2012/04/17

අද කාටුන් - 13 - “පතිවත“ චිත්‍ර ප්‍රදර්ශණය දැන් ඇරඹුනා...! | ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ !!! >>>

හැමෝටම කවි ලියන්න, සින්දු කියන්න, සිත්තර අඳින්න බැහැයි කිව්වට ඒක බොරු කරන්න පුලුවන් වෙලාවලුත් එනවා. ඒ වගේ අවස්ථාවක් තමා මේ.

තමන්ගේ හදවතේ බුර බුරා යමක් ගැන ගින්නක් ඇවිලෙද්දි තමන්ට කරන්න බැරි දෙයක් උනත් කොහොමහරි කරන්න එයාට පුලුවන් වෙනවා.

පහුගිය දවසක යූරෝ දෙකේ වීරයාට පොලේ දී වුනු අකරතැබ්බය අලලා ලියැවුනු තනිවම පොලේ යෑමෙන් තරුණයන්ගෙ ‘පතිවත‘ කෙලෙසෙයිද? ලියමන කියවපු බොහෝමයක් අය ඒ ගැන කම්පා උනා. අන්න ඒ වෙලාවේ එයාලගේ හදවතේ බුර බුරා නැගුනු ආවේගය තමා අද ඕගොල්ලන් මේ සිත්තර විදිහට දකින්නෙ........!

හරි පුදුමයි නේද? කවදාවත් සිත්තරයක් අඳින්ඩ බැහැයි කියලා හිතපු අය මෙච්චර ලස්සනට සිත්තර ඇන්දා කිව්වම. දැන් අපට තියෙන්නෙ ඒවා බලන්නයි.

මේ සිතුවම් පෙල ගස්වලා තියෙන්නෙ කාටවත් විශේෂයක් කරන්නෙ නැතුවයි. ඒත් ගැල්ලමයිට මුල් තැන දීම පිරිමි ළමයි වන අප කාගේත් හොඳ පුරුද්දක් නිසා මුල්ම සිතුවම් පෙල ඒ ගොල්ලන්ට වෙන් වෙනවා. සිත්තර මත ක්ලික් කරලා ඒවා ලොකු කරලා ඔක්කොම එක පාර බලාගන්නත් පුලුවනි.

එහෙනම් අපි ප්‍රදර්ශණය ආරම්භ කරමු.

තනිවම පොලේ යෑමෙන් තරුණයන්ගෙ ‘පතිවත‘ කෙලෙසෙයිද?
හෙවත් 
පතිවත චිත්‍ර ප්‍රදර්ශණය 


01. හසිකා හෙට්ටිගේ

02. පොඩි කුමාරිහාමි මැණිකේ

03. නීතා දාස්
(ප්‍රොෆයිල් නොට් ඇවේලබල්, වලව්වේ හිත මිතුරි)

04. කාවින්ධ්‍යා රත්නායක

05. සමීර අබේසේකර

06. අභීත එදිරිසිංහ

07. ඉටලි ඩිලාන්

08. සෙන්නා

09. ඕනමැන්ටල්
(ඕනමැන්ටල් බ්ලොග් ඇන්ඩ් ඕනමැන්ටල් ආට්ස් අධිපති)

10. බිට්ල් බෙයිලි

11. මුහුදු කොල්ලකාරයා

12. ප්‍රියන්ත වෙනිවැල්පිටිය
(ලියන්නා, මුලු දිවයිනටම උපදේශක)

13. චතුෂ තුෂාර කුමාර
(මාරයාගේ හෝරාව)

14. නිශ්
(ප්‍රොෆයිල් නොට් ඇවේලබල්)

15. පොත් ගුල්ලා

16. මකර අධිරාජ්‍යයා

17. හරී

18. ගයාන් තාරක

19. ලකි සිරි
( ප්‍රොෆයිල් නොට් ඇවේලබල්)

20. පැතුම් හර්ෂණ
( ප්‍රොෆයිල් නොට් ඇවේලබල්)

21. සුමින්ද වික්‍රමසිංහ

22. හෙන්රි ඩූඩ්

කෙටි ඊ මේල් ආරාධනයකින් මේ ප්‍රදර්ශණය වර්ණවත් කරන්න, වටිනාකම වැඩි කරන්න, පුංචි අපිව දිරිමත් කරන්න අප හා එක් වූ අපේ සර්,
23. ඉන්ද්‍රනාත තේනුවර
(Photographer, Artist, Photoshop and Photography Tutor, writer, and Graphic Designer



..........................................................

හරි! ඔන්න ඔහොමලු උනේ......!

මොනවද ඕගොල්ලන්ට හිතෙන්නෙ. ලොව නන්දෙස විසිරී පැතිරී සිටින සයිබර් යාය හිත මිතුරන් යූරෝ දෙකේ වීරයාට වුනු අකරතැබ්බය මැනවින් අධ්‍යනය කරලා නේද?

මේ සිත්තර ගැන, මේ ප්‍රදර්ශණය ගැන ඕගොල්ලන්ටත් යමක් කියන්න තියෙනවා නම්, සිත්තර ශිල්පීන්ව, ශිලිපිනියන්ව දිරිමත් කරන්න හිතෙනවා නම්, මේ තියෙන්නෙ ඕගොල්ලන්ගේ වාරේ!

.............................
- මීට යුරෝ දෙකේ වීරයා සහ විදෙස් සිත්තරා.

121 ක් කියන්නේ !:

  1. සරලව කීවොත් මැක්සා.

    ReplyDelete
    Replies
    1. අඩේ ආයෙත් ආපු නිසා දැක්කේ මම එක වෙලා නොවැ හිකිස්..

      Delete
    2. මම කවදාවත් එකට කමෙන්ට් කරලා නෑ. ට්‍රයි එකක් දෙන්ඩ ඕනෑ.

      Delete
  2. සිත්තර ටික දැක්කහම කියන්ට නං දාහක් දේවල් හිතට එනවා බොලේ, ඒ වුනාට ඉතිං මොකුත් නොකියා ඉඤ්ඤං.. පවුනෙ පතිවතත් කෙලෙසාගත්ත එකාට ආයෙ මොකෑ පද හදන්නෙ..

