2011/11/03

සයිබර් යාය දරුණු හැකර් ප්‍රහාරයකට ලක් වේ

ඊයේ මම දාපු පෝස්ට් එකක් හදිසියේ සින්ඩිවලින් අතුරුදහන් උනා. මොකද උනේ කියලා මම හොයා බලද්දි මගේ හිතවත් යාලුවො වගේකුත් මට කතා කරලා ඒ ගැන ඇහැව්වා.

අන්න නියම යාලුවො!

මම ඒ ලියමනෙන් කියන්න හැදුවේ අපිට ඉරිදියෙදි වෙන්න පුලුවන් උවදුරක් ගැන. ඒ ගැන මට ලියමනකින් දැනුම් දුන්නෙ සයිබර් යායට ලියුම් ලියලා, පහුගිය දා මට කියලා යුරෝ දෙකකුත් හොයාගෙන ඒ ගොල්ලංගෙ අම්මලා එක්ක ස්ථිර පදිංචියට විදේශ ගත වුනු ටිකිරි.

මේ ලියමන අතුරුදහන් උනාට මොකද, ඒ සිද්ධියෙන් මට තේරුනා මං ගැන හොයා බලන සයිබර් යාලුවො ටිකක් මටත් ඉන්නවා කියලා. මේ තියෙන්නෙ ඒගොල්ලගෙන් සමහරෙක් මාත් එක්කලා ඒ ගැන කතා කරපු විදිහ.

මේ ටික මම දාන්නෙ ඒ ගොල්ලංගෙන් අවසර අරන් නෙමේ. ඒ හින්දා “ඇයි මේක දැම්මේ?” කියලා ඇහැව්වොත් කතා බහ කරලා විසඳුමකට එන්න පුලුවන් කියලා හිතෙන කට්ටියකගෙ ඒවා විතරයි මෙතන තියෙන්නෙ. අනිත් අය අමනාප වෙන්ඩ එපා. මො‍කෝ ඒ ගොල්ලත් මගේ හොඳම යාලුවො තමා.

මුලින්ම කතා කලේ, රන්දිල් කන්ස්ට්‍රක්ෂන් හී සමඅයිතිකාරිය වෙන, නිදහස් සිතිවලි ලියන රන්දිල් නෝනා,

“හෙලෝ....”

“මොකෝ අර උයාගේ පෝස්ට් එකට උනේ.....?”

“ඒකනෙ....!”

“මම කමෙන්ට් එකකුත් දැම්මා.... ‍ඩීලිට් කලාද.......? පොඩ්ඩක් හොයලා බලන්ඩ කාගෙන් හරි ඕක හොයා ගන්ඩ බැරි වෙන එකක් නෑ?”

“ඒක තමා මම ටිකක් හොයලා බලන්නංකො......”

ඔය ටිකෙන් පස්සෙ මේ කතාව වෙන පැත්තකට ගිහිං වැස්ස, තිබ්බොටු වෑංජන, උම්බලකඩ වල මිල ගණං, බබා වඩාගෙන තනි අතින් තේ හැදීම වගේ මේකට කෙලින්ම සම්බන්ධ නැති දේවල් වලට හැරුනා. ඒ හින්දා මම ඒ ටික කපලා දැම්මා.
.................

දෙවෙනියට ඒ ගැන හොයා බැලුවේ ඕනවෙලාවක මැන්ටල් හෙවත් ඕනමැන්ටල් බ්ලොග් එකේ අධිපති තුමා ඕනේ මහත්තයා. එයා කතා කලේ ටැලිපෝන් එකෙන් නෙමේ. මේ කතාව තනිකර ගියේ ටයිප් සෙටිං මාර්ගයෙන්.

“මචෝ . .
පෝස්ට් එකක් දාල අයිං කොලාද ?”

“මාර වැඩේනෙ උනේ. මා ගාව කොපියක් වත් නෑ.”

ඔන්න ටිකකින් මිනිහා ලෝකු සීන් එකෙන් මට ආය මෙහෙම කියලා තිබ්බා. හැබැයි ඒ නිවුස් එක නං මට මාර සතුටක් ගෙනාවේ. මොකෝ සාක්ෂිත් එක්කලානෙ තිබුනෙ.

