන්ද හිටිගමන් වාශ්ප වෙනවා.

    ReplyDelete
  148. දැන් චූටි මහත්තයෝ..... හෙට උදේ වෙනකම් අර මැතිවරණ විකාශය කියලා එක එක වැඩසටහන් යන්නැද්ද කෙහෙල් කොටුවේ.......

    ReplyDelete
  149. පබලු,
    ඒ ගැන නං පොඩ්ඩක් වත් බයවෙන්ඩ එපා. අපි ඔක්කොම දැනටම කම්පියුටරේට “කවලා“ තියෙන්නෙ.

    ReplyDelete
  150. හා පැටික්කි,
    අපි මෙහෙම කරමු.
    ====================
    ඔව් සිත්තර තරගයේ ප්‍රථිපල නිකුත් වන තුරු ඔබේ රසවින්දනය වෙනුවෙන් අපි දැන් මෙම විකාශය බස්රේඩියෝ වෙත සම්බන්ධ කරනවා.

    එක්වන්න http://www.buzzradio.lk/ සමග

    ReplyDelete
  151. පොඩ්ඩි පහු ගිය දවස් වල මට වලවුවෙන් කුඩාම්මාගේ සැලකිලි ලැබුනේ,,ඒක නිසා මම මේ වෙලේ පූසගේ කැම්පේන් එකත් එක්ක හිටියේ,,,බස් රේඩියෝව හරහා පූසට පුලුල් ප්‍රචාරයක් දුන්නා,,,,,නොනිල ප්‍රතිපල මත පූසා ඉදිරියෙන් සිටින වග මට පේනවා,,පූසට ජයවේවා!!!

    ReplyDelete
  152. අම්මේ මේ ඡන්ද ප්‍රචාරණ කටයුතු වල යෙදිලා හවස් ගණං නිදි වරලා මාර අමාරුයි. දැන් තමයි හුස්මක් ගන්න පුළුවන් උනේ...
    මගේ ඡන්ද දායකයෙක්ගෙන් පැමිණීල්ලක් තියනවා(අන්තිමයා) කමෙන්ටුව නැති උනාය කියලා. ඒත් දැං මොනා කරන්නද... මගේ මනාපේ නැති උනාට කමක් නෑ එයාගේ විචාරේ ගන්ට පුළුවන් නේද? ඒක පොඩ්ඩයි දිග :D

    ඇත්තටම මට දැන් තමයි වෙලාවක් ලැබුනේ පොඩ්ඩි අක්කගේ කමෙන්ට්ස් ටික කියවන්නවත්. කෝ කොහෙද රවි අයියා මැද්දට පැනං බෙරිහං දෙන හන්දා එව්වා හරියට බලන්න උනෙත් නෑ :D
    පොඩ්ඩි අක්කත් මට දීපූ සහයෝගෙට ස්තූතියි. ඔන්න අක්කත් පළවෙනි ස්ථානය මට දීලා හා පැටිස්සිව දෙවෙනියාට තෝරලා තිතිබ්බනේ. ස්තූතියි අක්කේ.
    අර අක්කා මට එවන්න හද්පු වෑන් එක මම එපා කිව්වේ ඔව්වා ලංකාවට හරියන්න්නේ නැති හන්දා.. මම මේ වැඩ කටයුතු වලට ගත්තේ පුස් බයිසිකට් ටිකක්! :D

    ReplyDelete
  153. මගේ මනාපයත් පුසාට

    ReplyDelete
  154. සයිබර් යාය චිත්‍ර තරඟයෙන් 9 වන ස්තානය දිනා ගත් අපගේ "මකර අධිරාජ්‍යයාට" උණුසුම් සුභ පැතුම්..!

    ReplyDelete
  155. මගේ මනාපය හා පැටික්කිගේ සිත්තරයට....

    ReplyDelete
  156. 1.) හා පැටික්කි නැන්දා‍ගේ සිතුවම

    ReplyDelete
  157. පළවෙනියා හා පැටික්කි....

    ReplyDelete
  158. අපේ ඡන්දය හා පැටික්කිට‍‍.... ජය වේවා...!!!!

    ReplyDelete
  159. හොදම සිතුවම හාවි ඇඳපු එක තමයි.
    ජය වේවා අපේ හා පැටික්කිට....