    සිත්තරනං පංකාදු පහයි ඕං.. හීනියට වගේ දුකකුත් දැනෙනවා මට සිත්තරයක් ඇදලා එවන්ට වෙලාවක් නොලැබුන එකට, ඊළග පාර බලමු.. :)

    ReplyDelete
    Replies
    1. සිත්තර දැක්කම හිතෙන දේ කියහන්. ඒවායින් මට මොනවා වෙන්ඩච ආයිත්..... දැන් වෙන්ඩ තියෙන දේවෙලා ඉවරනේ....
      ........

      සිත්තරයක් ඇඳලා එවන්ඩ තිබුනා තමා. කෝ බොලාගේ මැඩම් වත් දැනුවත් කලේ නැද්ද, වලව්ව පැත්තෙ ගිය වෙලාවේ..... මැණිකෙයි මැණිකෙගේ යාලුවයි නං එවලා තිබුනා...

      Delete
    2. සීන්කෝන් එක ගැන මං දැනන් හිටියා බං, ආයෙ මොකටෙයි කවුරුවත් කියන්නෙ මං හැමදාම මේ අහ එන එකා වෙච්චි.. ඒ වුනාට හරිහමන් විදියට වෙලාවක් ලැබුන්නෑ නෙවැ සිත්තරයක් ඇදගන්න..

      Delete
  3. අලේ ඇඩෙනවා.. මං මේ ගමන ආවෙ නැත්නම් මාත් මේකට ඉදිරිපත වෙනෝනේ :(

    මේ හැංගිච්චි සිරා චිත්‍ර අදින්න පුලුවන් කට්ටිය ඉන්නවානේ.. :D
    මරු මරු

    ReplyDelete
    Replies
    1. අපිට කරන්න දෙයක් නෑ. අපි නිළ නිවේදයක් දුන්නනේ...

      Delete
  4. තාරක අයියාගෙ චිත්‍රය හරීම භාවපූර්ණයි.

    ReplyDelete
    Replies
    1. වචනේ තේරුම දන්නැහැ... ගොඩක් කාලෙකින්නේ ඇන්දෙත්..

      Delete
    2. උදේ 7.30 ඉඳන් 8.30 වෙනකං කියා දීලත් තේරුණේ නැත්තං...කරන්ඩ දෙයක් නැත.

      Delete
    3. තරහ අවසර මැණික.. ස්තූතිය පස්සෙ දෙන්නයි හිතා උන්නේ.. එහෙම එපානං
      “ස්තූතියි නෙරංජි“

      Delete
    4. ඔක්කොම තේරුනා එකක් ඇර....!

      Delete
  5. බීට්ල්තුමා අකුරු වැඩවලට විතරක් නෙවෙයි වගේ දස්ස. ඕනමැන්ටල් මහතා තමන්ගෙ අනන්‍යතාවය රැකගෙන අසභ්‍ය නොවන චිත්‍රයක් ඇඳලා තියෙනවා. සුමින්ද වික්‍රමසිංහ මාමාගේ අවුරුදු 3 ක් පරණ අපි නොදන්න හරබර බ්ලොග් එක ගැන දැනගන්න ලැබුණෙත් මේ පතිවත ප්‍රදර්ශනේ නිසා. කොහොම උනත්, ඉන්ද්‍රනාත සර්ගෙ චිත්‍රයක් තියෙන ප්‍රදර්ශනේක අපේ චිත්‍රත් තියන්න ලැබුණු එකට නම් අපි බුද්ධි අයියට ස්තූතිවන්න වෙන්න ඕන.

    හා පැටික්කි, පූසා, ගීතික, කතන්දර සහ උන්නැහේ මේ පාර චිත්‍ර ඇන්දෙ නැත්තෙ ඇයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඔක්කෝමට ඔව්. මට නෙමේ ස්තුති වන්ත වෙන්ඩ ඕනැ ඉන්දරේ සර්ටයි! අපි වගේ පොඩි අය දිරිමත් කරන්න ආපු එකට.....

      උන්නැහේ නං දැකලා තිබ්බා සීන් එක. වෙලාවක් නෑ කියලා තමා කිව්වෙ..

      Delete
  6. මේ ප්‍රදර්ශනේ හැමෝටම බලන්ට ඉඩ දීල බුද්ධියා කෙලවගන්නයි යන්නේ.
    වැඩිහිටියන්ට පමණයි බෝඩ් එක අනිවා දාන්ඩ වෙනවා. නැත්තන් සංස්කෘතික අමාත්‍යංශයෙන් නඩු දායි.
    මෙව්වට වග කියන්ඩ ඕනේ හැබැයි, ඔබා මහත්තය. හිකිස්...

    එල ප්‍රදර්ශනේ!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙ...... ඔය ටික දැම්මෙ හොඳට බලලා. කරන්නම දෙයක් නැති උනාම කලු කොටුවක් දාලා කපලා දැම්මා. ඒකට සිත්තර අයිතිකාරය මට තර්ජනෙත් කලා. සිත්තරේ තිබ්බ භාව මෙව්වා එකට හානි කලාය කියලා.

      වැදගත්ම කාරනේ ඒක නෙමේ. චිත්‍ර ප්‍රදර්ශණය බලන්න ආපු රසිකයෙක් කිව්වා මාව හුරුබුහුටියටම ඇඳලා තියෙන්නෙ පොත් ගුල්ලයි කියලා.... ඒක හෙන කියුට්ලු...උම්මා දෙන්න හිතෙනවලු.. ස්තුතියි පොත් ගුල්ලා.....!!!!

      Delete
    2. හැබෑට, කව්ද එහෙම කිව්වේ!
      එහෙනං ඕන් ඒ රසිකයාට මගෙන් උම්මා එකක්.
      උම්ම්ම්ම්ම!

      Delete
  7. මැක්සම තමා - අයේ අහන්ඩ දෙයක් නෑ - සියලු රස කැටි කොට - පාඨක ප්‍රතිචාර - ජය!