“කොමරිකාවට ගෑස් ප්‍රහාහාරයක් | තවත් ප්‍රහාර දෙකක තොරතුරු හෙලි වේ.
from සයිබර් යාය Cyber yaya by බුද්ධි

“අද උදෑසන සිදුවු ගෑස් ප්‍රහාරයක් නිසා කොව්යෝක් නගරය සම්පූර්ණයෙන්ම දුමෙන් වැසී ඇත. ‍සහන සේවා කණ්ඩායම් වලටත් ලඟා විය නොහැකි මට්ටමේ දරුණු ප්‍රහාරයක් නිසා හානිය අතිමහත් විය හැකිය. කොල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කොමරිකාව මුහුණ දුන් දරුණුම ප්‍රහාරය මෙය බව විචාරකයෝ පවසති.“

හූ හූ . . අපි කියෙවුවා . . . .
උඹ මැකුවට වැඩක් නෑ . . . මගෙ රීඩරේ බඩු හෑවු . . .
.....................


ඊලඟට ඒ ගැන හොයලා බැලුවේ රැවුලයි, තට්ටෙයි දෙකම වවාගෙන ඉන්න කේකේ මහත්තයා, එයා වැඩ රාජකාරී ගොඩක් අස්සෙ මේ ගැන හොයලා බලලා තිබුනා මෙහෙම,

Mokada une?
Ayin kara gaththada?
Prashnayak da?

Cheers,
Kathandara Kaarayaa
....................


මේ සිද්ධි ටික ඔහොම යද්දි අපේ හිත මිතුරු ඔබා මාමයි, මමයි මේකට ගන්න ඕන ඉරිදි පියවරවල් මොනාද කියලා ගැඹුරින් සාකච්ඡා කරකර හිටියේ. තව පොඩ්ඩෙං ඔබා මාමාව ගිලෙනවා සාකච්ඡාවේ ගැඹුර වැඩිකමට. මේ තියෙන්නෙ ඒ සම්පූර්ණ කතාව.

ඒකට කලින් කියන්න තව දෙයක් තියෙනවා. ඒ දැං තත්වේ ගැන.

දැං තත්වය -

මම ඕනයට නිල නිවේදනයක් නිකුත් කලා මගේ ලියමන පුලුවන්නම් ආය එවන්ඩ කියලා. තාම නෑ. මිනිහා තාම දකින්ඩ නැතුව ඇති. හැබැයි මේ වෙද්දි කතන්දර මේ පෝස්ට් එක ගෙඩි පිටින් මට එවලා තියෙනවා. නිවාඩු දවසේ පුලුවන් උනොත් පෝස්ට් එක දාන්නයි ඉන්නෙ.

සොයා බැලූ සියලු දෙනාට තුති!

මේ තියෙන්නෙ ඔබා මාමගෙයි මගෙයි ගැඹුරු සාකච්ඡාව

ඔබා මාමා -

බුද්ධි,
මේ පෝස්ට් එක කෝ? මං කොමෙන්ට් එහෙකුත් දැම්ම, දැන් එක අතුරුදහන්.
කොමරිකාවට ගෑස් ප්‍රහාරයක් | තවත්
ප්‍රහාර දෙකක තොරතුරු හෙලි වේ.

මම -

ඔබා අයියා, (කමෙන්ට් කරද්දි මාමා කියලා කිව්වට ඇත්තට කතා කරද්දි මම කියන්නෙ ඔබා අයියා කියලා. ඕගොල්ලත් පුරුදු වෙන්ඩ. වැඩිහිටියන්ට නියම විදිහට ගරු කරන විදිහ.)

මේ පෝස්ට් එක මම දෙපාරක් අප්ලොඩ් කලා. ඉන්ටනෙට් කනෙක්ෂන් ස්ලෝ මේ දවස්
වල. ඒ හින්දා ලාංකියේ එහෙම හරියට සින්ඩිකේට් වෙන්නැ. දෙවෙනි පාර ලේබල්
ගහලා අප්ලෝඩ් කරන්න යද්දි වැරදීමකින් ඩිලීට් උනා. අපරාදේ......! දැං කරන්ඩ දෙයක් නැ. සොයා බැලුවට තුති.

මීට බුද්ධි.

ඔබා මාමා -


පරාදේ, ලියපු තැන ( වර්ඩ්ස්, ඔෆිස්, වගේ ඒවගේ වත්) සේව් වෙලා නැද්ද? කලේ නැද්ද? යි යි යි යි යි යි.........!!!