    ReplyDelete
  160. හා පැටික්කිව දිනවමු.... අපේ මනාපෙත් හා පැටික්කිට....

    ReplyDelete
  161. කෝ මම දාපු ජන්දේ....

    ReplyDelete
  162. මෙතන ලොකු වංචාවක් වෙන හැඩයි...මේ ඡන්ද ටික හංගපු ඡන්ද පෙට්ටියකින් එළියට ආ ඒවා වගේ....

    ReplyDelete
  163. අනේ දෙයියනේ මේං පරිප්පු නැති හෝටල් වලිං හිට හාවිට ඡන්ද ලැබිලා වෙලාව ඉවර උනාට පස්සේ :D

    ReplyDelete
  164. අඩෝ බුද්ධියා... මේ චන්දේ මෙහෙම ඉවර කරන්ට දෙන්ට බැහැ..දැනුයි පිරිසිදු චන්ද ටික වැටෙන්නේ.. ආයේ මේ චන්දත් ගැනපං...
    (කොහොම හරි හාවි 1ට එනකල්ම මේ චන්දේ ඇදගෙන යන්න ඕන අරී..නැත්තං බුද්ධියත් ඉවරයි..කෙහෙල් කොටුවත් ඉවරයි..තොගේ ඔය දුන්නත් ඉවරයි අරී...)

    ReplyDelete
  165. අන්තිමයාගේ අතුරුදන් වූ කමෙන්ටුව
    -----------------

    " සියලුම දරුවන් කලා කරුවන්ය . අප වග බලා ගත යුත්තේ එම කලාමීත්වය ඔහු තුල වැඩිහිටියකු වන තුරුත් රඳවා ගන්නේ කෙසේද යන්න පිලිබඳවයි "

    මිනිසුන්ගේ පවතින කලාකාමී බව ඔවුන් සහජයෙන් ගෙනෙන 10% ක ප්රතතිෂතයක් වෙද්දී , එම කලාකාමී බව නැතහොත කලා හැකියාව 100% තෙක් සංවර්ධනය සඳහා මෙවැනි මානයන් අත්යවවශ්ය වෙයි .එම නිසාඅ මෙම සියලුම නිරමාණ කරන ලද ඇත්තේ ඔවුනොවුන්ගේ සහජත්වය මුදුන් පමුනුවා ගැනීම වෙනුවෙනි .ඒ වාගේම මෙම නිරමණ වල ඇත්තේ ඔවුන්ගේ ජීවමය දැනීම් වීමටද පුලුවන .එම නිසා මෙම නිරමාණ පසකට අඩු වැඩි ලෙස වෙන් කිරීමට අපට කිසිදු අයිතියක් නොමැත.නමුත් මෙය තරගකාරී කටයුත්තක් නිසා අපි දකින දේ අපට දැනෙන අයුරින් විග්රදහ කිරීමට අකමැත්තෙන් හෝ සිදුවෙයි .

    ලෝකයේ අද වන විට අභූතරූපී නැතහොත් Aberb Art බිහිවෙමින් පවති .අප මූලිකවම දැන සිටිය යුත්තේ ඒවාටද යම් අර්ත්කතන ඇති බවයි .ඒවා හුදු හිස් අවකාශ හෝ හැඩ තල නොවෙයි .මෙම අභූතරූපී නිර්මාණ පිටියට පිවිසීමට පෙර එම නිර්මාණ කරුවා මූලික නිර්මාණ සම්ප්ර ධාය තුල හොද නිර්මාණකරුවෙක් විය යුතුය .ඉන් පසුව ඔහුට තම හැකියාව ඉබේම අනෙක් කලාවන්ට යොමු කිරීමට පුළුවන .නිර්මාණයක් තුලින් කිසිවිටක නිර්මාන ග්රාෙහකයාව වෙහෙසත පත් කිරීම හෝ අසීරුතාවට පත් කිරීම නොකල යුතුය .එය මූලිකවම කලාවෙ තිබිය යුත්තකි.
    මෙහි ඇති කතන්දර කාරයාගේ නිර්මාණය මත හැගෙන්නෙ එවැනි නිර්මාණයකි .ඒ තුල ඇත්තෙ හුදු අර්ථගෘහිත අවකාශ හිස් බවක් පමනි. ඒ ගැන තව දුරටත් සිතා බලා එහි යම් තැනක සුදු හෝ තිතක් තිබුනේනම් ග්රාශහක අර්ථකථනයකට වුවද ලක් වීමට තිබුනි .
    දෙවන නිර්මාණය පිලිබඳව විග්ර්හ කරන විට ඒ තුල තව උතසහයක් කලේනම් විදිමත් බවක් මෙන්ම නිර්මාණයක් දැකීමට පුලුවන්.ඒ තුල ආර්ට් කොරියෝග්රැවෆි එකක් නොමැත.නමුත් උත්සහය තුල වර්ණ භාවිතය කර ඇති හැකියාව මම දකියි .මොනවා උනත් අධිරාජ්යා යට සුබ පැතීමට මම නොපැකිලෙමි.