    ReplyDelete
    Replies
    1. වැදගත් වැඩක් යන වෙලාවට අනිවා ඔලුව දාලා යනවා නේද තිස්ස භයියත්.... ස්තුතියි ඈ...!!!

      Delete
  8. නගාට අසනීප වෙලා එයාව රෝහල් ගත කරලා තිබුන නිසා මට සිත්තරයක් අඳින්න තියා අකුරක් ටයිප් කරගන්ඩවත් හිත හදාගන්ඩ බැරිවයි පහුගිය ටිකේ උන්නේ .. නැත්තම් මමත් සිත්තරයක් එවනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව කියලා දාන්ඩද?

      Delete
  9. වැඩේ නියමයි.. ලස්සන චිත්‍ර ප්‍රදර්ශනයක්..

    කතා කරන කෑලිත් දාපුවා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. කතා කරපුවාත් දාලා තමා.... සිත්තරෙන් හැගීම් මතු කොරලා බැරිම තැන දෙබසුත් දාලා.... අන්න එහෙමයි යුරෝ දෙකේ යාලුවන්ගෙ වැඩ....

      Delete
  10. ඇත්තම කියනවනම් සුපිරි චිත්‍ර ටික... බලාන යනකොට නියම ටැලන්ට් සෙට් එකක්.. දිගටම මෙවගේ එව්ව කරන්න... අපිටත් සම්මාදන් වෙන්න පුලුවන්නෙ එතකොට :)

    ReplyDelete
  11. මගේ සිත්තරේ වටිනාම කොටසට කොටු දැමීම ගැන මගේ බලවත් විරෝධය.... ඊලඟ පෝස්ට් එකේ මමම පල කරගන්නවා ඒක... :D :D :D

    ReplyDelete
  12. හප්පේ අපිට BMICH පැත්තේ ගිහින් ප්‍රදර්ශනය බැලුවා වගේ දැනීමක් එනවා...

    ටැන්කෝ මගේ සිත්තරේ පල කොලාට :D

    ReplyDelete
    Replies
    1. හර්ෂ,
      ඇයි මෙදා පාර සම්මාදම් උනේ නැත්තෙ....
      ..............

      අභීත,
      විකාර කරන්ට එපා. ‍අනික කොටු ගොඩක් දාලා නෑ. එක කොටුවයි දාලා තියෙන්නෙ...
      .........

      සුදු හංසි,
      ටැංකෝ අපිට අනුග්‍රහයට සිත්තරයක් එව්වට.අනික මඩ ගැවිලත් නෑනේ...

      Delete
  13. ආයෙ කියන්න දෙයක් නෑ. සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. සුපිරියි කිව්වෙ සංවිධාන කටයුතුද, සිත්තරද?

      Delete
  14. අනේ ඇතුල්වීම නොමිලේ බව දන්නේ නැතුව සල්ලිත් අරගන ආවා...:D

    ලස්සන චිත්‍ර ටික. අර වලව්වේ කාන්තා හඬ නම් ගිය පාරට වඩා ටිකක් improve වෙලා වගේ පේනවා...:)))

    හැමෝගෙම චිත්‍ර හොඳ උනාට සමහර ඒවා නම් හරිම දක්ෂයෝ ටිකක් ඇඳලා විත්තිය පේනවා. ඒ ගැන කමෙන්ට් එකක් හොඳට study කරලා , බලලා ලියන්ට ඔනේ. ඒත් සුමින්ද වික්‍රමසිංහ, හෙන්රි ඩූඩ්, ඉන්ද්‍රනාත තේනුවර,බිට්ල් බෙයිලි, ගයාන් තාරක, ලකි සිරි, පැතුම් හර්ෂණ, වගේ අයගේ චිත්‍ර ගැන නම් කියලා වැඩක් නෑ. හරිම ලස්සනයි ඕං...

    නීතා සහ මුහුදුගේ චිත්‍ර දෙකත් හරිම කියුට්නේ. :D

    ReplyDelete
    Replies
    1. කෝ සල්ලි ටික මෙහාට ගත්තනං...

      වලව්වෙ කාන්තා හඬ නං ඉම්ප්‍රව් වෙලා... ඒත් මොකෝ අර මූනෙ යටි රැවුලක් දාලා තියෙන්නෙ... හෙහ් හෙ...

      සිත්තර අගය කරන්න ආයි එන නිසා වැඩිය මුකුත් කියන්නෙ නෑ. එකක් කියන්නං! පරිමාන ලක්ෂන අතින් මුහුදුගෙ සිත්තරේට ගහන්න එකක් නෑ. අනික අලුත් විදිහට හිතන්න දන්න හින්දද මන්දා හැමෝම සිත්තරේට අත්සන ගහද්දි පොර විතරක් තමන්ගෙ කොඩිය දාලා ගිහිල්ලා. :P

      Delete
  15. පතිවත ලඟ මැවුණ කලා ඇස.. මරු මරු බුද්ධි

    ReplyDelete
    Replies
    1. ශා.... මරු කියම‍නනේ... ස්තුතියි ජනයා!

      Delete
  16. බුද්ධිට මඩ ගහන්න සෑහෙන කස්ටියක් සෙට් වෙලා නෙව..

    මුලින්ම බුද්ධිට(සොරි අපේ යූරෝ වීරයට) ස්තූතිවන්ත වෙන්න ඕන මේ වගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වලා බ්ලොග් කරුවන්ගේ සැඟඋණු දක්ෂතා එලිදැක්වීම පිලිබඳව..
    හැමෝගෙම චිත්‍ර ලස්සනයි..

    ස්තූතියි පොඩි කුමාරිහාමි..

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ කෙල්ලට ස්තූති කරන්ඩ තමා අද කාල කොල්ලන්ට බැරි....:D

      Delete
    2. ස්තුතියි ගයාන් වැනීමට.
      .........

      අර නේරංජි දැරිවිත් මොනාද මන්දා කියලා ගිහිල්ලා නේද?

      Delete
  17. හරි හරි......... මට නම් බෑ හොඳම එක තෝරන්න ඔක්කොම හොඳයි.

    ReplyDelete
    Replies
    1. දැං ඔක්කෝමලා ඔයාට ස්තුති කරයි! මමත් ඔන්න ස්තුතියි කිව්වා!