මම-

ඔබා අයියා,
මමත් සාමාන්‍යයෙන් වර්ඩ් වල ටයිප් කරලා තමා දාන්නෙ. මේක මට ඊයේ නිකමට ඔලුවට ආපු විකාරයක්. මම එහෙම්ම පෝස්ට් එකක් විදිහට ටයිප් කලා. වැරදීමකින් ඩිලීට් උනාය කියලා තැවෙන්න ඕනෙ නැ. මේ දැං සුබ ආරංචියක් ආවා. අපේ පොදු සතුරා ඕනයගේ රීඩරේ බඩු තියෙනවලු. ස්තුතියි සොයා බලනවට.

ඔබා මාමා -

ඇති යන්තං, ඒ වුනාට තියෙන්නෙ ඕනය ගාවනේ, ඕකට ඔය ටිකම ඇති අවුරුද්දක් කයිය ගහන්න.... හිකිස්!

.................

යුරෝ දෙකේ වීරයා.

ප/ලි -
මොනා නැතත් පොඩි හරි කරදරයක් උනාම, ඒ ගැන හොයා බලන්න මෙහෙම කස්ටියක් ඉන්න එක ගැන මාර සන්තෝසයි අප්පා!

38 ක් කියන්නේ !:

  1. මමත් කලබලෙන් කොමරිකාව කියෙව්වා පස්සෙ කමෙන්ට් කරන්නම් කියලා..දැනුයි දන්නෙ බඩු නෑ කියලා.. හෆොයි ! දැන් ඔය තියෙන තැනකින් අරන් දමන්න !

    ReplyDelete
  2. ආ.. මන් හිතුව මට විතරයි බලන්ඩ බැරි කියලා. මදැයි එහෙම අවුලක් කියලා දැනගෙන හිටියේ නෑ. කව්ද දන්නේ බුද්ධි නුවනක්කාරයන්ට විතරක් පෙනෙන පොස්ට් එකක් දාලද කියලා. එනිසා සද්ද නෙතුව හිටිය. කොහොම හරි වැඩේ ගොඩ දාගත්ත එක ලොකු දෙයක්.

    ReplyDelete
  3. ආයෙත් අලාභහානියක් උනොත් කියන්ඩ. මගේ ගූග්ල් රීඩරෙත් මේකේ බඩු තියෙනවා.

    ReplyDelete
  4. ඕනය කයිය ගැහුවට ඕකගේ රීඩරේ මගුලක් වත් නැතුව ඇති, නැත්තං මෙලාකට එවන්න එපෑ. මගෙ රීඩරෙත් තිබුන මාතෘකාව විතරක් නං. ඒකට කොටපුවාම ගුගලය ඉංග්‍රීසියෙන් කුණුහබ්බ කියනව.

    ReplyDelete
  5. චූටි මහත්තයා හැම තිස්සෙම එක, එක දේවල් කරන හන්දා මම නම් හිතුවෙම මොනා හරි සංසෝදන වගයක් සිද්ධවෙනවයි කියලාමයි. හොඳ වෙලාවට මේලක් යැව්වේ නැත්තේ. යැව්වානම් ඔක්කොම ඉස්සරහා ලීව ඒවා දමනවානේ. හැමෝම දකිනවත් එක්ක...:D

    මෙන්න ලියලා අහන ජාති.

    'ඒයි බුද්ධියෝ මොකෝ කෙහෙල් කොටුවට වෙලා තියෙන්නේ? ඇයි අනේ ඔයවගේ කල්පනා නැති වැඩ කරන්නේ? මම ඔයාට කීපාරක් නම් කියලා තියනවද? හා හා දැන් ඉතින් ඇඬුවා ඇති. හොඳ ලමයා වගේ ගිහින් මැරියන්ගෙන් මං කීවා කියලා උම්මා එකක් ඉල්ලගෙන එන්ට.

    අපිත් තාම හොඳ යාලුවෝ හරිද? අපිට ලිඛිතව ඔප්පු කල හැකි සාධකද ඇත...:D:D:D

    ReplyDelete
  6. mayyath oya kiyana post eka kiyeewwa...awlak ne..dan kohoma hari hamba welaane...jaya wewa

    ReplyDelete
  7. අපොයි මාත් ඇවිත් බැලුවා.මං එනකොට බඩු නෑ. මං හිතුවා ඔයාට වැරදිලා පබ්ලිශ් වෙන්න ඇති ඒ නිසා අයින් කරගන්න ඇති කියලා. :O
    ඇත්තටම මොකද වුනේ.?
    බ්ලොගර් එකේ සෙටින්ග් එකක් තියෙන්නෙ අප්ලෝඩ් කලාම පෝස්ට් එක මේල් එකට එන විදිහට හදාගන්න පුලුවන් එකක්. එහෙම හදලා නැතැයි..???