    පොඩි කුමාරිහාමිගේ නිර්මාණය පරිඝණකයෙන් කරන ලද්දක් යැයි මා සිතමි . මා හට ඒ තුල නිර්මාණාත්මක විධිමත් බවක් නොපෙනෙන අතර අපූර්ව වස්තු නිර්මාණයක් මා ඒ තුල නොදකියි.නමුත් ඇයගේ උත්සහය සුලුපටු නොවෙයි .ඇයගෙ උතසහය එක සිතින් අගය කල යුතු වෙයි .

    හැඩතල හා රූපයේ විස්වස්නීයත්වය තරමක් දුරට නිර්මාණය කිරීමට ලොකු උතසහයක් දරා ඇති බව නීතා නැන්දගේ නිර්මාණයෙන් අපට පෙනෙයි .නමුත් තව ටිකක් ඉවසිලිවන්ත වූවානම් විධිමත් හැඩතල ලබා ගැනීමට ඉඩ තිබුණි .මෙහි ඇති ප්ර ධානම අඩුපාඩුව වන්නේ තලය තුල නිර්මාණ අවකාශයේ ඇති හිස් බවයි .එය යොදා ඇති වර්ණ නිසාද වැඩිපුර පෙනෙයි .
    ඉතිරිය පහල>>>

    ReplyDelete
  166. මෙම නිරමාණ එකතුවේ වර්ණ , ආර්ට් කොරියො ග්රැයෆි මෙන්ම තාක්ෂණික හැකියාව ගීතික මාමගේ නිර්මාණය තුල දක්නට ලැබේ .හැඩතල හ තල භාවිතය හොඳය. හොඳ තියුණු තරගයක් ලබා දී ඇති බව මගෙ හැගීමයි .

    හා පැතික්කිගෙ නිර්මාණය කරන ලද ඇත්තේ පේන්ට් ටූල් එක භාවිතයෙනි . එහිදී ඉතාමත් ඉවසීමෙන් හැඩතල නිර්මාණයට මෙන්ම ස්වාභාවික මිනිස් චලන නිර්මාණය කිරීමට හොද උතසහයක් ගෙන තිබේ .ඒ වාගේම අර්ථකතනයට අදාල වස්තුන්ගේ දැක්ම හොදින් නිර්මාණය කිරීමක් එහි ඇති පින්තූර රාමුවෙන් අපට පැහැදිලි වෙයි . නමුත් තව දුරටත් මෙහි අවකාශය පිලිබඳව විමසිලිමත් වූවානම් හොඳයැයි මට සිතේ.

    මෙම නිර්මාණ කටයුත්තේ තෙවැනි තැනට මා තෝරන්නේ පැතුම් හර්ෂන මාමගෙ නිර්මාණයයි. පරිඝණකය මගින් හොදින් වර්ණ ගලපමින් එක්තරා නිර්මාණ ප්රරවේෂයක හිඳ නිරමාණය කර ඇති මෙය හොද නිර්මාණයකි .මේ තුල රස වින්දනය , විස්වසනීයත්වය මෙන්ම හොඳ කලා භාවිතයක් මම දකියි. හොද තරගයක් මේ තුලින් ලැබී ඇත .