      Delete
  18. Replies
    1. ටැංකිවු මචං . . . .

      Delete
    2. ස්තුතියි රාජ්. ඒ මොකෝ ඕනයාව 1 කලේ!

      Delete
  19. අප්පට සිරි කිව්වලු...ඉන්ද්‍රනාථ මහත්තයා සිත්තරයක් අදින තැනක් අපිටත් සිත්තරයක් දා ගන්ට පුලුවන් වුන එකට නං මාර සතුටුයි....
    සිත්තර ගැන නං මෙහෙම කතා කරලා බැහැ...හවස් කරේ වැඩ ඇරිලා යන ගමන් එන්නං...
    එතකං දැනට මේ ආධුනිකකයො ගැන කිව්වොත් බීටලෙයි, සුම්න්දයි, ඩූඩ්ගෙයි, පැතුම්ගෙයි, මාරයගෙයි, ගයාන්ගෙයි.......බෑ....බෑ....මේ සේරම එකකට එකක් දෙවෙනි නෑ...සේරම එකවගේ හොදයි....

    ReplyDelete
    Replies
    1. සිත්තර ගැන නං මෙහෙම කතා කරලා බැහැ...හවස් කරේ වැඩ ඇරිලා යන ගමන් එන්නං...//

      උඔ වැඩ කරන්නෙ කොහෙද? ගෙවල් කොහෙද? ඇයි බන් තාම ගෙදර ගියෙ නැද්ද?

      Delete
  20. ආ සොරි වෙන්න ඕන මගෙ සිත්තරෙ ලස්සනයි කිව්ව පොකුට මගෙ ස්තුතිය....

    ReplyDelete
    Replies
    1. පොකු එහෙම කිව්වෙ බොරුවටලු :P

      Delete
  21. පස්ටයි මචන් අයියේ...ෂිට් මටත් එකක් එවන්න තිබ්බෙ අෆරාදේ... :-)

    ReplyDelete
    Replies
    1. දැං ඉතිං පරක්කුයි රජෝ! ස්තුතියි දිගට හරහට මේ පැත්තෙ සැපත් වෙන එකට. මොනා උනත් රජෙක්නෙ නේද?

      Delete
  22. මරු සිත්තර ටිකක්නෙ.

    ReplyDelete
  23. සුමින්දගේ එකයි ඉන්ද්‍රනාථ සර්ගේ එකයි තමයි මටනම් පට්ටම... පාටකරලා තියෙන විදියට ඇඬෙනවා... ඩූඩ්ගෙත් මරු... :)

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,
      ඇයි එව්වෙ නැත්තෙ එකක්.
      .........

      බීටල්,
      ඒ අතින් බීටල් පව්.

      බීට්ල්ගෙ සිත්තරේත් මැරියන් නගාගෙ ෂෙප් එක ටිකක් ඇවිල්ලා තියෙනවා.... අනික අර බීම බොන ගැල්ලමයා ඇඳලා ඉන්නෙ නවීන පන්නෙ ගවොමක් නේද? උඔත් දන්න දේවල් ඈ....!

      Delete
  24. ටොයෝටා චිත්‍ර තරගෙ විනිශ්චය කළා වගේ ලොකු 'තංතෝසයක්' ඔලුවට ආවා....!!
    බැලුවා ම "නිර්මාණ" කරන්න පුලුවන් අය කොච්චර ඉන්නවද නේද..?

    ReplyDelete
    Replies
    1. "තංතෝසයක්" හිහ් හී සර්,

      සර්ට කියන්න මේකෙ වැඩිහරිය නිර්මාණය කරපුවා තමා. මඩ සඳහාම නිර්මාණය කරපුවා.... නිර්මාණ අස්සෙ නිර්මාණ.

      කෙටි දැනුම් දීහකින් සර් අපිව දිරිමත් කරන්න ආ එකට මෙන්න මගෙන් තුති. වැඩි වැඩියෙන් ග්‍රැෆික් ටැබ්ලට් පෑන්තුඩවල්, කැමරා ලෙන්ස් ලැබේවා...!

      Delete
  25. පට්ට! බීටල් ගේ එක මැක්සා~

    ReplyDelete
    Replies
    1. මැස්සා නම් තමා! ඒ වුනාට මඩ වැදිලා ඒකෙ දැක්කෙ නැද්ද සබිත්....!

      Delete
  26. බැලුවයින් බැලුවෙ නෑ මෙහෙම චිත්‍ර ප්‍රදර්ශනයක්..
    මාරම මාරයි කියලා වැඩක් නෑ..
    මම නම් කැමති වෙනීගෙ චිත්තරේටයි බීට්ල්ගෙ එකටයි..සෑහෙන්න මහන්සිවෙලා..

    සර්ගෙ චිත්තරේ ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ විශ්ෂ්ඨයි..

    චිත්‍ර ප්‍රද්ශනේට සිත්තර ඇඳලා මහන්සි වෙච්ච අයටයි, විදෙස් සිත්තරාටයි පතිවත බිඳගත් යුරෝදෙකේ වීරයාටයි ප්‍රදර්ශනේ සංවිධානය කරපු හැමෝටමයි උණුසුම් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනේ.... සංවිධායක මණ්ඩලේ අයට ස්තුති කලේ ඔයා විතරමයිද මන්දා? දැක්කනේ කලින්දා රෑ පානේ අපි කල කැපවීම...

      Delete
  27. හප්පේ ආඩම්බරේ බැහැ. මේවගේ දක්ෂ සිත්තර ශිල්පියො රැසකගේ චිත්‍ර අතරෙ මගේ බලිරූපෙත් එල්ල ගන්ඩ ලැබිච්ච එක සැබෑම වාසනාවක්.

    මේ සිත්තර තරඟය සංවිධානයකොට අපිවගේ හිච්චොන්ටත් ඒකෙ සිත්තරයක් වගේ එකක් එල්ලන්ඩ දුන්න යුරෝ දෙකේ වීරයාට මාගේ ප්‍රමාණය අහ්හ වැරදුනා ප්‍රණාමය.