    ReplyDelete
  8. අඩේ මාත් ඕකට කොමෙන්ට් කෑල්ලක් දැම්මනෙ. අද උදේ බලද්දි බඩු නෑ. මං හිතුවෙ බුද්ධි කොමරිකාවෙන් පැහැරගෙන ගිහිල්ල කියල.

    ReplyDelete
  9. අනේ බොල, පුළුවන් නං මේකත් මැකුනා කියහං..... අරකටත් මං අගේ ඇති කොමෙන්ට් එකක් ලිව්වා කියලා තමයි මට මතක...... :D

    ReplyDelete
  10. හප්පා, බලාගෙන යනකොට මගේ මෙව්වා එකේ ඇරෙන්න අනිත් ඔක්කොගෙලාම රීඩර් වල මේක තිබිලනෙ....?

    දැං කට්ටිය පෝලීමට එවනවා "මගෙත් තියෙනවාය, මගෙත් තියෙනවාය" කියලා.

    සිරාවට මම දන්නැති හින්දා අහන්නෙ ඔය රීඩරෙ කියන්නෙ මොකද්ද? අවුරුද්දක් හමාරක් බ්ලොග් ලියනවා තාම ඒක දන්නැනේ. ලැජ්ජාවේ බෑ.

    ඒක පැත්තකින් තියමුකෝ, මේකෙ තේරුම මොකද්ද කියලා මට කව්රු හරි කියනවද, තව මොනාද හෙනට ටයිප් කොරලා මේ ටික මට ලියලා එවලා.

    i am still your friend....:D

    මට තේරෙන හැටියට නං ‍මුන්දැ කියලා තියෙන්නෙ,
    මෙතනිං අපේ යාලුකම ඉවරයි කියලද කොහෙද! මුල ටිකේ තියෙන්නෙ හොඳටම බැනපු කෑලි වෙන්ඩැ කියලා මම ඒටික දැම්මෙ නැ.

    ඉතිං මං මේක හිතලා මකා ගත්තා යැයි මාත් එක්ක තරහා වෙන්ට.....

    ReplyDelete
  11. මමත් ඕක දානකොටම කියෙව්වා. ඒ කරලා හොඳ යෝජනා ටිකකුත් එක්ක කමෙන්ට් එක ලියලා පබ්ලිෂ් කලා විතරයි.මෙන්න අර මෙලෝ රහක් නැති මෙසේජ් එක ආවා. මම හිතුවා මේක නම් බුද්දීයගේ ගරිල්ලා මාකටින් පාරක් තමයි. අහුවෙන්න නරකයි කියලා. මොකද ඒ වෙලාවෙ මේකා බුකියෙත් හිටියානෙ. හැබැයි පස්සෙ හිටියෙ නැහැ. හොඳ වෙලාවට මොනවත් ඇහැව්වෙ නැහැ. එහෙම උනා නම් මේකාගෙ “අන්න නියම යාළුවෙක්“ වෙලා සායම ඇරගන්නවානෙ අර පොඩි කුමාරිහාමි කිව්වා වගේ. නූලෙන් බේරුණා

    ReplyDelete
  12. හරි හරි, රීඩරේ කියන්නෙ මොකද්ද කියලා මම දැන් දන්නවා.... කව්රුත් මට කොල් කරලා පැහැදිලි කරලා දුන්නෙ නැ හොඳේ..

    ReplyDelete
  13. If you add your self as a follower in your own blog, then your reader will cache the content.

    Reader is accessible via Dashboard.

    ReplyDelete
  14. ඉෂාර,
    එහෙනං යෝජනා ටික ඉදිරි දින වලදි දාන්ට ලැස්ති පිට ඉන්ඩකො.

    ..........

    ඒකත් එහෙමද කතන්දර,

    මං හිතාගෙන උන්නෙ මගේ බ්ලොග් එක මම ෆලෝ කරන එක ලැජ්ජාවට කාරණයක්ය කියලා. දැං ඒකත් කරන්නංකො. ස්තුතියි පැහැදිලි කලාට.