    මෙම තරගයේ හොදම නිර්මාණ දෙක වන්නේ පිලේ පැදුරෙන් එවල තියෙන නිර්මාණය හා පූසාගේ නිර්මාණයයි. පිලේ පැදුර එවන ලද නිර්මාණයෙ පැහැදිලි චිත්ර්කතා ප්රේවේශයෙන් නිර්මිත නිර්මාණයක් දක්නට ඇත.එම ආකෘතියට අදාල වන ලෙස නිර්මාණශීලී නිර්මාණයක් මට දක්නට ලැබෙයි . ඒ ඒ පුදගලයාගේ වෙන් වෙන් වූ හැගීම් මෙන්ම චලන හුවා දැක්වීම හොදින් කර ඇති අතර අවකාශයෙ භාවිතය හොදින් කර ඇති බව පැහැදිලිය. මා මෙය දෙවන තැනට තේරීමට කැමැත්තෙමි .

    නිර්මාණයක සැබෑ භාරකාරත්වය මෙන්ම වගකීම ගත හැක්කේ එය ස්වකීය නිර්මාණයක් වීමේදීය. නිර්මාණකරුවාගේ අභිමතය පරිදි නිර්මාණය වීමේදී එහි වටිනාකම වැඩිබව කිව යුතුය .පූසාගේ නිර්මාණය ඔහු විසින්ම අතින් නිර්මාණය කොට ඇත්තක් බව පෙනෙයි. එම නිසාම එහි නිර්මානාත්මක අගය වැඩිවී තිබෙයි .ඒ තුල හොඳින් වර්ණ භාවිතය මෙන්ම වින්දනීය වටිනාකමක් ඇත් බව ග්රාවහකයෙකු හැටියට මට දැනෙයි .අවකාශය වුවද හිස් බවක් නොපෙනෙයි .හැඩතල වල විස්වසනීයත්වක් දැකීමට පුලුවන. සැබෑ වශෑයෙන්ම මා මෙම නිර්මාණය ප්රබථම තැනට තෝරනු ලබන්නේ මෙය ඔහුගෙම දෑතින් කරන ලද්දක්ද වන හෙයිනි. එහි නිර්මාණාත්මක වටිනාකම වැඩි බව කිව යුතුය.

    කෙසේ වුවත් මෙම නිර්මාණ සියල්ලම ඉතාම හොද නිර්මාණ ප්රහවේෂයන්ට මූලාරම්භයන් පමණි. මේ තුලින් තව තවත් නිර්මාණ ප්රමවේෂයන්ට පැමිණීමට පුලුවන . මා මෙහිදී බලනු ලැබුවේ ඒ ඒ නිර්මාණ වල හොද නරක නොවෙයි .ඒවායේ ඇති නිර්මාණාත්මක අගයඉ මෙන්ම වගකීමයි. සෑම නිර්මාණ කරුවෙකුටම තම නිර්මාණය ගැන වගකීමක් ගැනීමට පුලුවන් විය යුතුය.

    ReplyDelete
  167. අන්තිමයා ඉන්න තැන්
    http://ushan-photo.blogspot.com/
    http://ushan-ushanpushpakumara.blogspot.com/

    ReplyDelete
  168. ඒයි...බුද්ධියා උඹට තවම ආතතිය හැදුනෙ නැද්ද ?..

    කොමෙන්ට් ම 165 ත් පන්නලනෙ...

    ඡන්ද ගනින වෙලාවෙ අතුරුදහන් වෙනවා එහෙම නෙවෙයි...

    ReplyDelete
  169. අම්මේ ඇතියන්තම්.... මේ තියෙන්නෙ මයි දෙයියා. කට්ටිය තරහා වෙන්න එපා කියල කියලා තියෙන එවට ....

    ReplyDelete
  170. වල් පූසා හොර පූසා දිනවමු................

    ) හොර පූසා
    2) හාවී

    ReplyDelete
  171. මේක කම්පීතර ජිල්මාට් එකකිය. චූටි මහත්තයා අපිව රවටා ඇතිය. ආයේ චන්දේ දෙන්න එන්නේ නැතිය...:D D D

    ReplyDelete
  172. කවුද බොලේ මේ පෙරහැර ගියාම රතික්කා දාන උදවිය.......... මට මඩ ගහන්ටම අර තඩි පූසා කල වැඩක් වෙන්නැ.

    ReplyDelete
  173. කලිනුත් සිත්තර තරඟයක් තියලා එහෙනම් ඈ..

    මම බිලොග් ලෝකෙට ආපුම කලෙ වෙච්ච සන්තෑසියක් මේක.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...