    වෛද්‍ය ගැටලුවක් සිත්තර ප්‍රදර්ශණයකින් අවසන් වෙච්ච් මුල්ම අවස්ථාව ලෙස මේක ඉතිහාසගත වෙලා ඇති.

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය ගැටලුවක් සිත්තර ප්‍රදර්ශණයකින් අවසන් වෙච්ච් මුල්ම අවස්ථාව ලෙස මේක ඉතිහාසගත වෙලා ඇති. - වැදගත් ම ‍කොටස.

      මම මේ සෙන්නාගෙන් අහන්නමයි හටියෙ. පෝස්ට් එක දැක්ක හැටියෙම ඇඳලා එවන්න හිතුනද? නැත්තං අඳින්ඩයි කියලා කව්රු හරි බය කලාද?:P

      Delete
    2. හැබෑටම මට මරණ තර්ජන ආවනෙ. බයවෙච්ච පාර ඉතින් වෙව්ලන දෑතින් ඔය බලිය ඇදලා එව්වා...

      Delete
  28. මේ පාර අඳින්න හිතුන්නැති නිසා මාත් ඇන්දේ නෑ......
    නොමිලේම (බිල පස්සේ ගෙදරටනේ එන්නේ) මරු සිත්තර ටිකක් බැලුවා.....

    මං මේ බැලුවේ හැමෝම මොක නැතත් යූරෝ දෙකේ වීරයාගේ ෆිට් බොඩි එක ඉස්මතු වෙන්න සිත්තර ඇඳලා. ආයේ නෑ රෙස්ලිං නෑ නෑ සූමෝ ගහන්න හොදා...... හික්ස්......

    නියමයි චිත්‍ර ටික......

    ReplyDelete
    Replies
    1. මං නං හිතුවා එවයි මයි කියලා......අපාරාදේ.....!!!! සීනියර් මෙම්බර් කෙනෙක් හැටියට අනිත් අයටත් මෙව්වා එකක් වෙන්නත් එක්කලා

      Delete
  29. අප්පට උඩු බීටලයයි ලකීසිරියි ගහලා නේද කප් එක...

    සමීර කොළුවයි..ඩිලාන් ගොයියයි ඕනමැන්ටගෙයිත් දීලා තියෙන්නේ ඇස්ටි හැලෙන්නම...

    මගේ නොපල කාටූන් කතාව මගේ බ්ලොග් එකේ හරි දාඤ්ඤංකෝ හිටුකෝ...

    ReplyDelete
    Replies
    1. දැං වැ‍ඩේ ඉවරයි නේද සහෝ :P

      Delete
  30. මගෙ අම්මෝ මේ සිත්තර ගැන කියන්න ගියොත් පෝස්ට් එකක් ලියන්න වෙයි. බ්ලොග් ලෝකෙ මාර සිත්තර කාරයො ටිකක් ඉන්නවනෙ :)

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. ඒ ඔක්කොම අතරින් උඔ විශේෂ වෙන්නෙ හැමෝම තමන්ගේ සිත්තරේ අත්සන් කරද්දි උඔ උඔගේ කොඩිය දාලා ගිහිල්ලා තියෙන හන්දා. වෙලාවට උඔ ජපානේ නොවුනේ...:P

      Delete
  31. අපරාදෙ එදා ගෙදර යන්න හදිසියටයි අඳින්න බෑ කීවේ... :(

    ස්තූතියි චූටි මහත්තයො ආරාධනාවට... මේ චිත්‍ර ටික ලස්සනයි... ඇත්තටම මීට වඩා ලස්සනට අඳින්නත් පුළුවන්කම ඇති මේ හැමෝටම... අපි හැමෝටම සුභ පතමු.. තෑගි නම් නැ නේද ඉතින්....

    ReplyDelete
    Replies
    1. ඊලග පාර තෑගි දෙනවා. දිනන හැමෝටම මැලේසියාවේ සතියක සංචාරයක්..... කොහොමද වැඩේ ‍මේ ඒකට පෙරහුරුව!

      Delete
  32. වැඩේ නම් උපරිමයි! කොහෙද ඉතින් අපිට සිත්තරයක් ඇඳගන්න පුලුවන් එකක්යැයි :D

    ReplyDelete
    Replies
    1. අඳින්ඩ පුලුවන් ද බැයිද කියලා බලන්ඩ ඉතිං ඇන්දා යැයි!

      Delete
  33. මම නම් තේරීම මාතෘකාවට කෙලින්ම අදාලව චිත්‍රය ඇඳපු පොඩ්ඩිට...

    ...........

    ඇත්තටම වෙච්ච සීන් එක අරෙහෙ පත්තරේ දාල...

    කියවන්න "උගේ පතිවත අංක දෙක"

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි කොහොමත් මාතෘකාවට අදාලවමනෙ කතාව.


      මාරයා ගැන කියවනං ඒ මගේ සර්ලුනේ

      Delete
  34. සික්. මාත් හිතා ගත්තා ඊළඟ තරඟෙට සිත්තරයක් අඳිනවමයි කියලා. පාට කරපු සිත්තර මට නං හොඳ. මං හිතන්නෙ අනික් ගොල්ලන්ගෙ කොම්පියුටරවල පාට ඉවර වෙලා වෙන්න ඕනැ. කාවවත් තෝරන්නෙ කොහොමද, එකකට එකක් දෙවනි නැතිකොට. කවදද මේකෙ ප්‍රතිඵල දෙන්නෙ?
    ශහ් අපි හිතුවෙම නැති ලකීසිරි වගේ කට්ටිය හොඳ සිත්තරුනෙ.

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කනෙ.......ඕගොල්ලං ලකීලව දෙකේ කොලේට දාලා තියෙන්නෙ කියලා මිනිහා හරි හිතේ අමාරුවෙන් ඉන්නෙ..... ඒකත් එක්කයි ඔය ඕක ඇන්දේ...... අනිත් පාර අඳිනවා කියලා ගිය පාරත් කිව්වා නේද අක්කෙ...