    ReplyDelete
  15. ඇයි බොල මම උඹට නෝට් පෑඩ් ෆයිල් එකක් විදියට එවුවෙ බුකියෙං . . . ‍තෝ මට පොස්ට් එක එවන්න කියල බුකියෙ මැසේජ් එකක් එවපු වහාම. මම ඒකෙම කිවුව බුකි මේල් එකෙං ගන්න බැරි නං මට උඹේ ඊ මේල් ඇඩ්ඩ්‍රස් එක එවන්නය කියලත් . . .

    මේ තියෙන්නෙ සංවාදය ගෙඩිපිටිං
    *************
    Buddhi Prasadh 5 hours ago
    ලියමන ම‍ට එවහංකො. වෙලාවක ආය දාන්ඩ

    Dulip Sikurajapathy 3 hours ago
    ඔන්න . . . හරිද බලපං .. . . නැත්නං මට උඹේ ඊ මේල් ඇඩ්ඩොස් එක එවහං . . . .
    මතක ඇතුව බ්ලොගේ බැකප් එකකුත් දාගනිං . . අන්න දුකා අයියගෙ බ්ලොගට කෙලවිලා
    buddhi.txt

    ReplyDelete
  16. ඕනේ,
    ඒක හරි. ස්තුතියි.

    හරි උඔ මේ ගැන මොකද කියන්නෙ, සමහර විට උඔ මේ ටික නොදැක්කා වෙන්ඩ ඇති

    ඔබා මාමා -

    ඇති යන්තං, ඒ වුනාට තියෙන්නෙ ඕනය ගාවනේ, ඕකට ඔය ටිකම ඇති අවුරුද්දක් කයිය ගහන්න.... හිකිස්!

    ReplyDelete
  17. ඕනේ,
    හරි බන්. මම අවංක චේනතාවෙන් කිව්වෙ උඔ නොදකින්න ඇති කියලා. දැං මේ ප්‍රස්නෙට මුලත් කනෙක්ෂන් ස්ලෝ එකනෙ. ඒක 6 වෙනිදා වෙනතුරු බලපැවැත්වෙනවාලු. ඉතිං මම දෙක තුනක් ඕපන් කරගෙන නෑ. ඒකයි අරක මිස් උනේ.....

    ආ....මේං පොං එකටත් ඒකම එවලා....අනේ මෙහෙමත් යාලුවො ඉන්නවනං රටක් උනත් අල්ලන්ඩ බැරියැ.

    ReplyDelete
  18. අයියෝ.....
    අපේ රීඩරෙත් තිබුන....
    මම හිතුව මගේ ප්‍රමාදදෝශයක් කියල....

    ReplyDelete
  19. උස්සනවා අත් දෙක . නගිනවා ජීප් එකට. මඩ ගහලා පෝස්ට් දානවා මදිවට බොරුවට ඒවා මකලා දැන් බාබා වෙන්න හදන්වා. අපි ගාවත් පෝස්ට් එක තියෙනවා ගූගල් රීඩරේ මම දැන් තමා මේ පෝසට් එක දැක්කේ

    ReplyDelete
  20. ඒ පොස්ට් එක මමත් කියවලා බැලුවනේ...

    ReplyDelete
  21. මාත් නම් හිතුවේ බුද්ධිගේ මාකටින් වැඩක් කියලයි . ඔයින් ගියා මදැයි

    ReplyDelete
  22. ඔය කියන පොස්ට් එක මට බලන්න වුනේ නැහැනේ
    ආපහු දාපන්කෝ හොඳ චුටි මහත්තයා වගේ... :)

    ReplyDelete
  23. අපි ඉතින් එද්දි වෙන්න ඕනා සේරම වෙලා ඉවරයි....රෑ දෙගෝඩ හරියේ එද්දි සලකුනක් විතරයි තිබුනේ

    ReplyDelete
  24. වෙලාවට ඕක පේන්නෙ නැත්තෙ. නැත්තං ඉතන් බලන්න තිබ්බ, බලල බයින්නත් තිබ්බනෙ :D

    ReplyDelete
  25. මාත් කාගෙදෝ ලිංක් එකකින් අවා.. එනකොට මෙන්න පොස්ට් එක නැ..