      Delete
    2. මං ලබන පාරත් ඒකම කියන්නයි හිතං උන්නෙ, එක්කො ඒකට වෙන හේතුවක් කියන්නංකො ඒ වෙලාවට. මේ තරම් භාව පූර්ණ සිත්තරුත් එක්ක කොහෙ තරඟ කරන්නද අනේ

      Delete
  35. මගේ ජීවිතේට චිත්‍ර ප්‍රදර්ශනේකට සහභාගි උන පලමු අවස්තාව මේ, හරි සන්තෝසයි.... සහභාගිවීමනේ වැදගත්,, මම ඉස්සර මැරතන් දුවන්නේ කවදාවත් දින්නේ නැති උනාට...ඒ අත්දැකීමෙන් තමා චිත්‍ර ප්‍රදර්ශනේට සහභාගි උනේ... සියලුම චිත්‍ර ලස්සනයි ,,මම රසවින්දා සේරම

    ReplyDelete
    Replies
    1. හැබැයි දුක දිනපු දරුවෙක්. කාතාවෙන්ම තේරෙනවා........ ස්තුතියි! :P

      Delete
  36. වැඩේ නම් මැක්සා. එක එක කට්ටිය එක එක මාධ්‍ය භාවිතා කරලා තියෙනවා. සේරම චිත්‍ර ලස්සනයි. නිර්මාණශීලියි. ඔයා කලේ හොඳ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඍයා කලේ නරක වැඩක්... කෝ සිත්තර එවන්නං කියලා ලොකුවට කියලා පේන්ඩ නැතිව ගියා... කොහොම උනත් ස්තුතියි! මුරුංගා දඬු ටිකටත් තෑන්ක්ස්

      Delete
    2. අනෙ තොගෙ.......

      Delete
  37. ලස්සන සිත්තර ටික . මේ වාගේ ප්‍රදර්ශනයක් තියන්න ඕනේ කලාභවනේ. මගේ සිත්තරේ පලකලාට බොහොම ස්තූතියි. වලව්වෙ පොඩි කුමාරිහාමි දැන් ඔය අපූරුවට සීත්තර අඳින්නේ.තරඟෙකට යවන්නත් හැකි වගේ.

    ReplyDelete
    Replies
    1. දෙන්නා එකටම නේද සිත්තර අඳින්ඩ ගත්තෙ... මොකෝ වලව්වෙ මැණිකේ විතරක් දියුණු වෙලා තියෙන්නෙ............ ඕගොල්ලන්ට වැඩ දීලා එයා සිත්තර අඳිනවද?

      Delete
  38. හත් දෙය්යනේ පතිවත කෙලෙස ගත්ත කීවම මෙච්චර චිත්‍ර ආවා නම් තව මොනව හරි වුන කීවම කොච්චර එය්ද අප්පා..
    කෙහෙල් කොටුවෙ කොල්ල වැඩක් කරොත් ආයෙ මොනවද?
    ඔබා මාමාගෙ DIGI-PEN එකෙන් ඇඳපු චිත්‍රය කෝ............???
    ඇත්ත වශයෙන්ම කියනවනම් කොච්චර හොඳ චිත්‍ර කාරයො ටිකක් අපි අතරෙ ඉන්නවද ...........
    බුරාට වගේ මටත් පොඩි දුකක් එනවා ඇට්ලස් පෑනකින් හරි එකක් ඇඳලා එවන්න බැරි වීම ගැන . ඊලඟ පාරවත් බලමුකො.
    චිත්‍ර ගැන වරුනෙ පස්සෙ තමය් දාන්නෙ වෙන්නෙ.. :-(

    ReplyDelete
    Replies
    1. පස්සෙ එකක් එව්වම ඉතිරිය කතා කරමුකෝ..... ඔබා මේ දිනවල නැති එක හැබැ පාඩුයි! මුරුංගා දඬු ‍ටිකට ස්තුතියි !!!:P

      Delete
  39. ලබන පාර තරඟෙට මාත් අනිවා ඩෙෆා එනවා . . . හැමෝගෙම සිත්තර පංකාදු පහයි . . .

    ReplyDelete
    Replies
    1. මං කිව්වයි කියලා හිතාගන්ට.......! දැං අර එසයිමන්ට් වල වැඩ ඉවරඇති මයේ හිතේ...:D

      Delete
  40. හැමෝගෙම චිත්‍ර මරුනේ.. බලාගෙන යද්දි කට්ටියටම හොද හැකියාවක් තියෙනවනේ.. සුභ පැතුම් හැමෝටම..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.... සංවිධාන කටයුතුත් හොඳයි නේද මල්ලි, වාහන නැවතීමේ පහසුකම්, කෑම බීම වෙලාවට ලැබුනා නේද?:P

      Delete
  41. ෂා, නියම චිත්‍ර ටික.

    ReplyDelete
    Replies
    1. නලිනි අක්කණ්ඩිත් එකක් එව්වනං තව මරු කරගන්ඩ තිබුනා....

      Delete
  42. හලේ මගේ සිත්තරෙත් දාලා ටැංකු වේවා.. අවසාන මොහොතේ ඇන්දේ ඒක..

    නියම සිත්තර ටිකක්.. බලන් ගියාම කට්ටිය බ්ලොග් ලියන්න විතරක් නෙමේ සිත්තර අඳින්නත් දන්නවා නේ යසට....

    ReplyDelete
    Replies
    1. ඒකනේ.... තව මොන මොනවා දන්නවද දන්නැනේද ඒ ගොල්ලන්

      Delete
  43. චූටිමහත්තයො, ඉස්සෙල්ලම මම කමෙන්ට් එකක් එවලා ඇති ස්පෑම් බොක්ස් එකට. අන්න ඒක කනෙං අල්ලලා ගොඩින් තියනවද?

    මේ වැඩේ නම් ඉටිකිරිස් තමයි. බලාපංකො මොන තරම් සැඟවුනු කුසලතා තිබිලා තියෙනවද කියලා.

    ඉතින් ස්තුතියි

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. නැත ජේත්තුකාරයාණෙනි, ඔබට වැරදිලා ද? මේල් ගොඩෙත් නැත. නැවත එවන්නේනම් තුති වෙමි.

      Delete
  44. මෙන්න වැඩ කාරයෝ...! පට්ටයි නේ. විදෙස් චිත්‍ර ශිල්පියා පරාදයි.:P මාත් එකක් අඳින්න හිතුවා, හරි ගියේ නෑ හැබැයි.:(

    ReplyDelete
    Replies
    1. හරි ගියාදෙ නැත්ද කියලා බලන්ඩ මෙහෙට එවන්ඩ එපැයි! දැං කව්ද කිව්වෙ හරි නැහැයි කියලා.... මට පොඩ්ඩක් පෙන්නන්ඩකො එයාව

      Delete
  45. ප්‍රදර්ශනයට තියලා තියෙන චිත්‍ර ගැන මට පහල උනු අදහස්.

    ගැහැනු ලමුන්ගේ සිත්තරවල බොහොම සුකුමාල, ගැහැනු ගතියක් වගේම ළමා ගතියක් පේනවා. හසිගේ චිත්‍රයෙන් පෙන්නුම් කරන්නේ පිරිසක් එක්ක සිටීමේ කැමැත්ත. පොඩ්ඩි නිතරම ප්‍රීතියෙන්, නිදහසේ සිටීමට කැමති කෙනෙක් බව. නීතාගේ නිසල, පරීකෂාකාරී ලැජ්ජාශීලී ගතිය. කාවින්ධ්‍යා සුරංගනා ලොවක කුමාරියක් මෙන් ජීවත්වෙනබව.

    පිරිමින් බොහොමයක් දෙනා ගැහැනු චරිත මතු කරලා තිබීමෙන් පෙන්නෙනේ නිතරම එයාලා ගැහැනියට තමන්ගේ ජීවිතයේ මුල් තැනක් දෙන බවයි. (පුංචි කාලේ අම්මලාගේ චිත්‍ර අඳින විදිය මතකද? ) මේ අතර මාරයා අය්යා සහ මුහුදුගේ චිත්‍රවල ගැහැනු චිත්‍ර නැතිවීමෙන් පෙනෙන්නේ සමහරවිට ගැහනුන්ගේ තර්ජනවලට ලක්වීමේ අවදානමෙන් ඔවුන් ඉන් වැලකී ඇතිබවයි. මාර අය්යාගේ චිත්‍රයේ විශේෂයක් හැටියට දුටුවේ ලමයාගේ ඇඳුම. හොඳට පරීක්ෂා කර බලන්ට. වෙන චිත්‍රවලට වඩා එහි වෙනසක් දක්නට ලැබෙනවා.

    වෙනීගේ චිත්‍රයද වෙනස් මගකින් සිත්ගන්නා සුලු ලෙසකින් ඉදිරිපත් කර තියනවා.

    ඉතා විශ්මයජනක චිත්‍රයක් හැටියට දුටුවේ මකරාගේ චිත්‍රය.

    ඉටලි ඩිලාන් ගැනත් යමක් සඳහන් කල යුතුයි. ඉස්තරම් චිත්‍රයක්! වලව්වේ උයනගේ බිත්ති පුරා ඔහුගේ සිතුවම් දකින්ට තියනවා. ඔහු නියම ‘Leonardo da Vinci’ කෙනෙක්බව ඒ චිත්‍ර දුටු විට ඕනෑම ඉතාලි ජාතියෙකුට තේරෙනවා ඇති. :)))

    ඕනයාගේ චිත්‍රයෙන් පෙන්නුම් කරන්නේ ඔහු ජීවිතයේ සිදුවීම් මෙසේ රාමු වශයෙන් බලන්නෙක් බව. එයද විශේෂයක්.

    අමතකවෙන්ට කලින් තවත් කරුනක්! සෙන්නා හා නීතාගේ , (බුද්ධි) චිත්‍ර එක සමාන උනේ දෙන්නා එය කතාවී ඇන්ඳ නිසාවත්ද?:D

    මා කලින් කමෙන්ට් එකේ වඩාත් ලස්සන චිත්‍ර සාඳහන් කල නිසා නැවත ඒ සඳහන් කිරීමට යන්නේ නැහැ. ඉන්ද්‍රරත්න මහතාගේ චිත්‍රයේ එන බුද්ධි මනා කඩවසමෙන් යුතු තරුනයෙක් ලෙස නිර්මානය කර තිබෙනවා. බුද්ධි සැබෑ ජීවිතයේ නොදැකපු කෙනෙක් බව මේ චිත්‍රය දැකීමෙන් නොඅනුමානව කීමට පුලුවන්.:D

    සමස්තයක් ලෙස ගතහොත් අති සාර්ථක චිත්‍ර ප්‍රදර්ශනයක්. එමෙන්ම නොමිලේ සෑම දෙනාටම මෙය පෙන්වීම ගැන මගේ අවංක ස්තූතිය. මෙන්න ඇතුල්වීමේ ගාස්තුව වශයෙන් මගෙන් රුපියල් 2500. ඔබට මින් මාසයක් ජීවත්වීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. :D:D:D

    ReplyDelete
    Replies
    1. බොහෝ කරුණු වලට එකඟයි. නොදන්නා කරුණු වලට තිබුනේ අර ඩිලන් මහත්තමයා උයන ගෙයි බිත්ති පුරා සිතුවම් අදිනවා කියන කාරණාව. තව එකක් කුමාරිහාමිට මඟ ඇරිලා.

      කුමාරි හාමි දැක්කෙ නැත්ද පිරිමි කට්ටිය ඇඳපු බොහෝ සිතුවම් වල තිබුනු එක් පොදු ලක්ෂණයක්. සමීර, අභීත, ඩිලන්, නිශ්, ඕනමැන්ටල්, සුමින්ද යන අයගේ සිතුවම් වල මුඛ්‍යම අදහස වෙලා තියෙන්නෙ නැමීගෙන සිටින කාන්තා රුවට පිටුපසින් වීරයාව අඳින්නයි. එකිනෙකා කතාවෙලත් නැතිව එක සමාන චිත්‍ර ගණනාවක් ඇ‍දෙන්න හේතුව මොකක් වෙන්ඩ ඇතිද?