    ReplyDelete
  26. මං දන්නෑනෙ මෙච්චර සීන් එකක් වෙච්ච බව. හැබැයි මගෙ මුලු බ්ලොග් එකම අතුරුදහන් වෙලා තිබ්බ ගිය මාසෙ. ඔය ගැන මාත් සෙවිල්ලෙන් ඉන්නෙ. කරුමෙට දැන් මටත් පාවිච්චි කරන්න වෙලා තියෙන්නෙ පබ්ලික් පීසී එකක්නෙ.
    henryblogwalker the dude

    ReplyDelete
  27. ඒක තමා මාත් බැලුවේ මොකෑ උනේ කියලා.

    ReplyDelete
  28. ලොක්කා. . . රීඩරෙං මුලු පෝස්ට් එකම කියවන්න බැරිනං . . වහාම ඉල්ලන්න උදවු . . . .
    Thanks & Regards,
    Dulip Sikurajapathy

    පල පල යන්න මං නොදන්න රීඩරේ
    Observer

    ReplyDelete
  29. හොඳ වෙලාවටය මම බිසී වෙලා තිබුනේ. වැරදිලාවත් මේ පැත්තේ ආවා නං මාත් හොඳටෝම කලබොල වෙන්නට තිබුනේය. බ්ලඩ් පෙසැර් උග්‍රවී කෙළියක් වෙන්නට හොඳටෝම ඉඩ තිබුනි.

    මාතෘකාව දැක්කම මයෙ බඩපපුව දාල ගියා අපේ ගෙදර උන්දෑ එක වංගියක් මගෙ බ්ලොග් පඩංගුව ආක්‍රමණය කොලා වගේ මැරුයනුත් බැටේ දීලද කියල හිකිස් යැ !

    ReplyDelete
  30. ඔබා අයිය . . මට වෙලාවකට උබන්‍ටු මතක් වෙනව . . . හොඳ වෙලාවට මම මේල් ඩිලීට් කරන්නෙ නැතුව ෆෝල්ඩර් හදල දාගන්නෙ.

    ReplyDelete
  31. ශියළ්ළන්ඨම ඉෂ්ථුථියි !

    ReplyDelete
  32. බුද්ධි හැමෝටම ඉෂ්තුති කොරා කියන්නේ දැන් මෙතන කොමෙන්ට් දාන එක නං හරි නැහැ ඒත් ඉතින් ඕනයට උත්තර නොදුන්නොත් එකත් හරි නැහැනෙ.

    බොල ඕනයෝ, උබන්ටු කියන්නේ මොකද්ද කියල ඇහුවෙ, දන් නැතුව කියලද බොගෙ හිතේ? අබ ඇටයක් විතර තියෙන උඹේ මොලේ ටිකක් වෙහෙසල බලහං.
    හැබය් අයිනකට වෙලා. මොකද,මොලේ කියල උඹ හිතා ඉන්න එකේ ගියර් ක්‍රෑෂ් වෙලා අත පය එලියට දැම්මොත්, වට පිට ඉන්න එවුන්ට කක්ක නාන්න වෙයි.

    වැඩිය කයිය ගහන්න ආවොත්, මගෙ ගාව තියෙනව උඹ අර බස් එක යන දිහාව අහල අඬපු ඊය එහෙම.

    ReplyDelete
  33. ඒකට ඔබා මාමා වගේ වැඩිහිටියන්ට අපි ඕනැ වෙලාවෙක දොර ඇරලා තියෙන්නෙ.

    ඒක නෙමේ නියම විදිහට වැස්සෙ නාන්න හෙට එන්න සයිබර් යායට

    ReplyDelete
  34. බුද්දි අයියා මගේ රීඩරේ තියෙනවා පෝස්ට් එක ඕනෙද?

    ReplyDelete
  35. ශුවර් එකට මේක අර ඇනෝනිමස් කියන හැකර් ගෲප් එකේ වැඩක් වෙන්න ඕනා

    ReplyDelete
  36. මෙවන් මිතුරෝ වෙන කොයින්දා ???

    ReplyDelete
  37. ඇත්තටම මොකක්ද බන් රීඩරේ කියන්නෙ ? මාත් දැන් අවුරුද්දක කාලයක් ඉඳන් මේ බ්ලොග් ගල් එක්ක ඔට්ටු වෙනවා ඒත් තාම ඕක දන්නෑ..

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...