      අනිත් අතට ඉන්දරේ සර්ගෙ නම එතුමාටවත් නැවත වෙනස් කරන්න බැරි අවස්ථාවක පොඩ්ඩි එය කිරීමට ඉදිරියට ඒම සැබෑ කාන්තා ජයග්‍රහණයක්.

      අවසාන වශයෙන් ටිකට් සල්ලි ලබා දීම ගැන මගේ බලවත් ස්තුතිය පුද කර සිටින අතර, ඒ මුදලින් මාසයක් කෑමට පුන්නක්කු යහමින් ගැනීමට බලාපොරොත්තු වෙමි.

      Delete
    2. අපොයි සොරි අනේ දැක්කේ ඉන්ද්‍රරත්න වගේ හොඳේ. ඉන්ද්‍රනාත කියලා ඔන්න වෙනස් කලා. හී හී.

      අර ඔයා කියලා තියන කාරනාව දැක්කාට වැඩිය ඒ ගැන සඳහන් කරන්ට ගියේ නෑ ඉතින්.

      මට මතක හැටියටත් ස්තූතී මගේ සිත්තරේ තේරුවට.:)

      බුද්ධි එයාගේ නම හරි නේද?:)))

      Delete
    3. කුමාරි හාමි දැනුයි දැක්කෙ,

      මකරාගේ චිත්‍රය ඉතා විශ්මයජනකයි තමා. ඒක දැනුයි දැක්කෙ. ඔබගේ මුල් කමෙන්ටුව හා මම එකහෙලා එකඟයි. ඝෘංගාරය, ජුගුප්සාව, අධිතාක්ෂණික විෂවායූ හෙල්මට්, කාන්තා ලාලිත්‍යය, ආර්ථික අවපාතය, විදේශ විනිම අනුපාතය, වැඩිහිටියන්ට සුදුසු දර්ශණ කලාත්මකව ඉවත් කිරීම, එසේ නොකර කෙලින්ම කොටු යොදා ඉවත් කිරීම, නාභිය ලෝකයට විවර වූ කවුලුවක් ලෙස දැක්වීම ආදී සුවහසක් කරුණු එකම සිතුවමක අන්තර් ගත කිරීම ලේසි කටයුත්තක් නෙමේ. ඒ සියල්ල මේ සිතුවමෙන් මකරා අතික්‍රමණය කරලා. ඇත්තෙන්ම විශිෂ්ඨ නිර්මාණයක්. එය හඳුනා ගත් ඔබත් විශිෂ්ධයි.

      Delete
    4. @ poddi

      මගේ චිත්තරේ විශ්මය ජනකයි කිවුවා ? පුදුමයි

      Delete
  46. මගේ සිත්තරේ පලකලාට බුද්ධිට මගේ ප්‍රමානය.....

    මට නම් ලස්සනම සිත්තරේ සුමින්දගෙ එක.....................

    ReplyDelete
    Replies
    1. සුමින්දගේ සිත්තරේ හැමදේම, තක්කාලි නැන්දා, තක්කාලි ගෙඩි, අහස මේ හැම දේම ලස්සනයි... ඒත් බලහල්ලකෝ මගේ හැටි.... ආදෙන්කො සුමින්දයා මේ පැත්තෙ....කොහෙ හිටියත් එයාපෝට් හංදියෙන් එපැයි මහපාරට දාන්ඩ.....!

      Delete
  47. This comment has been removed by the author.

    ReplyDelete
  48. @poDDi,

    <<>>>

    ඕවා දාලා, අරුන් දෙන්න මරා ගන්න ගත්තම ඕවයෙ වගකීම ඔයාටම තමය් ගන්න වෙන්නෙ.... හරිය (;-D)

    ReplyDelete
  49. යකෝ මාර කෙලියක්නෙ..
    මොකෑ මේ copy & Paste මගේ වැඩ කරන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඔය වැඩකරන්නෙ ජිල්කොම්පැනිය වගේ සිටි සිටි ගාලා...

      Delete
  50. චැහ් ඔබාට මේක මිස් උනානෙ. [එහෙම නැත්නං ඒකට කො‍ටු දැම්මම මුකුත් ඉතුරු උනේ නැතුවද ?]

    ReplyDelete
    Replies
    1. ඔබා මේ දින වල සිරි දෙසේ සිරි නරඔනවා... ඒකයි මග ඇරුනේ...

      Delete
  51. 01 - බීට්ල් (10)
    02 - හෙන්රි ඩූඩ් (22)
    03 - ඉන්ද්‍රනාථ සර් (23)
    04 - සුමින්ද (21)
    05 - ගයාන් තාරක (18)

    ReplyDelete
    Replies
    1. මේ මොනාද ලකුණුද? කෝ සංවිධානෙට ලකුණු!

      Delete
  52. හැමෝගෙම චිත්තර ටික නියමයි...

    හැබැයි මොකෝ අර ගොඩක් අය යුරෝ දෙකේ වීරයගෙ අත පය බරව හැදිල වගේ ඇඳල තියෙන්නෙ හැබෑටම?

    ReplyDelete
    Replies
    1. පැහැදිලි ඉරිසියාවනේ ආශි.... මෙච්චර කඩවසම් කොල්ලව කාලා නෙ....!

      Delete
  53. ඉන්ද්‍රනාඨ සර්ගෙ චිත්තරේ කකුල් දෙක දැක්කම මට මොකක්දෝ මතක් වෙනවා .

    කුණාටුවකට අහු වෙච්ච පොල් ගස් දෙකක්ද ? නෑ නෑ
    හෝදපු බෙඩ් ශීට් එකක වතුර මිරිකන්න අඹරන හැටිද ? ඒත් නෑ
    හරි හරි. ඒ දෙක නිකන් හරියට අර නයි දෙන්නෙක්ගේ අවංක ආදරයක් වගේ

    ReplyDelete
  54. සේරම චිත්‍ර ලස්සනයි..... බීට්ල් බුද්ධි ව බුද්ධි වගේ ම ඇඳලා තියෙනවා.‍..

    ReplyDelete
  55. ටැංකියු අන්තිම දෙන්නට - මම ඒ වගේ ද රන්දිල්!

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...